ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්

මැණික් හැඳින්වීම

ශ්‍රී ලංකා ධරණි තලයෙන් මතු කර ගන්නා මැණික් ගල් වටිනා හා අර්ධ වටිනාකමකින් යුත් වශයෙන් වර්ග කළ හැකි අතර ''නිල් මැණික'' ශ්‍රී ලංකාවේ ජාතික පාෂාණය ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ.

නිෂ්පාදන

කොරන්ඩම් (කුරුවින්ද)
නිල් මැණික්, පුෂ්පරාග, රතු‍ රෝස, සුදු නිල්, රත්න පුෂ්පරාග, නිල් ආර්නූල්, රතු මැණික්, රතු ආර්නූල්, පද්මරාග

ක්‍රිසොබෙරිල්
කණක වෛරෝඩි, පසිංගල, පසිංගල් වෛරෝඩි, කණක

ස්පයිනෙල් (කිරිංචි)
නිල් කිරිංචි, රතු කිරිංචි, දම් කිරිංචි

ටොපෑස් (පඩියන්)
සුදු පඩියන් (''ලන්ඩන් බ්ලූ'' බවට පරිවර්තනය කළ හැකි)

සර්කොන් (ජාගුන්)
කොළ, කහ, දුඹුරු සහ අවර්ණ ජාගුන් (මාතර දියමන්ති)

ගානට් (රබහ)
රෝස රබහ, ගෝමේද, රතු රබහ, මල් රබහ

බෙරිල් (තරිප්පු)
තරිප්පු, හීලියෝඩර්

ක්වාර්ට්ස් (පළිගු)
ස්මෝකි ක්වාර්ට්ස්, වයිට් ක්වාර්ට්ස්, අඹතේස්ත, ක්වාර්ට්ස් කැට්ස් අයි

ටෝර්මලින් (තෝරමල්ලි)
දුඹුරු තෝරමල්ලි, කහ තෝරමල්ලි (දුඹුරු සහ කොළ තෝරමල්ලි)

ෆෙල්ඩ්ස්පාර්
චන්ද්‍රකාන්ති පාෂාණ

දුලබ පාෂාණ

අඬලුසයිට්, කෝර්න‍‍රුපයින්, අගස්ති වර්ග, සිංහලයිට්, ලෝලයිට්, ඉන්ඩිකොලයිට්, ෆයිබ්‍රො‍ලයිට්, ට‍ාෆෙල්ටේ, එකනයිට්, ස්ටාර් ස්පයිනෙල්

මැණික්
විවිධ ප්‍රමාණයේ සහ ......................... මැණික් ගල්
මිමි අනුව සැකසූ මැණික් ගල්
දුලභ මැණික් වර්ග
මැණික් කැපීමේ සේවාවන්

සැපයුම් දාමය

  • ශ්‍රී ලංකාව තුළ සිදු කෙරෙන කැණීම් ඔස්සේ ලබාගන්නා මැණික්
  • ආනයනය කරනු ලබන මැණික්

ස්වර්ණාභරණ

කාන්තා හා පිරිමි අංශ සඳහා නිර්මාණය‍න් ශ්‍රී ලංකාව ලෝක ස්වර්ණභරණ වෙළෙඳපොළට ලබා දේ. ටයි කටු, ටයි ක්ලිප්, කමිස සඳහා අත් ගාංචු, කරාබු, මුදු, මාල පෙන්ඩන්ට්, අත් පළඳනා, ගෙළ පළඳනා සහ සාරි කටු මෙන්ම සුවිශේෂී ස්වර්ණාභරණ ප්‍රධාන තැනක් ගනී.

කැරට් 9, 14, 18 ප්‍රමාණ‍ෙය් රන්, ප්ලැටිනම්, රිදී හෝ ලෝහ වර්ග 2 හෝ ඊට වැඩි ගණනක සම්මිශ්‍රණයෙන් ස්වර්ණාභරණ නිෂ්පාදනය කෙරේ.

  • වර්තමානයේදී ශ්‍රී ලංකාව ලෝක වෙළෙඳපොළෙහි උසස් තත්ත්වයේ නිල් මැණික් සපයන ප්‍රභවයක් වශයෙන්ද,  කපා ඔප දැමූ, විවිධ ප්‍රමාණවල මෙන්ම හැඩතලයන්ගේ මැණික් සපයන්නෙකු ලෙසද සහ මෑතක සිට නවීන ස්වර්ණාභරණ සපයන්නෙකු වශයෙන්ද නමක් දිනා ඇත.
  • තරුණ, දක්ෂතාවෙන් පිරිපුන් අභරණ නිර්මාණ ශිල්පීන්, නවීන නිෂ්පාදන පහසුකම් සහ මනා සේ පුහුණුව ලත් නිපැයුම්කරුවන් සිටීම මෙන්ම  මෙම කර්මාන්තය තුළ සිටින විශේෂඥයින් විසින් නිරන්තරයෙන් පවත්වනු ලබන තත්ත්ව‍,‍ මෝස්තර  හා නිෂ්පාදන ක්‍රමවේදයන් දියුණු කිරීමට පවත්වනු ලබන සම්මන්ත්‍රණ හා වැඩමුළු නිසා ශ්‍රී ලාංකීය මැණික් ඉහළ තත්ත්වයෙන් අපනයන වෙළෙඳපොළට ලබාදීමට හැකිවී ඇත.
  • සෑම අංශයකම මෝස්තර වැඩි දියුණු කිරීම ශ්‍රී ලාංකීය ස්වර්ණාභරණ නිෂ්පාදන කර්මාන්තයෙහි නිරන්තරයෙන් සිදුවන ක්‍රියාවලියක් වන අතර  ක්ෂේත්‍රයේ විශේෂඥයින් විසින්,  ස්වර්ණාභරණ වල තත්ත්වය වැඩි දියුණු කිරීම හා‍ ඉහළ නැංවීම අරමුණු කොට ගත් වාර්ෂික වැඩමුළු සහ පුහුණු සැසි පවත්වනු ලැබේ.
  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සංවිධාන කාර්යයක් වන ''ශ්‍රී ලංකා ස්වර්ණාභරණ නිර්මාන සම්මානය'' හරහා නිපුණ වෘත්තිකයන්ට ‍මෙන්ම හැකියාවෙන් පිරිපුන් ආධුනිකයින්ටද අන්තර්ජාතික ස්වර්ණාභරණ වෙළෙඳපොළට පිවිසීමට ඉඩ ප්‍රස්ථා ලබාදී ඇත.
  • ස්වරණාභරණ කර්මාන්ත‍ය කෙරෙහි වන රජයේ ප්‍රතිපත්තිය ස්ථාවර හා දිරිගන්වන සුලු මට්ටමක පවතී. කර්මාන්තය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය හා ආශ්‍රිත ද්‍රව්‍ය, යන්ත්‍ර සූත්‍ර හා උපකරණ ආදිය ආනයනය කිරීමේදී ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කෙරේ. මැණික් කර්මාන්තය සඳහා අවශ්‍ය ඔප නොදැමූ මැණික් වැඩි වශයෙන් ශ්‍රී ලංකාව වෙත ලැබීම සහතික කරනු වස්, ඒවා ආනයනය තීරු බද්දෙන් නිදහස් කොට තිබේ. 
  • මැණික් හා ස්වර්ණාභරණ හුවමාරු පොළ හරහා විශාල පරාසයක සේවාවන් එනම් වෙළඳ කටයුතු, මැණික් පර්යේෂණාගාර පහසුකම්, මැණික් සඳහා සහතික කිරීම්, අපනයන සේවා, ප්‍රවාහන සේවා හා නැව්ගත කිරීමේ සේවා, බැංකු හා රක්ෂණ පහසුකම්, ලෝහ පිරික්සුම් සේවා සහ ප්‍රමිති ල‍ාංඡන ලබාගැනීම වැනි සේවා මේ ඔස්සේ ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා ලබාදී ඇත.



 
  • ශ්‍රී ලංකාව ATA Carnet හි සාමාජිකත්වය ලබා සිටීම හේතුවෙන් එහි සාමාජික රටවල් වෙත ස්වර්ණාභරණ අපනයනය පහසු වන අතරම මැණික් ව්‍යවසායකයන්ට සාමාජික රටවල් තුළට සාම්පල රැ‍ෙගන ඒමට සහ වෙළඳ ප්‍රදර්ශන වලට සහභාගී වීමට අවසර ලැබේ.

තත්ත්ව ප්‍රමිතීන්

  • මැණික් පරීක්ෂා කිරීමේ සහ සහතික කිරීමේ පහසුකම් තිබීම
  • ලෝහ පරීක්ෂා කීරීමේ සහ ප්‍රමිති ලාංඡන ලබා ගැනීමේ පහසුකම් තිබීම

අපනයනය සඳහා වන සහතික කිරීම්
මැණික් හා ස්වර්ණාභරණ සම්බන්ධ ආනයන අපනයන ක්‍රියා පරිපාටීන් සහා

ආශ්‍රිත ආයතන/ සංගම්

  • ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය
  • ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය
  • ශ්‍රී ලංකා දියමන්ති නිෂ්පාදක සංගමය
  • මැණික් හා ස්වර්ණාභරණ හුවමාරුවෙහි මැණික් හා ස්වර්ණාභරණ වෙළඳුන්ගේ සංගමය
  • මැණික් කර්මාන්ත, වෙළෙඳ අපනයන හා සේවා සංගමය
  • ශ්‍රී ලංකා මැණික් පතල්කරුවන්ගේ හා වෙළඳුන්ගේ සංගමය
  • ශ්‍රී ලංකා ස්වර්ණාභරණ අධිකාරිය
  • ශ්‍රී ලංකා මැණික් අධ්‍යයනඥයින්ගේ  සංගමය
  • ශ්‍රී ලංකා දියමන්ති නිෂ්පාදකයන්ගේ සංගමය

කර්මාන්තයේ වැඩිදුර විස්තර සඳහා www.lankajewels.com හි ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ වෙබ් පැතිකඩට පිවිසෙන්න.

ලංකා නිල් මැණික් වර්ගීකරණය

ස්වර්ණාභරණ වෙළෙඳපොළේ ඉහළම ස්ථරය ආකර්ෂණය කරගැනීම සඳහා උපාය මාර්ගික ක්‍රමවේදයක් ලෙස ශ්‍රී ලාංකීය නිල් මැණික් ප්‍රවර්ධන වෙළෙඳ සන්නාම ලියාපදිංචිය ක්‍රියාවට නංවා ඇත.

සමාජයේ ඉහළ ස්ථරයට ගැලපෙන පරිදි අළෙවිය සඳහා ඊට ගැලපෙන පරිදි ඉහළ වටිනාකම් එකතුවක්ද සමගින් ලෝක වෙළෙඳපොළට හඳුන්වාදෙනු ලබයි. නිල් මැණික් පිළිබඳව ලෝක වෙළෙඳ‍පොළෙහි ඇති පිළිගැනීම ප්‍රයෝජනයට ගැනීමේ අරමුණින් ලංකා නිල් මැණික් වර්ගීකරණ උපාය මාර්ගය නිර්මාණය කර තිබේ. මෙහි ප්‍රධානතම අරමුණ වන්නේ ලෝක වෙළෙඳපොළට තත්ත්වයෙන් උසස් නිල් මැණික් හා නිල් මැණික් අන්තර්ගත ස්වර්ණාභරණ සපයන ප්‍රධානතම සැපයුම්කරු බවට ශ්‍රී ලංකාව පත්කර ගැනීමයි. මෙම වෙළෙඳ සන්නාමය යටතේ නිෂ්පාදිත අයිතමයන් දෙස් විදෙස් පතල නිර්මාණකරුවකු මගින් ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලැබේ.

 

දියමන්ති කැපීම සහ ඔපදැමීම

තරඟකාරී මිළ ගණන් මත වන නිපුණ ශ්‍රමය හා සබැඳුනු මිත්‍රශීලී සහ ඉදිරි දැක්මක් සහිත ආයෝජන පරිසරයක් ඇති රටක් ‍ලෙස ගෝලීයව ඇති පිළිගැනීම ශ්‍රී ලංකාව තුළ දියමන්ති කැපීම සහ ඔප දැමීම පිණිස ආකර්ෂණීය පදනමක් ඇති කර තිබේ.

කැපුම් මධ්‍යස්ථානයක් ලෙස සාර්ථකත්වය අත් කර ගැනීම සඳහා මූලික වී ඇත්තේ රටෙහි ඉහළ සාක්ෂරතාවයක් ඇති සහ පුහුණු කළ හැකි ශ්‍රම බලකායයි. නව තාක්ෂණවේදයන් කෙරේ ගැලපීමට ඇති හැකියාව ජාත්‍යන්තර වශයෙන් ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන ජාත්‍යන්තර පිළිගැනීමක් අත් කර ගන්නා උසස් තත්ත්වයෙන් යුත් ඔප දැමූ දියමන්ති නිපැයුම් කර්මාන්තයකට උපකාරී වී තිබේ.

ශ්‍රී ලංකාවේ විශේෂ නිපුණත්වය ඇත්තේ කපා සහ කැබලි කර ආනයනය කරනු ලබනා ඉතා ඉහළ තත්ත්වයෙන් යුත් දියමන්ති කුඩා ප්‍රමාණයන්ට සැකසීමයි. තියුණු දාර සහිත සම්ප්‍රදායික කැපුම් ක්‍රමයට අමතරව විශේෂයෙන් Taper, Baguette, Princess යනාදී කැපුම් ක්‍රම ගණනාවක් බොහෝ දියමන්ති කැපුම් සමාගම් විසින් භාවිතා කරනු ලැබේ.

5000 කට අධික සේවක ප්‍රමාණයක් රැකියා නියුක්තව සිටිනා විශාල ප්‍රමාණයේ ආයතන 14 ක් සහ කුඩා පරිමාණයේ ආයතන 15 කට අධික ප්‍රමාණයක් රට තුළ තිබේ.

ශ්‍රී ලංකාවේ සංවිධානාත්මකව පවතින මෙම කර්මාන්තය ඊශ්‍ර‍ායලය සහ ඉන්දියාවෙන් ගෙන්වනු ලබනා කැපුම් යන්ත්‍ර සහ ඔප දැමුම් යන්ත්‍ර මගින් දියමන්ති කැපීම හා ඔපදැමීම සිදුකරනු ලබයි. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර දියමන්ති නිපැයුම් සංගමයේ සාමාජිකයෙක් වන අතර කිම්බර්ලි සැකසුම් ගිවිසුමට අත්සන් තබා සිටී.

දියමන්ති, මැණික් සහ ස්වර්ණාභරණ පිළිබඳ අපනයන කාර්ය සාධන සාරාංශය 2006-2008 (වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන)