සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
සුරතල් මසුන්
හැඳින්වීම
නෙත්තාකර්ෂණිය වරලින් යුතු, පියකරු සුරතල් මසුන් මානසික ආතතියට හා රෝගපීඩාදියට සහනයක් සලසන වස්තූන් ලෙස යුග ගණනාවක් තිස්සේ ලෝ පුරා සිටින සුරතල් සත්ව ලෝලීන්ගේ නොමද අවධානයට යොමු වී ඇත. පුරාතන යුගවල සිටි අපගේ මුතුන් මිත්තන් තුළ පවා කෙතරම් උසස් සෞන්දර්යාත්මක අභිරුචියක් පැවතියේද යන්න හඳුනාගැනීමට අනුරාධපුරයේ ඇති රන් මසු පොකුණ මනා නිදසුනක් වේ. කාලයාගේ ඇවෑමෙන් සුරතල් මසුන් බෝ කිරීමේ හා ඇති දැඩි කිරීමේ කලාව ව්‍යාපාරයක් බවට වර්ධනය වී රටට මහත් වූ ධනයක් සහ විදේශ විනිමයක් ගෙන එන්නා වූ මූලාශ්‍රයක් බවට පත් වී ඇත. ලෝකයේ කලාපීය විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ඇරඹීමට පුරෝගාමී වූ රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවද වෙයි. උසස් තත්ත්ව ප්‍රමිතීන් පවත්වා ගැනීමට කැපවූ කුඩා හා මධ්‍යම පරිමාණ නිෂ්පාදකයින් පිරිස අතින් මෙම විසිතුරු මත්සයින් බෝ කිරීම හා ආදරණීය සුරතලුන් වශයෙන් ඇති දැඩි කිරීම සිදු වෙයි. කෙසේ වෙතත් ගුණාත්මක භාවය ඉහළ නැංවීම කෙරෙහි වූ අපගේ උනන්දුව, ශ්‍රී ලංකාවට ආවේනික වූ මත්ස්‍ය විශේෂයන් පාලන තත්ත්වයන් යටතේ බෝ කිරීම සම්බන්ධව කෙරෙන පර්යේෂණයන් ද සමග ඉදිරියට ගමන් කරනුයේ තරඟකාරී මිළ ගණන් යටතේ තත්ත්වයෙන් උසස් මත්ස්‍යයින් වෙළෙඳපොළට ඉදිරිපත් කිරීමට ඇති කැපවීම අවධාරණය කරමිනි.
නිෂ්පාදනයන්
ශ්‍රී ලංකාවේ සුරතල් මත්ස්‍ය වෙළඳාම සමන්විත වනුයේ මිරිදිය, කිවුල් දිය සහ කරදිය මත්ස්‍ය විශේෂයන්ගෙනි.
පැටවුන් බිහිකරන්නා වූ මසුන්; උදා: ගප්පි හා ප්ලේටි,
රන්මසුන්; උදා: ෆෑන්ටේල්, ඔරැන්ඩා, රෙඩ්කැප්,
බාර්බ් මසුන්; උදා: ගෝල්ඩන් බාර්බ්, රෝසි බාර්බ්,
ඩැනියෝ මසුන්; උදා: සීබ්‍රා ඩැනියෝ
ටෙට්රා මසුන්; උදා: සර්පේ, නියෝන් ගුරාමි, කැට් ෆිෂ්
සිකිල්ඩ මසුන්; උදා: ඒන්ජල්, ඔස්කාර්, ඩිස්කස් ආදී ආකර්ෂණීය සහ වර්ණවත් සාමාජිකයන්ගෙන් ජලාලගත මිරිදිය මසුන් කාණ්ඩය සමන්විත වේ.
පළපුරුදු ස්කුබා කිමිදෙන්නන් විසින් රසායනික ද්‍රව්‍ය භාවිතයකින් තොරව සහ සුපරීක්ෂාකාරී නිරෝධායන ක්‍රම යොදා ගනිමින් කරදිය මසුන් සහ අපෘෂ්ඨවංශීන් අල්ලා ගනු ලබනුයේ එම මසුන් පාරිභෝගිකයා වෙත ළඟා වන විටත් උසස් තත්ත්වයකින් සිටීම තහවුරු කරනු පිණිසය. කරදිය මසුන් විශේෂ 250 ක් සහ අපෘෂ්ඨවංශීන් විශේෂ සියයක් පමණ අතුරින් තෝරා ගැනීෙම් අවකාශය ගැනුම්කරුවන් සතුය. කෙසේ වෙතත්, සංරක්ෂණය පිළිබඳ පවත්නාවූ සැලකිල්ල වර්ධනය වීම හේතුවෙන් ස්වභාවික පරිසරයෙන් අල්ලා ගන්නා මත්ස්‍ය විශේෂයන් අපනයනය හා වෙළඳාම මත සීමා කිරීම් පනවා තිබේ.
සැපයුම් ප්‍රභවයන්
සැපයුම ප්‍රධාන වශයෙන්ම ප්‍රභවයන් දෙකකි. එනම් ස්වභාවික පරිසරයෙන් (උදා: ස්වභාවික පරිසරයෙන් අල්ලා ගන‍්නා කරදිය මත්ස්‍යයන් හා අපෘෂ්ඨවංශීන්) හා අගයක් වශයෙන් ගත් කළ සමස්ත ජලාල මත්ස්‍ය අපනයනයෙන්60% කට පමණ දායක වන්නාවූ පාලන තත්ත්වයන් යටතේ විදේශීය හා දේශීය මිරිදිය මත්ස්‍ය විශේෂ බෝ කිරීම මගිනි.
තත්ත්ව හා ප්‍රමිතීන්
අපනයනය කළ හැකි මත්ස්‍යයෙකුගේ තත්ත්වය සාමාන්‍යයෙන් තක්සේරු කරනු ලබන්නේ සිරුරේ බාහිර පෙනුම, චර්යාව, වර්ණයේ තීව්‍ර භාවය හා දීප්තිමත් භාවය සහ සිරුරේ හැඩය යන සාධක මතය. පෝෂණ ඌනතා සහ ජානමය සාධක නිසාවෙන් සමහර විටෙක මත්ස්‍යයකුගේ ශරීරය විකෘති විය හැකි අතර එය මත්ස්‍යයෙකුගේ ගුණාත්මක භාවය අඩු කරන හේතුවකි. තත්ත්වය තක්සේරු කිරීමේදී මත්ස්‍යයකුගේ වරල් වල පෙනුම සහ ඒවායේ සමරූපි භාවය අතිශයින්ම වැදගත්ය. තවද වරල් හානි වී හෝ ඉරී නොතිබීමද වැදගත්ය. අපනයනයේදී මත්ස්‍යයින් මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව තහවුරු කිරීමට සත්ත්ව නිරෝධායන දෙපාර්තමේන්තුවෙන් සෞඛ්‍ය පිළිබඳ නිකුත් කරන සහතිකයක් සෑම නැව්ගත කිරීමක් සමගම තිබිය යුතුය.
අපනයනය සඳහා අවශ්‍ය සහතික
- සෞඛ්‍ය සහතිකය
- ප්‍රභවය පිළිබඳ සහතිකය
- මුහුදු මත්ස්‍යයින් හෝ ශාක සඳහා වන ජී එස් පී 'අ' පෝරමය
- සීමාකිරීම් සහිත විශේෂයන් සඳහා බලපත්‍රය
- ජලය පිළිබඳ තත්ත්ව සහතිකය
සම්බන්ධිත ආයතන/ සංගම්
- ශ්‍රී ලංකා ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය (NAQDA)
(විසිතුරු මත්ස්‍ය හුවමාරු මධ්‍යස්ථානය)
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
- වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- සත්ව නිරෝධායන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
- ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA)
- වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- වානිජ දෙපාර්තමේන්තුව
- කලාපීය සජීවී මත්ස්‍ය අපනයනකරුවන්ගේ සංගමය
|
|
මත්ස්‍ය හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
හැඳින්වීම
ධීවර කර්මාන්තය යනු පසුගිය දශක දෙක පුරා රටේ සංවර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයූ මෙන්ම ශ්‍රී ලංකාවේ පැරණිතම කර්මාන්තයන්ගෙන්ද එකකි. තවද එය ශ්‍රී ලංකා ආර්ථීකය තුළ වේගයෙන් වර්ධනය වන වටිනාකමකින් යුත් අංගයක් බවට පත්වෙමින් තිබේ. පුද්ගලයින් 160300 කට පමණ සෘජු රැකියා සහ තවත් 50000 කට වක්‍ර රැකියා ද සපයමින් 2008 වසරේදී මෙමගින් දළ දේශීය නිෂ්පාදිතයට කළ දායකත්වය 2.7% ක් විය. කෙසේ වෙතත් පුද්ගලයින් 700000 කට වැඩි ප්‍රමාණයක් ඔවුන්ගේ ජීවනෝපාය ලෙස ධීවර කර්මාන්තය මත යැපෙති. 2005 වසරේදී බෝට්ටු 29312 ක් මසුන් මැරීමේයෙදුණි. 2005 වාර්ෂික ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය කිලෝ ග්‍රෑම් 9.37 පමණ විය. 2005 දී ශ්‍රී ලංකාවට මුහුදු ආහාර අංශයෙන් රුපියල් බිලියන 9.59 ක් වටිනා විදේශ විනිමය උපයා ගැනීමට හැකිවිය.
ව. කි. මී. 517000 සමුද්‍ර කලාපයක්, එනම් දළ වශයෙන් තම භූමි ප්‍රමාණය මෙන් 6 ගුණයක වපසරියක්, ශ්‍රී ලංකාවේ බල අධිකාරය සහිත සුවිශේෂ ආර්ථික කලාපය (Exclusive Economic Zone)වේ. මසුන් අසුවීමේ හා ෙගාඩබෑමේ ප්‍රමාණයන් පෙන්වනුයේ වෙරළාශ්‍රත ධීවර කර්මාන්තය එහි උපරිම ධරණීය අස්වනු ප්‍රමාණයට (Maximum Sustainable Yield) ළඟා වෙමින් පවතින බවයි. කෙසේ වෙතත් වෙරළෙන් ඔබ්බෙහි හා ගැඹුරු දියෙහි ධීවර පන්නය තවමත් ඵල නෙලාගෙන නොමැති ඉහළ විභව්‍යතාවකින් යුක්තය.
නිෂ්පාදන
- ටූනා
- ඉස්සන්
- කකුළුවන්
- පොකිරිස්සන්
- අළුත් හෝ ශීත කළ මාළු
- අධි ශීත කළ මාළු
- උම්බලකඩ, මෝර වරල්, මාළු බොකු, හාල්මැස්සන් වැනි කල්තබා ගත හැකි මත්ස්‍යයන් හෝ කොටස්
- දැල්ලන්
- මට්ටියන්
- මුහුදු කැකිරි
සැපයුම් ප්‍රභවයන්
අපනයන තත්ත්වයේ අලුත් මාළු ප්‍රධාන වශයෙන්ම සපයනු ලබන්නේ විදේශීය යාත්‍රා, ට්‍රෝලර් යාත්‍රා සහ බහු දින යාත්‍රා මගිනි. දේශීය සැපයුම් හැරුණු වාරකන් කාල වලදී ශ්‍රී ලංකාව අපනයන සැකසුම් සඳහා අලුත් මාළු මාලදිවයින, යේමනය, සහ තායිලන්තය වෙතින්ආනයනය කරයි.
දේශීය පරිභෝජනය සඳහා වෙරළාශ්‍රිත මත්ස්‍ය දඩයම සිදු කරන කාලයන් (වසර පුරා සිදුකරන මසුන් ඇල්ලීම)
ත්‍රීකුණාමල සමය - පෙබරවාරි සිට අප්‍රේල් දක්වා
දක්ෂිණ සමය - අගෝස්තු සිට පෙබරවාරි දක්වා
තාක්ෂණය |
මසුන් ඇල්ලීමේ තාක්ෂණය |
මසුන් සැකසීමේ තාක්ෂණය |
දිගු යොත් |
ශීත කිරීම |
අත් යොත |
අයිස් දැමීම |
කරමල් දැල් |
දුම් ගසා පදම් කිරීම |
තත්ත්ව ප්‍රමිතීන්
- එච් ඒ සී සී පී - (Hazard Analysis Critical Control Point)
- යුරෝපා සංගමයේ ප්‍රමිතීන්
- බී ආර් සී - British Retail Consortium
- එෆ් ඩී ඒ - ආහාර හා ඖෂධ පරිපාලන ආයතනය, ඇ.එ.ජ.
- එස්.එල්.එස්.අයි. - ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති
- අයි එස් ඕ 22000 - ජාත්‍යන්තර ප්‍රමිති ආයතනයේ ප්‍රමිති
අපනයනය කිරීම සඳහා අවශ්‍ය සහතික
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන සෞඛ්‍ය සහතිකය (ආහාර සුරක්ෂිතතාව පිළිබඳ සහතිකය)
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන එච්.ඒ.සී.සී.පී. සහතිකය
- යුරෝපා සංගමයට සහ ඇමරිකා එක්සත් ජනපදයට අපනයනය කිරීම සඳහා අනුමැතිය (බලපත්‍ර නිකුත් කිරීම සඳහා යුරෝපා සංගමය විසින් පත් කොට ඇති බලයලත් අධිකාරිය වනුයේ ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවයි)
ආශ්‍රිත ආයතන/ සංගම්
- ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය
- ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය
- කාර්මික තාක්ෂණ ආයතනය
- ජාතික ජලජීවී වගා සංවර්ධන අධිකාරිය
- ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය
- එස්.ජී.එස්. ලංකා පුද්ගලික සමාගම
- මුහුදු ආහාර අපනයනකරුවන්ගේ සංගමය
- ජලජීවී වගා සංවර්ධන සුසංධානය
- ජලජීවී වගා සංවර්ධන සන්ධානය
|