ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදන

ශ්‍රී ලංකා අත්යන්ත්‍ර රෙදිපිළි නිෂ්පාදනය ඉහළ ශ්‍රම සූක්ෂම, අපනයනාභිමුඛ එසේම ග්‍රාමීය පදනමින් ක්‍රියාත්මක, ඉහළ ආදායම් උත්පාදනය කරනා කර්මාන්තයකි. ශ්‍රී ලංක‍ාවේ විශේෂයෙන්ම ග්‍රාමීය කාන්තාවන් අතරෙහි ආදායම් උත්පාදන විභවයක් සහිත ඉහළ වැදගත් කමකින් යුත් සේවා නියුක්තියක් පැවතීම හේතුවෙන් මීට ඉතා ඉහළ සමාජ ආර්ථික වැදගත් කමක් හිමිවේ.

අතින් වියනු ලබනා නිෂ්පාදනයන් ඒවායේ අන්තර්ගත විශේෂ ගුණාංගයන් හේතුවෙන් අනෙකුත් රෙදි පිළි නිෂ්පාදනයන්ට වඩා අනන්‍ය සහ අද්විතීය බවක් අත් කර ගනී. ප්‍රධාන වශයෙන්ම කපු මත පදනම් වන හෙයින් එමගින් ‍පහසු භාවිත ගුණාංගයන් ප්‍රදර්ශ‍නය කෙරෙන අතර ඊට එහි වියමන් ක්‍රමවේදය ද බලපායි.

කුඩා, මධ්‍යම සහ විශාල පරිමාණයේ ඒකකයන් ද ඇතුළුව පුද්ගලික අත්යන්ත්‍ර නිෂ්පාදකයන් 962 කු පමණ අත්යන්ත්‍ර නිෂ්පාදන ක්‍රියාව‍ලියේ නිරතව සිටිති. මීට අමතරව පළාත් සභා අටට නිෂ්පාදන මධ්‍යස්ථාන 771 ක් හිමිව තිබෙන අතර මෙම කර්මාන්තය පුද්ගලයන් 15000 කට ආසන්න ප්‍රමාණයකට රැකියා සපයයි.

අදාළ කර්මාන්තය පසුගිය වසර කිහිපය තුළ වර්ධනයක් වාර්තා කර තිබේ. 2005 වසරේදී අත් යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදන අපනයනයන් 2000 වසරේදී පැවති රුපියල් මිලියන 104 සිට රුපියල් මිලියන 135 දක්වා ඉහළ ගොස් තිබේ. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි බොහෝ අත්යන්ත්‍ර රෙදි පිළි ඒකක පිහිටා තිබුණද අපනයන ආදායමට වගකියනු ලබන්නේ ව්‍යවසායකයන් 10-15 ක් පමණ පිරිසකි. අපනයන වෙළඳපොළෙහි සැලකිය යුතු ප්‍රමාණයකට වගකියනු ලබන්නේ අත්යන්ත්‍ර රෙදි පිළි වලින් නිපදවන ලද මෘදු කෙළි බඩු (soft toys), තිර රෙදි, මේස සහ ඇඳ ඇතිරිලි, නාන කාමර සහ මුළුතැන්ගෙයි රෙදි පිළි, කුෂන් කවර වැනි‍ දේ මගිනි. මෙම ද්‍රව්‍යයන් ලෝකයේ ඉහළම විචක්ෂණභාවයකින් යුත් වෙළෙඳපොළවල් අතරින් සමහරකට අපනයනය කෙරේ.



 

අත්යන්ත්‍ර රෙදි පිළි ආශ්‍රිත නිෂ්පාදන

  • අත්යන්ත්‍ර රෙදිපිළි වලින් නිපදවන ලද මෘදු කෙළි-බඩු
  • ඇඳ ඇතිරිලි
  • මේස ඇතිරිලි
  • මු‍ළුතැන්ගෙයි රෙදි පිළි
  • නාන කාමරයේ රෙදි පිළි
  • පොරාදු (upholstery) සහ ඇදුම් මසනා රෙදි පිළි
  • තිර රෙදි

සැපයුම් පදනම -  ස්ව නිෂ්පාදන

තාක්ෂණවේදය

සම්ප්‍රදායික දැවමය රෙදි වියන යන්ත්‍ර සහ වියමන් ක්‍රමවේදයන් සහ ‍පාපෝරු වියන යන්ත්‍ර

තත්ත්ව ප්‍රමිතීන්

  • යුරෝපියානු ප්‍රමිතීන් සහ ඇමරිකානු ප්‍රමිතීන්

අපනයනය සඳහා අවශ්‍ය සහතික

  • ජී එස් පී සහතිකය
  • ප්‍රභවය පිළිබඳ සහතිකය

රේඛීය ආයතන/ සංගම්

  • පේෂ කර්මාන්ත සංවර්ධන අමාත්‍යංශය
  • අත්යන්ත්‍ර නිෂ්පාදකයන්ගේ හා අපනයනකරුවන්ගේ සංගමය
  • රෙදි පිළි හා ඇඳුම් තාක්ෂණ දෙපාර්තමේන්තුව
  • ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය