ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

පොල් හා පොල් ආශ්‍රිත නිෂ්පාදන

දිසිදි පොල්

පොල් මදයෙන් සකසා ගනු ලබන මෙම වියළන ලද පොල් රසකැවිලි කර්මාන්තය සඳහා යොදා ගනු ‍ලැබේ. මේවා සකසනු ලබන ආයතන 62 ක් පමණ ශ්‍රී ලංකාවේ තිබෙන අතර සමස්ත වාර්ෂික නිෂ්පාදනය දළ වශයෙන් මෙට්‍රික් ටොන් 75,000 ක් පමණ වේ.

මෙම සෑම ආයතනයකම තත්ත්ව පාලන රසායනාගාරද පවතී.

නිෂ්පාදන‍‍යෙහි අන්තර්ගතය

ප්‍රධාන වෙළෙඳපොළවල්
යුරෝපීය සංගමය, ෆින්ලන්තය, තුර්කිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ බ්‍රසීලය

කොහු ලනු
මේවා ගැනුම්කරුවන්ගේ අවශ්‍යතාවන්ට අනුව රළු කෙඳි (දිගු කෙඳි) හෝ ගොරෝසු කෙ‍ඳි හා ඔමැට් කෙඳි (කෙටි කෙඳි) මිශ්‍ර කිරීමෙන් සාදනු ලැබේ.

ප්‍රධාන වෙළෙඳපොළවල්
ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ප්‍රංශය, දකුණු කොරියාව හා ජපානය

පා පිස්නා (අතින් නිමැවූ/ යන්ත්‍රානුසාරයෙන් නිමැවූ)
කොහු ලනු, නූල් හෝ කොහු කෙඳි හණ නූල් සමඟ මිශ්‍ර කර පා පිස්නා සාදනු ලැබේ.

ප්‍රධාන වෙළෙඳපොළවල්
යුරෝපීය සංගමය සහ බල්ගේරියාව

පා පිස්නා (කොහු හා වානේ දුනු සහිත)
වානේ කම්බි යොදා ගනිමින් කොහු කෙඳි වලින් පා පිස්නා නිමවන අතර මේවා ශීත සෘතුව සඳහා විශේෂයෙන් යෝග්‍ය වේ.

ප්‍රධාන වෙළෙඳපොළවල්
ජර්මනිය, නෙදර්ලන්තය හා එක්සත් රාජධානිය

කාබනික අඟුරු
පොල් කටු වලින් නිපදවෙන මේවා විශේෂයෙන්ම සකසනු ලබන්නේ ගෘහස්ථ සහ එළිමහන් පැලහීම  (බාබක්‍යු)  සඳහාත් ගෘහස්ථ උණුසුම්කිරීම සඳහාය.

ප්‍රධාන වෙළෙඳපොළවල්
මැද පෙරදිග

සක්‍රීය කාබන්  (Activated Carbon)

සක්‍රීය කාබන් නිපදවීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍ය වන්නේ පොල් කටු අඟුරු ය. දැව හෝ ගල් අඟුරු මෙන් නොව ‍පොල් කටු අඟුරු රසායනිකමය ආකාරයෙන්‍ සක්‍රීය



 

නොකරන බැවින් ආහාර සැකසුමේදී හා ඖෂධ නිෂ්පාදනයේදී යොදා ගැනීම සඳහා අතිශ‍යින්ම සුදුසුය. මේවා විවිධ කර්මාන්ත වල පවිත්‍රකරණ කටයුතු සඳහා යොදා ගත හැකිය.

ප්‍රධාන වෙළෙඳපොළවල්
ඇමරිකා එක්සත් ජනපදය, දකුණු අප්‍රිකාව, එක්සත් රාජධානිය, ජපානය සහ කැනඩාව   

කොහුලනු පැදුරු/ දැල්‍ (Geotextiles)
පාංශු ස්ථායිකරණයට, භූමි දර්ශන සැකසීමට සහ ඛාදනය පාලනය කිරීමට යොදා ගන්නා මෙම භූමි ස්ථරණ පාරිසරික හිතකාමී ද්‍රව්‍යයන් වේ.

ප්‍රධාන වෙළෙඳපොළවල්
දකුණු කොරියාව, ජපානය, නෙදර්ලන්තය සහ ජර්මනිය

ගෙවතු වැවීම් කලාව සහ කෘෂි කර්මාන්තය සඳහා රබර් මිශ්‍රිත කොහු  නිෂ්පාදන
මල් පෝච්චි වල ඇතුළු ස්තරය, කූඩවල වැස්ම, වැල් සඳහා ආධාරක කණු සහ රබර් මිශ්‍රිත කොහු භූමි ස්තරණ ආදිය නිපදවනුයේ කොහු කෙඳි වලට සම්මිශ්‍රණය කළ රබර් කිරි ඉසීමෙනි.

ප්‍රධාන වෙළෙඳපොළවල්
කොරියාව, ජපානය, නෙදර්ලන්තය සහ ජර්මනිය

රබර් මිශ්‍රිත කොහු මෙට්ට
මෙට්ට නිපදවීමේදී සිදු කරනුයේ කොහු කෙඳි හා රබර් කිරි වලින් සැදුම්ලත් මිශ්‍රණයක් වාෂ්පයෙන් රත්කොට, පීඩනයට ලක් කොට වොල්කනයිස් කිරීමයි.

 

ප්‍රධාන වෙළෙඳපොළවල්
නෙදර්ලන්තය සහ ජපානය

කොහුබත් ආශ්‍රිත නිෂ්පාදන (ජීර්ණක ද්‍රව්‍ය)
පොල් ලෙල්ලෙන් කෙඳි ඉවත් කිරීමේ ක්‍රියාවලියේදී ප්‍රධාන වශයෙන්ම කුඩු වැනි‍ ද්‍රව්‍යයකින් සමන්විතව ශේෂ වන්නා වූ ද්‍රව්‍ය කොහු බත් යනුවෙන් හැඳින්වෙන අතර එය යුරෝපයේ භාවිතා කෙරෙන ජීර්ණක පෙඳ (peat moss) වලට ආදේශකයක් ලෙස භාවිතා වේ.

මේවා කැට, කුට්ටි, තැටි හෝ වර්ධක මළු හෝ හැඩතල වශයෙන් අපනයන කෙරේ.
 
ප්‍රධාන වෙළෙඳපොළවල්
නෙදර්ලන්තය, ඉතාලිය, ජපානය, දකුණු කොරියාව සහ තායිවානය

පොල් කිරි සාරය හා කිරි
කෘතිම රසකාරක හෝ කල්තබාගැනීමේ ද්‍රව්‍ය අඩ‍ංගු නොවූ, පොල් මදයෙහි 100% ක් නැවුම් සාන්ද්‍රිතය හොදි සහ අතුරුපස සෑදීමේදී භාවිතා කෙරේ.