ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන

ග්‍රැනයිට්

අනෙකුත් බොහෝ රටවල් මෙන්ම ශ්‍රී ලංක‍ාවේද පාෂාණ වල වටිනාකම හඳුනාගෙන ඇති අතර ශත වර්ෂ ගණනාවක් ඈතට දිවෙනා ශිලා කර්මාන්තයන් ඊට සාක්ෂි දරනු ඇත. විවිධ හැඩතලයන්ගෙන් නිමවන ලද පාෂාණයන් මෙන්ම පාෂාණයන් උපයෝගී කර ගනිමින් කරන ලද විශිෂ්ට කැටයම් දිවයිනේ ඇති පෞරාණික නගර වල අදද දැකිය හැකිය.

කල් පවත්නා මෙන්ම ලගන්නා සුළු ද්‍රව්‍යයක්ද වන ග්‍රැනයිට්, භූමිය අභ්‍යන්තරයේ ගැඹුරු තැන් වලින් කණිනා හෙයින් එය ලබා ගැනීම පහසු නැත. මෙම ග්‍රැනයිට් තුළ ගැබ් වන ස්වභාවය ස්වභාවධර්මයේ නිර්මාණශීලීත්වය පිළිබඳ එනම් එහි සංයුතික රටාවන් එම ස්ඵටික තැනීමෙන් ඇති වූ යෝධ පීඩනයන්, පෘථිවිය අභ්‍යන්ත‍රයේ පවතින දැවෙන සුලු උෂ්නත්වය සහ ගෙවුනු සියවසේ හටගත් ගිනිකඳු පිපිරීම් තුළ සිදුවූ ප්‍රචණ්ඩ නිපැයුමයි. ග්‍රැනයිට් ගෘහෝද්‍යානයන්ට, නිවෙස් වලට හා ශ්‍රී ලංකවේ පැරණි රාජ්‍යත්වයට අයත් ආගමික සිද්ධස්ථාන වලට හා මාළිගා වලට මනහාරීත්වයක් එක් කරනා අතර ඒවාට කිසිදා නොනැසෙන එමෙන්ම සියවස් ගණනාවක් පැවතුණ අලංකාරත්වයක් එකතු කර තිබේ.

කැපූ සහ ඔප දැමූ ගල් වශයෙන් සැකසීම සඳහා සුදුසු වන්නා වූ ප්‍රධාන ග්‍රැනයිට් නිධි වර්ග 4 ක් ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව සතුවේ.

  • granite proper
  • gneissose
  • granite regmatite
  • graphic granite

ශ්‍රී ලංකාවේ ග්‍රැනයිට් වල වර්ණය, අංශු ව්‍යුහය, දැඩි බව හා ශක්තිය ජාත්‍යන්තර වෙළෙඳපොළට කදිමට ගැලපේ.

  • ශිලා ආකෘති
  • ඔප දැමූ ග්‍රැනයිට් පුවරු හා උළු
  • රළු ග්‍රැනයිට් කුට්ටි
  • සොහොන් ගල්
  • පවුරු ආරක්ෂක ආස්තරණ
  • ස්මාරක
  • පාෂාණමය විසිතුරු භාණ්ඩ

ප්‍රධාන අපනයන වෙළෙඳ පොළවල්

කැනඩාව, ජපානය, නවසීලන්තය, ඉතාලිය, එක්සත් රාජධානිය, තායිලන්තය සහ බෙල්ජියම



 

ගුණාත්මකභාවය

විශිෂ්ට නිෂ්පාදනයක් ලෙස නිත්‍යව පවත්වා ගැනීම සඳහා නිෂ්පාදනයේ සෑම පියවරක හා සෑම අවස්ථාවකම ඉහළම මට්ටමේ තත්ත්වයන් පවත්වා ගනු ලැබේ. මෙය ප්‍රධාන වශයෙන් අවස්ථා දෙකකදී සිදු කෙරේ. පළමුව යන්ත්‍ර වල ක්‍රියාකාරීත්වය බොහෝ දුරට ස්වයංක්‍රීය කෙරෙන අතර  නඩත්තු පහසුකම් අන්තර්ගත පද්ධති සහා ආරක්ෂණ උපක්‍රමයන් අන්තර්ගත යන්ත්‍ර අඛණ්ඩව භාවිතා කෙරේ. දෙවනුව විශේෂ ක්‍රමාංකන උපකරණ ආධාරයෙන් මෙහි සෑම අදියරක්ම පරීක්ෂා කෙරේ.


සැපයුම් තත්ත්වය

විවිධ වර්ග වලට අයත් පාෂාණයන් බහුලව ශ්‍රී ලංකා භූමිය තුළ පවතින අතර ඉතා පහසුවෙන් ලබාගත හැකි කුඩා ප්‍රමාණ ස්ඵටික ලෙස හා විශාල කුට්ටි වශයෙන්ද තැන්පත්ව ඇති බැවින් ආනාගතයේදී පුළුල් හා මහා පරිමාණ නිෂ්පාදනයන් ලෙස ලොවට ලබාදීමේ හැකියාව ඇත.

ප්‍රධ‍ාන ඛනිජ වැලි වර්ග

රූටයිල්, සර්කෝන්, ඉල්මනයිට්

ප්‍රධාන වෙළෙඳපොළවල්

ජපානය

සංයුතිය

සැපයුම් තත්ත්වය

පුල්මුඩේ ආශ්‍රිත ඛනිජ නිධියන් ඊසාන දිග මෝසම් සමයත් සමග වාර්ෂිකව 15% ක ප්‍රමාණයකින් ඉහළ යන අතර වාර්ෂික මෙ.ටො. 150000 පමණ පරිභෝජනයකින් පසුව වුවද තවත් වසර 25 ක ප්‍රමාණයකට සෑහේ. පුල්මුඩේ ප්‍රදේශයේ පවතින මෙ.ටො. මිලියන 4 හි 60% කට වඩා ඛනිජ වැලි අඩංගු වන බැවින් ලෝකයේ හොඳම ඛනිජ තැන්පතුව ලෙස දැක්විය හැකිය.