පාවහන් සහ සම්භාණ්ඩ
හැඳින්වීම
ශ්‍රී ලංකාවේ පාවහන් කර්මාන්තයේ සාර්ථකත්වයට දායක වූ ප්‍රධාන සාධකයන් වනුයේ විශ්වසනීය තත්ත්වය, තිරසාර නිෂ්පාදන ප්‍රමාණයන් සහ තරඟකාරී මිල වේ. ආසියාවේ වඩාත්ම පිරිවැය අතින් ඵලදායි නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස පැවතීම සඳහා ශ්‍රී ලංකාවට ලිබරල් ආර්ථික පරිසරය, උසස් ලෙස පුහුණු කළ හැකි ශ්‍රම බලකාය සහ අති නවීන තාක්ෂණය, අනුගත වීමේ විශිෂ්ට හැකියාව සහ උපායක්‍රමික ස්ථානගත වීම යනාදී ඇතැම් සාධක වල පිටිවහල ලබනා නිපුන ශිල්පීයත්වය සහ ස්වභාවික සම්පත් හි සම්මිශ්‍රණය බෙහෙවින් දායක වී තිබේ.
නිෂ්පාදන
ශ්‍රී ලංකාව අතිශය විවිධ පරාසයක් තුළ විහිදෙන නවීන මෝස්තරයේ පාවහන් විවිධ ද්‍රව්‍ය භාවිතයෙන් සහ නිමාවෙන් යුතුව නිපදවයි.
සම්
ශ්‍රී ලංකාවෙන් අපනයනය කෙරෙනා පාවහන් හි වැදගත් කොටසකට සම් මගින් නිර්මිත පාවහන් දායකත්වය සපයයි. ඉහළ වෙළෙඳපොළෙහි ස්ත්‍රී පුරුෂ දෙපිරිස උදෙසාම මසන ලද සහ වාත්තු කරන ලද සමාන්‍ය පාවහන්, බූට් සපත්තු සහ විලාසිතා පාවහන් සඳහා විවිධ නිෂ්පාදනයන් පවතී.
රබර්
රබර් බූට් සපත්තු ආකර්ශනීය වර්ණයන්ගෙන් සහ මෝස්තරයන්ගෙන් යුත් ළමා බූට් සපත්තු, යොට් සහ ධීවර කටයුතු සඳහා වන බූට් සපත්තු වලින් සමන්විත වෙයි.
කැන්වස්
කැන්වස් සපත්තු පරාසයට සිහිල් සැකසුම් සහ වෝල්කනයිස් ක්‍රමය මගින් නිර්මිත යන දෙයාකාරයේම ඉහළ වෙළෙඳපොළ විලාසිතා පාවහන් ඉතා ප්‍රසිද්ධ සන්නම් නාමයන් උදෙසා නිපදවනු ලැබේ.
ක්‍රීඩා
දේශීය සහ වෙළෙඳපොළ සහ අපනයනය යන දෙඅංශය සඳහාම සිහිල් සැකසුම් සහ විදුම් අච්චු මගින් සකසන ලද සීමිත නිෂ්පාදනයක් පවතී. එසේම මීට බූට් සපත්තු, බීන් බූට් සපත්තු සහ හමුදාමය කටයුතු ඇතුළු විවිධ කාර්යයන් සඳහා වන පාවහන් ඇතුලත් වේ. එසේම දේශීය සහ විදේශීය යන දෙවැදෑරුම් වෙළෙඳපොළවල් සඳහාම සාමාන්‍ය රබර් සෙරෙප්පු විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කෙරේ.
|
|
ඊවා
ශ්‍රී ලංකාව ඊවා ගෘහස්ථ සහ එළිමහන් පාවිච්චිය සඳහා සෙරෙප්පු වර්ග ගණනාවක් නිෂ්පාදනය කරයි.
සැපයුම් තත්ත්වය
දැනට පවත්නා අපනයන ධාරිතාවය වනුයේ වාර්ෂිකව මිලියන 20 ත් 30 ත් අතර වන කුට්ටම් ප්‍රමාණයකි. රබර් සෙරෙප්පු වල පමණක් අපනයන ධාරිතාවය වාර්ෂිකව මිලියන 30 ඉක්මවයි. පාවහන් කර්මාන්තය හමුවේ ඇති ප්‍රධාන වාසිදායක තත්ත්වයක් වනුයේ පාවහන් අඩිය සඳහා
ගන්නා ක්‍රේප් රබර් ඇතුළුව උසස් තත්ත්වයේ ස්වාභාවික රබර් දේශීයව සපයා ගැනීමට හැකි වීමයි. නිෂ්පාදකයන් කිහිපදෙනෙකුට අච්චුවේ වත් කරනු ලබන පාවහන් අඩි වර්ග ගණනාවක් නිෂ්පාදනයට පහසුකම් ඇති අතර ඇතැම් කර්මාන්ත ශාලාවන්ට රබර්, පීවීසී, තර්මල් ප්ලාස්ටික් රබර් සහ පොලියුරෙතීන් මගින් පාවහන් අඩි නිෂ්පාදනය කිරීමට පහසුකම් තිබේ. අනෙකුත් අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් ගත් කල ඉහළ ගුණත්වයෙන් යුතු අමුද්‍රව්‍ය දේශීය මෙන්ම විදේශීය මූළාශ්‍රයන්ගෙන්ද ලබාගැනීම සඳහා කර්මාන්තයට පහසුකම් තිබේ. රටේ පාවහන් අපනයනකරුවන්ට දැනටමත් ඉතා ප්‍රසිද්ධ මාක් සහ ස්පෙන්සර්, ක්ලාක්ස් බෙන්ටන්, පැලේඩියම් එයිරෝ සෝල්ස්, ජියොක්ස්, ඩෙක්ස්ටර් එච් එච් බ්‍රවුන්ස් සහ බාටා ෆ්‍රාන්ස් යනාදී ජාත්‍යන්තර සන්නම් වෙත විලාසිතා පාවහන් සපයන්නන් ලෙස තහවුරු වීමට හැකිවී තිබේ.
ශ්‍රී ලංකාවේ සිට සියළු ප්‍රධාන ගමනාන්තයන් දක්වා පවත්නා ඉතා දියුණු නිත්‍ය නාවුක සේවාව පාවහන් අපනයනය සඳහා අතිවිශාල පහසුකමක් වේ.
ප්‍රධාන වෙළෙඳපොළවල්
ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඉතාලිය, ප්‍රංශය, ජර්මනිය
විමසීම්
ශ්‍රී ලංකා ෆුට් වෙයා(ර්) ඇසෝසියේෂන්
බෙටන්ස් පුද්ගලික සමාගම
127/18, පරණ නුවර පාර
දළුගම
කැළණිය
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
ඩී එච් පී එල් ගොඩනැගිල්ල
අංක 42, නවම් මාවත
දු.ක. 0094112300705 - 11
ෆැක්ස් 0094112300715 /2305212
විද්‍යුත් තැපෑල: pmd@edb.tradenetsl.lk |