තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
කර්මාන්තය පිළිබඳ සමස්ත දැක්ම
ශ්‍රී ලංකාව දකුණු ආසියානු කලාපයේ ඉහළම සාක්ෂරතාවයට (92%) හිමිකම් කියන අතර ගෝලීය ප්‍රමිතීන් හා සලකන කල්හිද ඉහළින්ම සිටී. තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතු වූවන් සම්බන්ධයෙන් සලකන කල ඊට වර්ධනය වන්නා වූ නිපුන, වෙනස් වන තත්ත්වයන්ට හැඩගැසිය හැකි හා පිරිවැය ඵලදායි තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායක් සිටින ශ්‍රී ලංකාවේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රයට රාජ්‍ය විශ්ව විද්‍යාල හා පුහුණු ආයතන මගින් දල වශයෙන් 1500 ක ප්‍රමාණයක්ද වෙනත් පුද්ගලික අධ්‍යාපන ආයතන හරහා 4000 ක පමණ ශ්‍රම බලකායක් වාර්ෂිකව එකතුවේ.
ව්‍යාපාරික භාෂාව වශයෙන් ඉංග්‍රීසි භාවිතා වන අතර එය ශ්‍රී ලංකාව තුළ බහුලව භාවිතා වේ.
චන්ද්‍රිකා හෝ ෆයිබර් ඔප්ටික් කේබල් හරහා වන තත්පරයට මෙගා බයිට් 150 දක්වා වන ධාරිතාවයක් ඇති ස්ථාවර සහ රැහැන් රහිත දේශීය දුරකථන ක්‍රියාකරුවන් තිදෙනෙක් ජංගම දුරකථන ක්‍රියාකරුවන් සිව් දෙනෙක් සහ පොදු දුරකථන ක්‍රියාකරුවන් 05 දෙනෙකුගෙන් සමන්විත දකුණු ආසියාවේ ඉහළම නිදහසක් සහිත දුරකථන කර්මාන්තයක් ශ්‍රී ලංකාවෙහි ඇත.
වර්තමානයේ ශ්‍රී ලංකාවේ මෘදුකාංග සමාගම් 75 ක් පමණ ක්‍රියාත්මකව පවතින අතර මෘදුකාංග හා ආශ්‍රිත සේවාවන්ගෙන් 2003 වසර තුළ ශ්‍රී ලංකාවේ ඇස්තමේන්තුගත අපනයන ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් විය. වර්තමානයේදී ශ්‍රී ලංකාව එක්සත් රාජධානිය, අයර්ලන්තය, ඇමරිකා එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව වැනි රටවල් සඳහා මෘදුකාංග නිර්මාණය කරන බාහිර මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරන අතර ස්වීඩනය, නෝර්වේ, ඇමරිකා එක්සත් ජනපදය, ජපානය වැනි රටවල් සමග හවුල්ව ව්‍යාපාර කෙරෙන මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කරයි.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අංශය කෙරෙහි වූ සිය සහයෝගය තවදුරටත් තහවුරු කරමින් ශ්‍රී ලංකා රජය මෑතකදී රටේ ආර්ථික සංවර්ධනය ඇති කිරීමට, දිළඳුකම තුරන් කිරීමට, ජනතාවෙග් ජීවන තත්ත්වය උසස් කිරීමට මෙන්ම සියළු ශ්‍රී ලාංකීය වැසියනට ෙතාරතුරු තාක්ෂණය භාවිතා කිරීමට නව අවස්ථා සලසා දීම සඳහා e-Sri Lanka ව්‍යාපෘතිය ඇරඹීය.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍ෂේත්‍රයේ අන්තර්ජාතික සමාගම් කිහිපයක් ශ්‍රී ලංකාවේ ආයෝජන ඇති අතර එම සමාගම් අතරින් ඇතැම් ආයතන ඔවුන්ගේ පර්යේෂණ සහ සංවර්ධන අංශයෙන් ශ්‍රී ලංකාවේ පවත්වා ගෙන යති. එසේම ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන්, ක්‍රොඒෂියාව වැනි කොටස් වෙළෙඳපොළවල්හි ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදුකාංග ක්‍රියාත්මක වේ. එසේම එක්සත් අරාබි එමීරයේ එමිරේට්ස්, බර්ටන්-ස්කැන්ඩිනේවියා වැනි ගුවන් සමාගම් ද ශ්‍රී ලංකාවේ නිර්මාණිත මෘදුකාංග භාවිතා කරති.
මානව සම්පත් කළමනාකරණය, දුරකථන බිල්පත් නිකුතුව වැනි අංශ වලද ශ්‍රී ලංකාවේ මෘදුකාංග ප්‍රසිද්ධියක් උසුලයි. වර්තමානයේ ශ්‍රී ලංකාවේ මෘදුකාංග නිෂ්පාදන සමාගම් ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ ජපාන වෙළෙඳ සමාගම් සඳහා බහිස්සේවාර්ථනය (outsourcing) සිදුකරයි
සන්නිවේදන යටිතල පහසුකම්
ශ්‍රී ලංකාවේ සන්නිවේදන කර්මාන්‍තය ආසියාවේ ඉහළම තරඟකාරී මධ්‍යස්ථානය බවට පත් කරමින් මූලික ආයතන තුනක් ජංගම දුරකථන ආයතන හතරක් සහ ගෙවුම් දුරකථන සේවා හයක් ඇතුළුව දුරකථන සේවා සපයන බහුවිධ සේවා ආයතන ලංකාවේ දක්නට ලැබේ. 1997 - 1999 දක්වා කාලය තුළ ස්වීඩනයේ ටෙලියා ඒ බී සහ ඇමරිකා එක්සත් ජනපදයේ ජී ටී ඊ නෝර්ටෙල් මගින් මෙහෙයවනු ලබන රැහැන් රහිත දේශීය දුරකථන ක්‍රියාකාරී ආයතන දෙකක් වෙළෙඳපොළට පිවිසීමත් සමග ස්ථාවර දුරකථන සවිකරනු ලැබූ ප්‍රමාණය 84% කින් ඉහළ ගොස් තිබේ. එසේම ශ්‍රී ලංකාවේ විදුලි සංදේශ කර්මාන්තය තුළ නියුතු ප්‍රධාන අනෙක් පාර්ශව කරුවන් වනුයේ එන් ටී ටී, එරික්සන්, ටෙල්ස්ට්‍රා, හචිසන්, වැම්පෝවා සහ මැලේසියා ටෙලිකොම් වැනි ක්ෂේත්‍රයේ ගෝලීය දැවැන්තයන්ය. තවද පාලන නීති රීති ලිහිල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස 35% ක කොටස් ප්‍රමාණයක් ඇමරිකානු ඩොලර් මිලියන 225 කට ශ්‍රී ලංකා ටෙලිකොම් වෙතින් මිළදී ගනිමින් ජපානයේ එන් ටී ටී ආයතනය සම්බන්ධ වීමත් සමග රටේ එතෙක් සිදුකරන ලද විශාලතම පුද්ගලීකරණ ව්‍යාපෘතියේ මූලාරම්භය සනිටුහන් විය.
ශ්‍රම බලකාය
මිලියන 19.2 ක ජනගහනයක් සහිත රටේ සමස්ත ශ්‍රම බලකාය දළ වශයෙන් 670,000,000 කි. රටේ වාර්ෂික සාමාන්‍ය ජනගහන වර්ධන අනුපාතය 1.2% කි. එමගින්, දැනට පවතින හා අළුතින් ආරම්භ කරන කර්මාන්ත වලට ස්ථාවර මිනිස් බල සැපයුමක් ලැබෙන බවට තහවුරු කෙරේ.
ළදරු පාසලේ සිට විශ්ව විද්‍යාලය දක්වා අධ්‍යාපනය රජය වෙතින් නොමිළයේ ලැබේ. ශ්‍රී ලංකාව නැගෙනහිර ආසියාවේ සීඝ්‍ර ආර්ථික වර්ධනයක් සහිත රටවල් අතරට ගැනෙන අතර මානව සංවර්ධන සුචිය අනුව එය දකුණු ආසියාවේ පළමු තැනට පැමිණ සිටී.
ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායේ තරඟකාරී වාසි
මෘදුකාංග සංවර්ධනය කරා වන විසඳුම් කරා යොමුවූ එළැඹුමක් බවට පරිවර්තනය වන විශිෂ්ට ගණිතමය පසුබිම, තරඟකාරී වැටුප්, නිර්මාණශීලීත්වය, සාර්ථක සම්බන්ධීකරණය, තත්‍යතාවය සහ හසුරු කෞශල්‍යය
ශ්‍රම පිරිවැය දර්ශක
වර්ගය මාසික වැටුප් අනුපාතයන් (ඇ.ඩො)
පද්ධති කළමනාකරු 300-850
පද්ධති විශ්ලේෂක/ඉංජිනේරු 250-650
පද්ධති ක්‍රියාකරු/දෘඩකාංග ඉංජිනේරු 200-600
ක්‍රමලේඛක 150-300
පරිගණක ක්‍රියාකරු 100-250
දත්ත සටහන් ක්‍රියාකරු 70-200
පුහුණුවන්නන් 60-150
ප්‍රධාන සංගම්/ සංවිධාන
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සම්බන්ධයෙන් මැදිහත් ව කටයුතු කරනා ප්‍රධාන රාජ්‍ය ආයතනය වේ. 1979 වසරේදී 1979 අංක 40 දරණ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ ස්ථාපිත කරන ලද එය වර්තමානයේදී අපනයන සංවර්ධන හා විදේශීය වෙළෙඳ කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වේ.
ප්‍රධාන විධායකයා වන සභාපති හට අධ්‍යක්ෂ ජනරාල් හා අතිරේක අධ්‍යක්ෂ ජනරාල්ගේ සහාය හිමි වන අතර අධ්‍යක්ෂක වරයකු විසින් ප්‍රධානත්වය උසුලන අංශ කිහිපයක් මගින් දෛනික කටයුතු ක්‍රියාත්මක වේ.
වෙබ් අඩවිය www.srilankabusiness.com
ශ්‍රී ලංකා අායෝජන මණ්ඩලය
දකුණු ආසියානු කලාපයේ තරඟකාරීත්ව ලබා ගැනීමට අගය එකතු කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව නිර්මාණය කිරීම සඳහා අයෝජන මණ්ඩලය පහසුකම් සපයයි.
වෙබ් අඩවිය www.boi.lk
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) www.icta.lk
ශ්‍රී ලංකා මෘදුකාංග කර්මාන්ත සංගමය (SLASI)
www.slasi.com
|
|
ශ්‍රී ලංකා මෘදුකාංග කර්මාන්ත සංගමය යනු රටේ මෘදුකාංග කර්මාන්තයෙහි ජාතික නියෝජිතයා වේ. 1992 වසරේදී මෙම සංගමය ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සහ තොරතුරු තාක්ෂණ සභාවේ (CINTEC). සහායෙනි.
1996 ජනවාරි මාසයේදී ශ්‍රී ලංකා මෘදුකාංග කර්මාන්ත සංගමය ශ්‍රී ලංකා පරිගණක අළෙවිකරුවන්ගේ සංගමය (SLCVA) සහ පරිගණක පුහුණු සංවිධාන සංගමය (ACTOS) සමගින් තොරතුරු තාක්ෂණ ආයතන ෆෙඩරේෂනය බිහිකිරීම උදෙසා අත්වැල් බැඳගනු ලැබීය.
මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමය (SEA)
අපනයන ආදායම ඉහළ නැංවීම, සාමූහික ප්‍රයත්නයන් තුළින් මෘදුකාංග සහ සේවා අළෙවිකරණය වර්ධනය කිරීම මෙන්ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට නව අායෝජන පොලඹවා ගැනීම යන ප්‍රධාන අරමුණු මුල් කරගෙන මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමය (SEA)1999 දී ස්ථාපිත කරන ලද්දේ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලෙය් සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුග්‍රහයන් සහිතවය.
ලිපිනය: ලංකා වානිජ මණ්ඩලය බාරේ
අංක 40, නවම් මාවත, කොළඹ 2
විද්‍යුත් තැපෑල: thusani@chambe
දුරකථන: 94-11-242 1745 - 6
වෙබ් අඩවිය: www.islandsoftware.com
පරිගණක පුහුණු සංවිධාන සංගමය(ACTOS)
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ තාක්ෂණ සභාවේ (CINTEC) අනුග්‍රහයෙන් ආරම්භක සාමාජිකයන් 14 දෙනෙකු සහිතව 1991 ජනවාරි මාසයේදී පරිගණක පුහුණු සංවිධාන සංගමය ස්ථාපිත කරන ලදි. වර්තමානය වන විට සංගමයේ සාමාජිකත්වය 16 කි. ඉහළ මට්ටමේ අධ්‍යාපනයක් හා පුහුණුවක් ලබාදීම උදෙසා සංගමයේ තාක්ෂණික ප්‍රමිති කමිටුව මගින් එහි සාමාජික සංවිධානයන් විසින් ඉදිරිපත් කරනු ලබනා අධ්‍යාපන ප්‍රමිතීන්, පුහුණු සහ පහසුකම් තක්සේරු කරනු ලබයි.
වෙබ් අඩවිය: http://www.slasi.com
තොරතුරු සඳහා: slasi@infotel.com.lk
ශ්‍රී ලංකා පරිගණක සමාජය (CSSL)
ශ්‍රී ලංකා පරිගණක සමාජය යනු ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ වෘත්තිකයන්ගේ සමාජයයි. එය රට තුළ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නියුතුව සිටින අයගේ වෘත්තීය තත්ත්වය නගා සිටුවීමට සහ තොරතුරු තාක්ෂණ ප්‍රවර්ධනය උදෙසා ප්‍රධාන කාර්ය භාරයක් ඉටු කරයි. මෙම සමාජය ආරම්භ කරන ලද්දේ 1976 වසරේදීය.
ලිපිනය: වෘත්තීය මධ්‍යස්ථානය
අංක: 275/75, බෞද්ධාලෝක මාවත, කොළඹ 7
දුරකථන: 94-11-2592762
ෆැක්ස්: 94-11-2508009
වෙබ් අඩවිය: www.cssl.lk
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය පරිගණක සමාජය
මෙය බ්‍රිතාන්‍ය පරිගණක සමාජයේ ශ්‍රී ලංකා ශාඛාවයි.
ලිපිනය: 51 මාකස් ප්‍රනාන්දු මාවත, කොළඹ 07
වෙබ් අඩවිය: www.bhccolombo.com
විශ්ව විද්‍යාල
පරිගණක පාසල - කොළඹ විශ්ව විද්‍යාලය (UCSC)
ශ්‍රී ලංකාවේ පැරණිතම විශ්ව විද්‍යාලය වන කොළඹ විශ්ව විද්‍යාලය යනු නගර මධ්‍යයේ ඉහළ වටිනාකමකින් යුත් අක්කර 50 ක භූමියක් පුරා විහිදුනු ආයතන පද්ධතියකි.
සරසවියේ විද්‍යා හා වෛද්‍ය විද්‍යා පීඨයන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල පද්ධතියේ පැරණිතම ඒවා මතු නොව අධ්‍යාපන පීඨය හා සම්පත් අතින්ද ඉහළම ස්ථානයේ පවතින ආයතන වන අතර .
අද වන විට කොළඹ විශ්ව විද්‍යාලය වසර 115 ක අභිමානවත් ඉතිහාසයක් උරුම කර ගනිමින් නවීන සහ ජාත්‍යන්තර ලක්ෂණයන්ගෙන් හා දර්ශනයෙන් යුත් අධ්‍යාපනික මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව තුළ කීර්ති නාමයක් දිනා ඇත.
වෙබ් අඩවිය: www.ucsc.cmb.ac.lk
මොරටුව විශ්ව විද්‍යාලය
ඉංජිනේරු පීඨයක්, වාස්තු විද්‍යා පීඨයක් හා තොරතුරු තාක්ෂණ පීඨයකින් සමන්විත මොරටුව විශ්ව විද්‍යාලය ලංකාවේ ප්‍රධානතම තාක්ෂණ සරසවියක් ද වේ.
වෙබ් අඩවිය: www.mrt.ac.lk
පේරාදෙනිය විශ්ව විද්‍යාලය
රටේ පළමු සරසවි ආයතනය වන ලංකා විශ්ව විද්‍යාලයේ අනුප්‍රාප්තිකයා වෙමින් පේරාදෙනිය සරසවිය පැරණිතම සරසවි සම්ප්‍රදායේ උරුමකරුවා වේ.
වෙබ් අඩවිය: www.pdn.ac.lk
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය SLIIT
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යනු විශ්ව විද්‍යාල පනත යටතේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගනු ලැබූ තොරතුරු තාක්ෂන ක්ෂේත්‍රයේ උපාධි ප්‍රදානය කිරීම සඳහා වන ප්‍රධාන ආයතනයයි. 1999 වසරේදී මෙය පිහිටුවන ලද්දේ සීඝ්‍රයෙන් වර්ධනය වන ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ කර්මාන්තය තුළ තොරතුරු තාක්ෂණ වෘත්තීයවේදීන් හට අධ්‍යාපනය හා පුහුණුව ලබාදීමේ අරමුණෙනි. ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතන ස්ථාපිත කිරීම කෙරේ එවකට පැවති අධ්‍යාපන හා උසස් අධ්‍යාපන, මුදල් හා සැලසුම් අමාත්‍යාංශය මෙන්ම දේශීය හා ජාත්‍යන්තර වානිජ හා ආහාර අමාත්‍යංශය මූලිකත්වය ගනු ලැබිණි.
වෙබ් අඩවිය: www.sliit.lk
තොරතුරු සඳහා: info@sliit.lk
වැදගත් සබඳතා

ශ්‍රී ලංකා රජය
www.gov.lk
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය
www.boi.lk
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
www.srilankabusiness.com
ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය
www.srilankatourism.org
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය
www.icta.lk
e-Sri Lanka
www.esrilanka.lk
ශ්‍රී ලංකන් ගුවන් සේවය
www.srilankan.aero
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසම
www.trc.gov.lk
ශ්‍රී ලංකා මෘදුකාංග අපනයනකරුවන්ගේ සංගමය
www.islandsoftware.org
ශ්‍රී ලංකා විද්‍යුත් නිපැයුම් කරුවන්ගේ හා අපනයන කරුවන්ගේ සංගමය
www.slemea.net |