ලුහු ඉංජිනේරු නිෂ්පාදන
හැඳින්වීම
ඉංජිනේරු නිෂ්පාදන අංශයෙහි වැදගත් පෝෂක කර්මාන්තයක් වනුයේ වාත්තු කර්මාන්තයයි. මෙමගින් යන්ත්‍ර සූත්‍ර සඳහා අවශ්‍ය වන කොටස් හා අමතර කොටස් මෙන්ම විවිධ උපකරණ හා ආම්පන්නද සපයනු ලබයි. තේ සහ රබර් කර්මාන්තයන් හි විවිධ ඉංජිනේරුමය නිෂ්පාදනයන්ට අදාළ වන අත්‍යවශ්‍ය අංගෝපාංග සැපයීමට අමතරව මෙහිදී සෘජුවම අපනයනය කළ හැකි ලෝහ නිපැයුම් විවිධ පරාසයන් යටතේ සපයනු ලබයි.
ප්‍රධාන වශයෙන්ම දේශීය වෙළෙඳපොළේ අවශ්‍යතා සපුරාලීම කෙරේ යොමු වුනද මෙම කර්මාන්තයට ඉහළ අපනයන විභවයක් ද පවතී. වර්තමානයේදී මෙම කර්මාන්තය මගින් අපනයනය කෙරෙනුයේ වාත්තු නිෂ්පාදන කිහිපයක් පමණි. තවද තේ, රබර් යනාදී කර්මාන්තයන්ට අවශ්‍ය උපාංගයන් සැපයීම මගින් එය අපනයනයට වක්‍රව දායක වේ.
වාත්තු කර්මාන්තයේ සංවර්ධනය ශ්‍රී ලාංකික ඉංජිනේරු අංශයට සුවිශේෂී දායකත්වයක් ලබා දේ. වාත්තු අංශයේ සංවර්ධන සහ සේවා ආයතනය දැනට පිහිටුවා ඇති අතර එය එහි හිමිකාරීත්වය මෙන්ම එය පවත්වා ගෙන යාම සිදු කරනු ලබන්නේ ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ වාත්තු කර්මාන්ත කරුවන් විසිනි. වාත්තු සංවර්ධන සහ සේවා ආයතනය ප්‍රධාන වශයෙන්ම නිපැයුම් වල ඵලදායකත්වය ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, වාත්තු උප අංශයේ වෙළෙඳපළ කොටස වැඩි කර ගැනීම, සහ ජාත්‍යන්තර පිරිවිතරයන්ට අනුව වාත්තු නිපැයුම් කිරීම සඳහා වාත්තු කර්මාන්තය වැඩි දියුණු කිරීම යනාදිය ඉලක්ක කරයි.
වාත්තු සංවර්ධන සහ සේවා ආයතනයේ සාමාජිකත්වය සමාගම් 50 කට වඩා දරණ නමුදු වර්තමානයේ සමාගම් 25 ක් පමණ ක්‍රියාකාරීව පවතී.
වාත්තු කර්මාන්තයේ වර්තමාන ව්‍යුහය
|
|
ධාරිතාවය |
මහා පරිමාන |
6 |
ටොන් 01 හෝ වැඩි |
මධ්‍ය පරිමාන |
8-10 |
කි.ග්‍රෑ. 101 < ටොන් 1 |
සුළු පරිමාන |
9-11 |
කි.ග්‍රෑ. 10 < කි.ග්‍රෑ 100 |
වාර්ෂික නිෂ්පාදන ධාරිතාව ටොන් 100,000 ක් පමණ වුවද වර්තමානයේ දක්නට ලැබෙනා උපරිම ධාරිතාව ටොන් 20,000 ක් පමණ වේ. මේ අනුව කර්මාන්තය වර්තාමනයේදී භාවිතා කරන්නේ එහි ධාරිතාවයෙන් 20% ක් පමණි.
|
|
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු නිෂ්පාදන අංශය රටෙහි නිදහස් වෙළෙඳ කලාපයන් තුළ මෙන්ම ඉන් පිටතද පිහිටා ඇති අපනයනාභිමුඛ ආයතන සහ කුඩා සහ මධ්‍ය පරිමාණ නිෂ්පාදන ඒකකයන් ඇතුළත් නිපැයුම් ඒකක 1000 කට වැඩි ප්‍රමාණයකින් සමන්විත වේ.
ශ්‍රී ලංකාව තුළ කෙරෙනා අධ්‍යයනයන්ගෙන් පෙනී යන්නේ දේශීය ලුහු ඉංජිනේරු කර්මාන්තය කාර්යක්ෂමතාව හා තරඟකාරීත්වය යනු කාරණා දෙක අතින්ම ජාත්‍යන්තර මට්ටමේ ලා තැබිය හැකි බවයි. වර්තමානයේදී රටෙන් සියුම් ආයුධ, වෑද්දුම් සහ විදුලි උපාංග බහාලුම් වැනි නිපැයුම් අපනයනය කෙරෙන අතර ඉහළ තත්ත්වයේ ජල පොම්ප සහ කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ දේශීය වෙළෙඳපොළ සඳහා නිපැයුම් කෙරේ.
මෙම නිපැයුම් පහත පරිදි ප්‍රධාන උප දෙවර්ගයකට බෙදිය හැකිය.
- කාර්මික සහ කෘෂිකාර්මික භාවිතය උදෙසා ඉංජිනේරු නිෂ්පාදන
දම්වැල්, ගාංචු, අගුල්, ටවර් බෝල්ට්, අසව්, සීකරයන් සහ ගිනි දිය මුව, ගිනි දඩු, කානු කවාට ආවරණ, සොරොව් දොරටු, යන්ත්‍ර කොටස්, නාවුක උපකරණ, සංඥා පුවරු, දුම්රිය එන්ජින් කොටස්, කිරුම් තරාදි, කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ, සහල් ඇඹරුම් යන්ත්‍ර, දැල්, කාර්මික කෘෂිකාර්මික ජල පොම්ප, ඉරුම් කියත් අමතර කොටස්, ශීතකරණ අමතර කොටස් යනාදිය,
- පරිභෝජන අවශ්‍යතා සඳහා ඉංජිනේරු නිෂ්පාදන
ඉරුම් යන්ත්‍ර සහ සිවිලිං විදුලි පංකා, මුට්ටි සහ තාච්චි, අගුල් සහ අල්ලු, ගෙවතු උපකරණ, ගෘහස්ථ ජල පොම්ප, තෙල් ලාම්පු සහ අනෙකුත් සිහිවටන
ලංකාවේ ක්‍රියාත්මකව පවතින වාත්තු කම්හල් වෙත අළු පැහැ යකඩ වාත්තු, තන්‍ය යකඩ වාත්තු, ඇළුමිනියම්, පිත්තල සහ වානේ වාත්තු නිපැයුම් සඳහා හැකියාව තිබේ.
ආයෝජන අවස්ථා
විදුලි පංකා, වායු සමීකරණ, ශීතකරණ, කුඩා එන්ජින් සහ ලෝහ ගෘහ භාණ්ඩ වැනි නිපැයුම් සඳහා ලංකාවේ ආයෝජන අවස්ථා පවතී. |