ඇඟළුම් දත්ත පද්ධතියෙහි සෙවීම
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
ඓතිහාසික පර්යාලෝකනය
සාම්ප්‍රදායික වශයෙන්ම ශ්‍රී ලංකාවෙහි කෘෂි-ආර්ථික රටාවක් පැවතෙයි. වසර 2000 තරම් දක්වා දිවෙන එහි ලිඛිත ඉතිහාසය මෙයට බොහෝ වූ සාක්ෂි සපයයි.
යුරෝපයේ කාර්මික විප්ලවය ඇරඹීමත්, පසුව ලෝකයේ අනෙකුත් කොටස් වලට එය ව්‍යාප්ත වීමත් සමගම ශ්‍රී ලංකාවටද එම රාමුවෙහිම ස්ථානගත වීමට සිදු විය.
විශේෂයෙන්ම පසුගිය දශක කිහිපය පුරා සමස්ත ලෝකෙයහිම සීඝ්‍ර විපර්යාසයක් අත්දුටු බැවින් ගෙවුනු පසුගිය කාල වකවානුව මුළුල්ලේ, සංවර්ධනය වෙමින් පවතින රටවල රජයයන්ගේ භූමිකාවන්ද පූර්ණ වශයෙන් වෙනස් වී තිබේ.
රාජ්‍ය අංශය විසින් කාර්මික සංවර්ධනය මෙහෙයවූ කාල පරිච්ඡේදයක් ශ්‍රී ලංකාවෙහි තිබිණ. පසුව මෙය අර්ධ රාජ්‍ය හෝ සංස්ථා අංශයන් දක්වා ක්‍රමිකව විතැන් වීම ඇරඹිණ. මෙම යුගයන්හිදී යම් වර්ධනයක් පෙන්නුම් කළද එය අපේක්ෂා කළ තරම් වේගවත් නොවීය. ඒ අනුව 1977 දී ශ්‍රී ලාංකීය ආර්ථිකය තුළ සැබෑ විප්ලවීය වෙනසකට මං පෑදුණි.
නිදහස් වෙළෙඳාමට, ප්‍රබල නොවූ මිල පාලනයට, අවම වූ ආනයන තීරු බදු වලට සහ පුළුල් අර්ථයෙන් ගත් කල විවෘත ආර්ථික රටාවට ප්‍රවේශ වීමට සඳහා ශ්‍රී ලංකාව සිය සීමාවන් ලිහිල් කළේය.
මෙහිදී ශ්‍රී ලංකාව සතුවූ ප්‍රබලතම ශක්තීන් ත්‍රිත්වය වූයේ
සුලභව පවතින, පහසුවෙන් ලබාගත හැකි පිරිවැයෙන් අඩු වූ ශ්‍රමය
යටිතල පහසුකම් හා බදු සහන වැනි උපකාරී තත්ත්වයන්
නිපුණතාව හා සාක්ෂරතාව යන දෙ අංශයෙන්ම සන්නද්ධ ශ්‍රම බලකාය
දේශීය මෙන්ම විදේශීය අායෝජකයන්ට විවිධාකාර වූ සහනයන් සුලභ කරමින් නිදහස් වෙළෙඳ කලාප සහ අපනයන සැකසුම් කලාප ස්ථාපනය විය. ’’සියල්ල එක වහළක් යටින්’’ (one-stop shop) යන සංකල්පය අනුව විදේශීය ආයෝජකයන්ට සහාය වීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (පෙරදී මහ කොළඹ ආර්ථික කොමිසම යනුවෙන් හැඳින්වූ) ඇති කරන ලදි.
අායෝජන මණ්ඩල කලාප වලින් බැහැරව ඇති ආයතන වෙත සියළුම ආයෝජන මණ්ඩල පහසුකම් සහ සහනයන් සහිතව බලපත්‍ර ලබාදීම අයෝජක-හිතවාදී වටපිටාව තවදුරටත් ශක්තිමත් කිරීමක් බඳු විය.
වත්මන් තත්ත්වය
තේ, රබර්, පොල් හා අභරණ යනාදිය ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික අපනයනයන් වුවත්, මේ සියල්ල අභිබවා යාමට ඇඟළුම් කර්මාන්තය සමත් වී තිබේ.
2001 වර්ෂයේ ජාතික අපනයන ආදායම් වාර්තා මීට සාක්ෂි සපයයි. 2001 දී සමස්ත ඇඟළුම් අපනයන ඉපැයීම් ප්‍රමාණය
ඇමරිකානු ඩොලර් බිලියන 2.333 ක් වූ අතර දෙවන තැනට පත්වූයේ ඇමරිකානු ඩොලර් මිලියන 690 ක් ඉපැයූ තේ ය. මෙයින් පැහැදිලිවම ගම්‍ය වනුයේ ඇඟළුම් වනාහි ශ්‍රී ලංකාවට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් උපයා දෙන්නා වූ කර්මාන්තය බවයි. එබැවින් ශ්‍රී ලංකා ආර්ථිකයට එහි ඇති වැදගත්කම කිසිසේත් අවතක්සේරු කළ හැකි නොවේ.
2001 වසර වන විට රැකියා නියුක්ති දත්තයන් පහත පරිදි වේ.

ශ්‍රී ලාංකීය ඇඟළුම් කර්මාන්තය වනාහි මෙම දූපත් දේශයෙහි දළ ජාතික නිෂ්පාදිතය කෙරෙහි විශාලතම දායකත්වය සපයන්නා වෙයි. ඒ වසර 2000 දී 6% ක් සහ 2001 දී 5.6% ක් වශයෙනි.
යම් කෙනෙකු ශ්‍රී ලංකාවේ ඇඟළුම් නිපැයුම් කරුවන්ගේ සංයුතිය සහ ඒ ඒ ආයතනයට අදාළ නිෂ්පාදන දත්ත සලකා බලයි නම් සුවිශේෂී ස්වභාවයක් ඉන් හෙළිදරව් වන බව පෙනෙනු ඇත. එනම්
කර්මාන්තයේ සමස්ත ආදායමෙන් 72% ක්ම උපයන්නේ ඇඟළුම් අපනයනකරුවන් 12% ක් බවත්
ඉතිරි 28% ක ආදායම සඳහා ඇඟළුම් අපනයනකරුවන් 88% ක්ම දායක වන බවත් ය.
ශ්‍රී ලාංකීය ඇඟළුම් කර්මාන්තය දළ වශයෙන් නිෂ්පාදන ආයතන 800 කින් පමණ සමන්විත වන අතර එයින් 75% ක් 80% ක් අතර ප්‍රමාණයක් කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායන් වශයෙන් ශ්‍රේණි ගත කොට ඇත.
2001 වසරේදී නිපදවූ සමස්ත ඇඟළුම් ඒකක ප්‍රමාණය කැබලි බිලියන 2.45 ක් විය. මෙවන් පසුබිමක් යටතේ අපට දක්නට ඇත්තේ දැවැන්ත ආයතන සමග කුඩා නිෂ්පාදකයින් තරඟකිරීමකි. එය අවම රාජ්‍ය මැදිහත් වීමක් හමුවේ සිදුවන සුසංයෝගී තරඟකාරීත්වයකි. නිපැයුම්කරුවන්ගේ මෙම සම්මිශ්‍රණය විදේශ ආයෝජකයින් හමුවේ යහපත් ප්‍රතිරූපයක් ඇති කරවයි. මන්දයත් මේ සෑම දෙනෙක්ම තම තරඟකරුවන්ට වඩා සාර්ථක වීමට ප්‍රයත්න දරන අතරම තම මෙහෙයුම් වාඩාත් වෘත්තීයමය, ඵලදායී සහ කාර්යක්ෂම තත්ත්වයකට පරිවර්තනය කරගැනීමට සෑම උත්සාහයක්ම දරන බැවිණි.
පරිසරය, සේවක ශුභ සාධනය, සදාචාරවත් වෙළෙඳාම ආදී ප්‍රස්තූතයන්ට ඇඟළුම් ක්ෂේත්‍රයේ මූලික වැදගත් කමක් හිමිවේ. වත්මන් ඇඟළුම් සේවකයින් වනාහි මනා සේ පුහුණුව ලත්, පරිසරය පිළිබඳ වඩාත් සවිඥානික, හොඳ වැටුපක් හිමිවන, ඉහළ පක්ෂපාතීත්වයක් දක්වන හා පුද්ගලික, සමාජීය හා ශුභ සාධන ප්‍රතිලාභ රැසකට හිමිකම් කියන පිරිසකි.
ප්‍රධාන සන්නම් (ෙල්බල්) වලින් බොහොමයකට අදාළ නිපැයුම් ශ්‍රී ලංකාවේම නිපදවනු ලබයි. අනිකුත‍් දේ අතර මීට ටොමී හිල්ෆිගර්, වික්ටෝරියාස් සීක්‍රට්ස්, වෑන් හුසේන්, නෙක්ස්ට්, ට්‍රයම්ප්, බී එච් එස්, ලන්ඩන් ෆොග්, ගැප්, ඇබර්ක්‍රොම්බි ඇන්ඩ් ෆිච්, මාක්ස් ඇන්ඩ් ස්පෙන්සර්, ලිස් ක්ලෙයාර්බෝන් සහ ජොන්ස් නිව් යෝක් ඇතුළත් වේ.
සංවර්ධනය වන ජාතියක වුවද ශ්‍රී ලංකාවට පහත සඳහන් වාසිදායක තත්ත්වයන් හිමිව තිබේ.
- උසස් ජාත්‍යන්තර පාරිභෝගික පදනමක්
- ගුණත්වයෙන් යුත් නිපැයුම්කරුවකු ලෙස පිළිගැනීමක්
- ජාත්‍යන්තර කම්කරු රෙගුලාසි සමග දැඩි ලෙස අනුගත වීම
- තරඟකාරී මිළ ගණන්
- නියමිත වේලාවට නිපැයුම් බෙදාහරින්නකු ලෙස ඇති පිළිගැනීම
- විනය ගරුක, නිපුණ එමෙන්ම පුහුණු කළ හැකි ශ්‍රම බලකාය
අනෙක් අතින් ගත් කල ශ්‍රී ලංකාව යනු ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපියානු සංගමයේ වෙළෙඳ පොළවල් කෙරේ දැඩි සේ විශ්වාස කරනා භූගෝලීය වශයෙන් තරමක් දුරස් රටක් ලෙස සැලකීමට ද හැකිය. එතෙකුදු වුවත් ගෝලීය ගම්මාන සංකල්පය යන සංදර්භය තුළ භූගෝලීය දුර යනු සැබැවින්ම ගණනට ගත යුතු දෙයක් නොවේ. ඇමරිකා එක්සත් ජනපදය හා යුරෝපියානු සංගමය මත තබා ඇති විශ්වාසය පැවතුනද ශ්‍රී ලංකාව පසු කාලීනව ඇගේ සේවාලාභී පදනම පුළුල් කරමින් සිටින්නීය.
ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය අද වන විට සෑම දර්ශකයක් අතින්ම කැපී පෙනෙන මට්ටමක පවතින අතර මෙම තත්ත්වය අඛණ්ඩව වර්ධනය වනු ඇත. තවද අපනයන සංවර්ධන මණ්ඩලය, රජයේ සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන කාර්මික මූලාරම්භයන් සහ පුද්ගලික සාමාජිකයන්/ඇඟළුම් කර්මාන්තයේ එක් එක් ඒකකයන් සහ එක් එක් පුද්ගලයන්/ඇඟළුම් කර්මාන්තයේ එක් එක් ඒකකයන් විසින් ගනු ලබන ක්ෂුද්‍ර මූලාරම්භයන් වැනි විශේෂිත නියෝජිතායතන ඇතුළුව රජයේ වැඩි ක්‍රියාකාරී සහභාගීත්වය මෙහිදී විශේෂයෙන් පවතී.
ආරම්භයක් වශයෙන් ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය ලංකාවේ ඇඟළුම් කර්මාන්තය සම්බන්ධීකරණය, පවත්වා ගෙන යාම සහ සංවර්ධනය කිරීම උදෙසා වන අග්‍ර ආයතන ලෙස 2002 නොවැම්බර් මසදී ස්ථාපිත කරන ලදි. එතෙක් පහත සඳහන් සංගම් ද ඇතුළුව විශාල සංගම් ගණනාවක් මගින් ඇඟළුම් කර්මාන්තය නියාමනය සහ සම්බන්ධීකරණය සිදුකරන ලදි'
- ශ්‍රී ලංකා ඇඟළුම් අපනයන කරුවන්ගේ සංගමය
- නිදහස් වෙළෙඳ කලාපීය නිෂ්පාදකයන්ගේ සංගමය
- ජාතික ඇඟළුම් අපනයන කරුවන්ගේ සංගමය
- ඇඟළුම් අපනයනකරුවන්ගේ ශ්‍රී ලංකා මණ්ඩලය
- ශ්‍රී ලංකා ඇඟළුම් ගැනුම් කාර්යාල සංගමය
|
|
මෙසේ ඒකාබද්ධ ඇඟළුම් සංගම් සංසදය ස්ථාපිත කිරීමත් සමග පහත සඳහන් කාර්යයන් ඇතුළුව ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයේ කටයුතු බාධා රහිතව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය වන සියළු ක්‍රියාකාරකම් ඒකාබද්ධ ඇඟළුම් සංසදයේ විවිධ උප කමිටු මගින් ඉටු කරනු ලබයි.
- ඒකාබද්ධ කිරීම
- ද්වීපාර්ශවික/බහු පාර්ශවික වෙළෙඳාම
- මානව සම්පත් සංවර්ධනය
- ලොජිස්ටික්ස්
- අළෙවිකරණය/ ප්‍රතිරූප ගොඩනැංවීම යනාදිය
මේ සෑම අනුකමිටුවකම ප්‍රධානත්වය කර්මාන්තය තුළ දිගු පළපුරුද්දක් ඇති පුද්ගලයන් විසින් උසුලනු ලැබේ.
අනාගත උපායක්‍රම
2005 වසරේදී කෝටා ක්‍රමය ඉවත් කිරීම, කලාපීය වෙළෙඳ ඒකකයන් ඇති කිරීම, වෙළෙඳ ගිවිසුම්, විශ්ව සිල්ලර කර්මාන්තයේ වෙනස්වන ප්‍රවණතා මෙන්ම ලෝක වෙළෙඳ සංවිධානයට චීනය ඇතුළු වීමත් ඇතුළුව ගෝලීය පරිසරය තුළ මුහුණ දීමට සිදුවන කවර හෝ වෙනසකට මුහුණ දීම සඳහා ඇඟළුම් කර්මාන්ත පියවර ගෙන තිබේ.
රජයේ සහ අපනයනාභිමුඛ විශේෂඥ නියෝජිතායතනයන් යන පාර්ශවයන්ගේ එකඟතාවය සහිතව කෙටි කාලීනව සහ දිගු කාලීනව පහත සඳහන් දෑ සපුරාගැනීම උදෙසා ඇඟළුම් කර්මාන්තය විසින් සැලසුම් සංවර්ධනය කරනු ලැබේ.
- වර්තමානයේ පවත්නා ඇමරිකානු ඩොලර් බිලියන 2.3 ක පිරිවැටුම 2007 වන විට ඇමරිකානු ඩොලර් 4.5 ක් දක්වා වැඩි කිරීම
- හුදෙක් සපයනු ලබන්නා වෙත නිපැයුම් කරන්නෙක් වීමේ භූමිකාවෙන් පූර්ණ ඒකාබද්ධ සපයන්නෙක් බවට කර්මාන්තය පරිවර්තනය කිරීම
- ඉහළ වෙළෙඳපොළ කොටස් කරා ප්‍රවිශ්ඨ වීම
- තාක්ෂණික දැනුමින් තනි තනි පුද්ගලයන් සවි බල ගන්වමින් නව වෙළෙඳපොළ හඳුනාගනිමින් පවත්නා පරිපාටි සංවිධිත කරමින් සහ ඵලදායකත්වය සහ නිපැයුම් ක්‍රියාවලිය වර්ධනය කරමින් ක්‍රියාත්මක වීම සඳහා කර්මාන්තය ඒකාබද්ධ කර සවිමත් බවට පැමිණවීම.
වර්තමාන ඇඟළුම් අපනයන්ගේ බෙදාහැරීම සමන්විත වනුයේ සැපයුමෙන් 40% ක් වට්ටම් වෙළද සැල් වලට, 50% ක් සාමාන්‍ය වෙළෙඳසැල් (department stores) සහ 10% ක් විශේෂ වෙළෙඳසැල් වලට වශයෙනි. (සන්නම් සහිත නිපැයුම් ද ඇතුළුව).
මෙම අළෙවි මිශ්‍රණය වට්ටම් වෙළෙඳසැල් සම්බන්‍ධයෙන් 10% - 30% දක්වාත් සාමාන්‍ය වෙළෙඳසැල් 60% සිට 70% දක්වාත් වන මට්ටමකට වග කියනා තත්ත්වයට වෙනස් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. නිමැයුමෙන් 20 % දක්වා වන ප්‍රමාණය සන්නම් සහිත නිපැයුම්ද ඇතුළුව විශේෂ වෙළෙඳසැල් වල අවශ්‍යතා සම්පාදනය වෙනුවෙන් විය යුතුය.
විශේෂිත නිෂ්පාදන ප්‍රවර්ගයන්ට අවධානයක් යොමු නොකර ශ්‍රී ලංකාව වර්තමානයේදී ඇඟළුම් සම්බන්ධයෙන් සියළු පරාසයන්හි නිෂ්පාදනයේ යෙදේ. කෙසේ වෙතත් නිපුණ, පුහුණු සහ පළපුරුද්ද සහිත ශ්‍රම බලකාය සමග සම්බන්ධ වී ඇති, දිනෙන් දින සංකීර්ණ වන වෙළෙඳපොළ සමග ශ්‍රී ලංකාව විශේෂිත නිෂ්පාදන පෙළවල් හි සුපිරි නිපැයුම්කරුවකු ලෙස ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති කර ගැනුම උදෙසා සිය නිපැයුම්/නිමැවුම් විශේෂිතකරණයට ලක්කිරීම පිළිබඳව ගැඹුරින් සළකා බලමින් සිටී.
කෝටා රහිත කාල පරිච්ඡේදයකට මුහුණ දිය හැකි වන සේ කර්මාන්තය ඒකාබද්ධ සහ සවිමත් කිරීම උදෙසා (2005 ට පසු) දේශීය නිපැයුම්කරුවන්හට විශ්වාසවන්තව එමෙන්ම
ජාත්‍යන්තර වෙළෙඳපොළෙහිදී තරඟ කිරීමට හැකි වන ලෙස, එමෙන්ම ඔවුන් හට විධිමත් උපදෙස් හා මාර්ගෝපදේශයන් ලබාදීම උදෙසා දැඩි අවධානයක් යොමු කෙරෙනු ඇත.
වොෂින්ටන්, ලන්ඩන්, බ්‍රසල්ස්, ෂැංහයි, ටෝකියෝ මෙන්ම දිල්ලිය වැනි ප්‍රධාන ජාත්‍යන්තර ඇඟළුම් වෙළෙඳපළවල් වෙත ප්‍රබල මැදිහත් වීමක් ඇතුළු තවත් බොහෝ උපායක්‍රමික මූලාරම්භයන් සංවර්ධනය කෙරේ. දේශීයව මෙන්ම ජාත්‍යන්තරවද කර්මාන්තයේ ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම, වරාය/රේගුව යන ස්ථානයන්හි ඉලෙක්ට්‍රොනික් දත්ත හුවමාරුව තවදුරටත් සංවර්ධනය කිරීම, යටිතල පහසුකම් සහ උපකාරක සේවා සංවර්ධනය කිරීම සිදුවේ.
මෙහිදී දැඩි අවධානය යොමු කරනා අනෙකුත් කරුණු වනුයේ කම්කරු අයිතිවාසිකම් අහිමි වීමකින් තොරව ආයෝජන හිතකාමී ලෙස කම්කරුවන් භාවිතා කිරීම සඳහා කම්කරු නීති ප්‍රතිසංස්කරණය කිරීම, උපයෝගී ද්‍රව්‍ය පිරිවැය පහත හෙලීම, වෙළෙඳෙපාළ ශක්තිය වර්ධනය කිරීම, නව සහ වැඩි දියුණු කරන ලද තාක්ෂණය වෙත ආයෝජනය කිරීම සහ ඵලදායිතාව වර්ධනය කිරීම යනාදියයි. මේ වනාහි අදියර පදනමින් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කෙරෙනා සැලසුම් සහ උපායක්‍රමයන්ය.
ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තය අභියෝග භාරගැනීමට සූදානමින් සිටී. සැබැවින්ම ශ්‍රී ලංකාවේ ඉහළම මට්ටමේ ව්‍යවසායකයන්ගෙන් සමහරක් ඉහළ ඉල්ලුමක් වෙළෙඳපොළ සඳහා ඇඟළුම් නිපයෙනා ව්‍යවසායකයන්ව සිටිති. මෙම කර්මාන්තය අපේ ආර්ථිකයට දක්වන වැදගත් කම සලකා බලන විට ඔවුන් සාර්ථකත්වය ලැබිය යුතු බව අවිවාදිතය.
අනෙකුත් ආශ්‍රිත සම්බන්ධතා
Joint Apparel Association Forum (JAAF)
16, ද ෙෆාන්සේකා පාර, කොළඹ 05
දුරකථන: +94 11 4528495/4528494
ෆැක්ස්: +94 11 452848
ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ සංගමය
45, රොස්මීඩ් පෙදෙස, කොළඹ 7
දුරකථන: +94 11 2675050/2670778
ෆැක්ස්: +94 11 2683118
විද්‍යුත් තැපැල් ලිපිනය: sl-apparel@sltnet.lk
ජාතික ඇඟළුම් අපනයන කරුවන්ගේ සංගමය
106/4, දුටුගැමුණු වීදීය, කොහුවල
දුරකථන: +94 11 4403710
ෆැක්ස්: +94 11 4403710
විද්‍යුත් තැපැල් ලිපිනය: 200gfp@garments.lk
නිදහස් වෙළෙඳ කලාප නිපැයුම්කරුවන්ගේ සංගමය
18 ඒකකය, බී.ඕ.අයි. ප්ලාසා සංකීර්ණය
නිදහස් වෙළෙඳ කලාපය
කටුනායක
දුරකථන : +94 11 2259875
ෆැක්ස්: +94 11 2252813
විද්‍යුත් තැපැල් ලිපිනය: ftzma@sltnet.lk
ශ්‍රී ලංකා ඇඟළුම් අපනයනකරුවන්ගේ මණ්ඩලය
108 ඒ 1, මායා මාවත, කොළඹ 6 දුරකථන: +94 11 2504379
ෆැක්ස්: +94 11 4517585
විද්‍යුත් තැපැල් ලිපිනය: chamberg@eureka.lk
අන්තර් ජාල ලිපිනය : http://www.garments-sri-lanka.com/
ඇඟළුම් මිළදී ගැනීම් කාර්යාල සංගමය
කාමර අංක 150, ටාජ් සමුද්‍රා හෝටලය
ගාළු මුවදොර මැද පාර
කොළඹ 03
දුරකථන: +94 11 2346370
ෆැක්ස්: +94 11 2346376
විද්‍යුත් තැපැල් ලිපිනය: info@garmentslanka.com |