ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

අත්කම් භාණ්ඩ

ශ්‍රී ලංකාව සංචාරකයන්ට මෙන්ම අපනයනය සඳහාද අතිශය අලංකාරවත් අත්කම් භාණ්ඩ නිපදවයි. වර්තමානයේදී ශිල්පීන් විශාල ප්‍රමාණයක් විසින් සම්ප්‍රදායික සිහිවටන සහ නව්‍ය උපයෝගී භාණ්ඩ නිපදවනු ලබයි.

නිෂ්පාදන

යුග ගණනාවක් තිස්සේ පැවතෙන නිපුන ශිල්පීය ඥානය සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමය අපේ අත්කම් භාණ්ඩ කෙරේ විශාල බලපෑමක් සිදු කර තිබේ. මූලික වශයෙන් ගත් කල ශිල්පීහු වැඩි වශයෙන් දැව, පන්, උණ සහ බට, පොල් කෙඳි, වේවල්, පිත්තල සහ අත්යන්ත්‍ර රෙදි පිළි වැනි දේශීය වශයෙන් සපයා ගත හැකි අමුද්‍රව්‍ය අත්යන්ත්‍ර නිෂ්පාදනය සඳහා භාවිතා කරති. අපනයනය සඳහා වන අත්කම් භාණ්ඩ අතරට අධ්‍යාපනික කෙළි බඩු, උපයෝගිතා භාණ්ඩ වැනි දෑ, දැවමූවා තෑගි සහ ඇසුරුම් ද්‍රව්‍ය වැනි දැවමය භාණ්ඩ ද, මුළුතැන්ගෙයි උපකරණ සහ නාන කාමර උපාංග වැනි ගෘහ ආම්පන්න ද, ටෙරා කොටා බඳුන් සහ පෝසිලේන් විසිතුරු බඩු වැනි මැටි නිපැයුම් ද ඇතුළත් වේ.

නිෂ්පාදකයන්ටද ස්වකීය ගැනුම්කරුවන්ගේ විවිධ අවශ්‍යතාවයන්ට ගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීමේ සහ ඔවුන්ගේ අවශ්‍යතාවයන් ගැලපෙන සේ නිෂ්පාදනයන් සැකසීමට නම්‍යශීලි බවක් පවතී. ශ්‍රී ලංකාවේ අත්කම් භාණ්ඩ නිෂ්පාදකයන්ට වර්ධනය වන සංචාරක වෙළෙඳපොළක් සඳහා සේවා සැපයීමේ අවස්ථාව හිමිව ඇති අතර එමගින් ඔවුනට විදේශ වෙ‍ළෙඳපොළවල් වෙතින් යොමු වන ගැනුම් කරුවන්ගේ විවිධාකාරයේ රුචිකත්වයන් සහ අවශ්‍යතාවන් හඳුනාගැනීමටද ඉඩ ලැබේ.

රාජ්‍ය අංශයේ දායකත්වය

මෙම කර්මාන්තයේ සංවර්ධනය උදෙසා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය මෝස්තර සංවර්ධන වැඩසටහන්, වැඩමුළු/සම්මන්ත්‍රණ සහ විදෙස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. එසේම, නිර්මාණ ශිල්පීන්ද කර්මාන්තයේ දියුණුව උදෙසා, ජාතික ශිල්ප සභාව, ජාතික මෝස්තර මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා අත්කම් භාණ්ඩ මණ්ඩලය වැනි ර‍ජයේ ආයතන සමග සමීපව කටයුතු කරති.

ශ්‍රී ලංකාව නිතිපතාම ජාත්‍යන්තරව ප්‍රධාන වෙළෙඳ සල්පිල් වන ෆ්‍රෑන්ක්ෆර්ට් ජාත්‍යන්තර වෙළෙඳ සල්පිල, ජර්මනියේ ඇම්බියන්ටේ සහ නියු‍රම්බර්ග් ජාත්‍යන්තර කෙළිබඩු ප්‍රදර්ශනය වැනි විදේශීය ප්‍රදර්ශන වලට සහභාගී වේ. මෙවැනි සල්පිල් වලදී බොහෝ ගැනුම් කරුවන් ශ්‍රී ලංක‍ාවේ කුටියට පැමිණෙන අතර ඔවුහු ‍මෙම නිෂ්පාදනය වල ගුණත්වය සහ මිල කෙරේ ඇදී එති.

ශිල්පී ගම්මාන

බත්තරමුල්ලේ ජනකලා මධ්‍යස්ථානයේ සහ බොහෝ සංචාරකයන් ආකර්ශණය වන්නා වූ කීර්තිමත් ඓතිහාසික ස්ථානයක් වන සීගිරියේ සීගිරිය ශිල්පී ගම්මානය යනුවෙන් ගම්මාන දෙකක් ස්ථාපිත කර තිබේ.

බත්තරමුල්ලේ සහ සීගිර‍ියේ පිහිටි මෙම ශිල්පී ගම්මාන වල ප්‍රදර්ශනය කෙරෙනා පුළුල් සම්ප්‍රදායික අත්කම් එකතුව නරඹා අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නරඹන්නන්ට අවස්ථාව ලැබේ.  නිපුන ශිල්පීහු මෙම මධ්‍යස්ථානයන්හි ඇති පොදු පහසුකම් භාවිතා කරමින් මෙම භාණ්ඩ නිපදවන අතරේ මෙම ගම්මානයන්හිම එම නිපැයුම් අළෙවි කරති.

මෙහි පැමිණෙන සංචාරකයන්ට අත්කම් භාණ්ඩ නිෂ්පාදන ක්‍රියාවලියේ අභ්‍යන්තරය පිළිබඳ දැකගැනීමට මෙන්ම එකම තැනකදී අවශ්‍ය දෑ මිළදී ගැනීමටද අවස්ථාව සැලසේ.



 

දැව මත පදනම් වූ නිෂ්පාදන

ඔබේ ජීවන රටාවට අලංකාරයක් එක් කරමින් උපයෝගීතාවය සහ සුන්දරත්වය සම්බන්ධ කරන විශිෂ්ට දැවමය අත්කම් භාණ්ඩ රැසක් මෙහි තිබේ. මෙසේ ශ්‍රී ලංකාව තුළ නිපදවනු ලබනා ඇතැම් දැවමය අත්කම් භාණ්ඩ වනුයේ තෑගි භාණ්ඩ පෙට්ටි, කෙළි-බඩු , පෙර පාසල් දරුවන් සඳහා වන අධ්‍යාපන භාණ්ඩ, ගෘහ උපකරණ, බිත්ති සැරසිලි, විසිතුරු අබරණ, කුඩා ප්‍රතිමා, නෙලන ලද ප්‍රතිමා, ලාක්ෂා නිෂ්පාදන, විසිතුරු නිපැයුම් සහ කාලීන සැරසිලි ය.

විසිතුරු පිඟන් බඩු

ගෘහස්ථ උපයෝගී භාණ්ඩ මෙන්ම එකතු කරන්නන් විසින් ගනු ලබනා අද්විතීය විසිතුරු භාණ්ඩද,  අත්කම් පිඟන් භාණ්ඩ, මීට ඇතුළත් වේ. මේ සෑම භාණ්ඩයකටම ඊටම අදාළ වූ මට්ටමක් තිබේ. ශ්‍රී ලංකාවේ පිඟන් බඩු සඳහා ඇමරිකා එක්සත් ජනපදය, ඔස්ට්‍රියාව, ස්වීඩනය, පෙරදිග රටවල් මෙන්ම ඕස්ට්‍රේලියාවෙන්ද ඉහළ ඉල්ලුමක් පවතී.

කෘතිම මල්

අපනයන වෙළෙඳපොළ සඳහා කෘතිම මල් නිෂ්පාදනය කෙරේ. ගෘහ සහ ගොඩනැගිලි ඇතුළත සැරසිලි කිරීමේ කාර්යය සඳහා පුළුල් පරාසයක පැතිරුණු කෘතිම මල් නිෂ්පාදන භාවිතා කෙරේ.

පොල් මත පදනම් වූ නිෂ්පාදන

පොල් මත පදනම් වූ නිෂ්පාදන සම්ප්‍රදායික ශිල්පය නවීන කලාවන් හා මිශ්‍ර කරයි - අලංකාරවත් අභරණ පෙට්ටි, ලිපි විවරකරනයන්, කැවිලි බන්දේසි, කොහු පාපිසි, මල් බඳුන්, අළු බඳුන්, හැඳි, වෙස් මුහුණු සහ පොල් ලෙල්ලෙන් කරන කැටයම් මීට ඇතුළත් වේ.

රෙදි පිළි මත පදනම් වූ නිෂ්පාදන

මනහර මෝස්තරයන්ගෙන් යුත් රේන්ද එම්බ්‍රොයිඩරි සහ අලංකාර බතික් නිෂ්පාදනයන් ද මීට ඇතුළත් වේ. මේවා නිර්මාණය කරන්නේ අතින් අඳින ලද මෝස්තර මත ඉටි යෙදීමෙන් හා විවිධ වර්ණයන්ගෙන් ඩයි දැමීමේ ක්‍රියාවලියක් තුළිනි. පුද්ගලික මෙන්ම ගෘහස්ත පරිභෝජනය සඳහා අලංකාර බතික් නිපැයුම් රාශියක් නිෂ්පාදනය කරනු ලැබේ.

රිදී භාණ්ඩ

ශ්‍රී ලංකාවේ රිදී භාණ්ඩ මගින් රටේ පුරාණ සංස්කෘතික උරුමයේ බලපෑම ප්‍රදර්ශනය වන අතර එය අලංකාරවත් ශිල්පීය නිපුනත්වයක් පිළිබඳ දෙස් දෙයි' පුළුල් පරාසයක පැතිරුණු අලංකාරවත් රිදී බඩු මෙහිදී ලබා ගත හැකිය. එනම්, බන්දේසි,  බිත්ති පුවරු, මැණික් එබ්බවූ පිළියෙන් සරසන ලද අලි, හැඳි ගෑරුප්පු, ‍ෙත් බඳුන් කට්ටල, විවිධ පෙට්ටි සහ වෙනත් විසිතුරු භාණ්ඩ වේ.

පිත්තල භාණ්ඩ

ශ්‍රී ලංකාවේ පිත්තල භාණ්ඩ නිෂ්පාදනය යනු විවිධ පාරිභෝගික රුචීන්ට ගැලපෙන පුළුල් විවිධත්වයෙන් යුත් නිපැයුම් සැපයෙන විශිෂ්ඨ ශිල්පයකි. මෙම පිත්තල භාණ්ඩ අතරට පිත්තල බන්දේසි, පුවරු, ඉටිපහන් රඳවනයන්, ලාම්පු, මල් බඳුන්, අළු බඳුන් සහ කුඩා ප්‍රතිමා අයත්වේ.

කූඩ

ශ්‍රී ලංකා‍ෙ‍ව් කූඩා නිෂ්පාදනයන් කරනු ලබන්නේ විවිධාකාරයේ පන්/වේවැල් සහ උණ, බට වලිනි. මෙම නිෂ්පාදනයන්ට කිළිටි රෙදි කූඩ, අත් බෑග, බන්දේසි, විසිතුරු මේස කලාල, පසුම්බි, වොලට්ටු, පෙට්ටි සහ අනෙකුත් විසිතුරු සහ උපයෝගී භාණ්ඩ රැසක් අයත් වේ.