පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
හැඳින්වීම
භූ විෂමතාව නිසා විවිධ දේශගුණික තත්ත්වයන් ශ්‍රී ලංකාවට දායද වී තිබෙන බැවින් නිවර්තන කලාපීය මල් වර්ග වල සිට සෞම්‍ය දේශගුණයට ඔබින මල් වර්ග දක්වා පුළුල් පරාසයක වගාවන් හි යෙදීමට හැකියාව ලැබී තිබේ. එනිසාම මල් වැවීම සම්බන්ධව ලෝකයේ හොඳම නිෂ්පාදන මධ්‍යස්ථාන වලින් එකක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගෙන තිබේ. පසුගිය දශක දෙක තුළ ශ්‍රී ලංකාවේ මල් අපනයනය ස්ථාවර වර්ධනයක් පෙන්නුම් කර තිබෙන අතර 2005 වසරේදී ඉන් උපයා ගැනීමට හැකි වූ විදේශ විනිමය ප්‍රමාණය රුපියල් බිලියන 1.06 ක‍් විය. විදේශීය සහ ඒකාබද්ධ ආයතන කිහිපයක් ඇතුළත්ව පුද්ගලික අංශයේ ප්‍රධාන ආයතන 40 ක් පමණ අපනයනය සඳහා මල් වැවීම සිදු කරනු ලබන අතර මෙම අංශය හරහා රටට විශාල ශුද්ධ විදේශ විනිමය ප්‍රමාණයක් උත්පාදනය වේ. එසේම මෙම ව්‍යාපාරය ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රදේශයන්හි රැකියා උත්පාදනයටද දායකත්වයක් සපයයි. බස්නාහිර, වයඹ හා මධ්‍යම පළාත් හි මෙම ව්‍යාපාරය ස්ථාපිත වී තිබේ.
නිෂ්පාදන පෙළ
එච් එස් කේතය නිෂ්පාදන ප්‍රවර්ගය
(HS Code)

සැපයුම් ප්‍රභවයන්
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තත්ත්ව ප්‍රමිතීන්ට සහ ආනයනකරුවන් විසින් දෙනු ලබන පිරිවිතරයන්ට අනුකූල වීම සඳහා සියළුම අපනයනික සමාගම් ඔවුන්ගේම නිෂ්පාදන ආයතනයන් පවත්වා ගනිති. තමන්ගේම වූ සැපයුම් ප්‍රභවයක් ඇති විට අඛණ්ඩ සැපයුම් හැකියාවක් පවත්වා ගත හැකි වීම නිසා ගැනුම්කරුවන්ගේ විශ්වාසය දිනා ගැනීමට මං පෑදේ.
විසිතුරු පත්‍ර වැනි අංශ වලදී අපනයනකරුවෝ නිෂ්පාදන සහ තත්ත්ව පාලන තාක්ෂණය පිළිබඳ ප්‍රායෝගික දැනුම බාහිර වගාකරුවන් වෙත ලබාදී ඔවුන්ගෙන් පත්‍ර ලබා ගැනීම සිදුකරයි.
තාක්ෂණය
මල් වැවීමේ කර්මාන්තෙය්දී අති නවීන තාක්ෂණය භාවිතයට ගනු ලබයි. හිතකර දේශගුණික තත්ත්වයන් යටතේ ඒ ඒ ශාකයට/ පුෂ්පයට සෙවණ අවශ්‍ය වන්නා වූ ප්‍රමාණය අනුව ආවරණ හෝ සෙවණ සපයන මඩු තුළ විසිතුරු මල් හා ශාක වගා කරනු ලැබේ. කැපූ මල් ලබාගැනීමේදී විදේශයන්ගෙන් ගෙන්වන ලද තත්ත්වයෙන් උසස්, නව දෙමුහුන් ශාක විශේෂයන් මව් ශාක ලෙස භාවිතා කරනු ලැබේ. අතු සහ විසිතුරු පත්‍ර සඳහා මව් ශාක ලෙස ආවේණික මෙන්ම විදේශීය ශාක යොදා ගනු ලැබේ. ජල සම්පාදනයේදී ජල බිංදු හා විසිරි යන වාරි තාක්ෂණය භාවිතා කෙරේ. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වන ජාතික ශාක නිරෝධායන සේවයේ අධීක්ෂණය යටතේ පළිබෝධ
|
|
හා රෝග පාලනය සිදු කරනු ලබයි. තත්ත්ව පාලනය සිදු කරනු ලබන්නේ පුහුණුව ලත් තවාන් පාලකවරුන් විසිනි.
තත්ත්ව ප්‍රමිතීන්
යුරෝපා සංගමය විසින් නියම කොට ඇති තත්ත්ව ප්‍රමිතීන්ට අනුගත වීමට අපනයනකරුවන්ට සිදුවේ. යුරෝපා සංගමයේ ප්‍රමිතීන් හැරුණු කොට කෘෂි නිෂ්පාදන වල තත්ත්වය සහතික කරනු වස් පුද්ගලික සංවිධාන විසින් නියම කොට ඇති ස්වේච්ඡා ප්‍රමිතින් ද වේ. උදා: යුරෝප් ගැප්, එම් පී එස්
අපනයනය සඳහා සහතිකකරණය
ශ්‍රී ලාංකීය රෙගුලාසීන්ට අනුව, අපනයනය කරන මල්, අතු හා පත්‍ර තවාන් වල වවා ලබාගන්නා ලද ඒවා විය යුතු අතර කැලෑ ප්‍රදේශ ආදියෙන් එක් රැස් කිරීම ඉඳුරාම තහනම් වේ. වන ජීවී දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු අනිවාර්ය නිෂ්කාෂණ සහතිකයක් මගින් ඉහත කී නීතිය ක්‍රියාත්මක වීම තහවුරු කෙරේ. වඳවීමේ තර්ජනයට ලක්වී ඇති විශේෂයන් අපනයනය සඳහාම විශේෂයෙන් වගා කිරිමට වන ජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සී අයි ටී ඊ එස් සහතිකයද, ජලජ ශාක සඳහා නිෂ්කාෂණ ලබාගැනීමට ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයෙන් සහ වන දෙපාර්තමේන්තුවෙන් ලබා ගත යුතු සහතිකද අවශ්‍ය වේ. මල් හා ශාකමය නිෂ්පාදනවල සෑම නැව්ගත කිරීමක් සඳහාම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ශාකවල ආරක්ෂාකාරී බව පිළිබඳ (ෆයිටෝ-සැනිටරි) සහතිකය ලබා ගත යුතුය.
සම්බන්ධිත ආයතන/ සංගම්
- කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
- වන දෙපාර්තමේන්තුව
- වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව
- රාජකීය උද්භිද උද්‍යාන
- වානිජ කටයුතු දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
- ශ්‍රී ලංකා මල් නිෂ්පාදන අපනයන කරුවන්ගේ සංගමය
සෙරන්ඩිබ් ගෙවතු වගා තාක්ෂණ පුද්ගලික සමාගම
නුවර පාර
කළගෙඩිෙහ්න
|