ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

වෙනත් සේවා

සහයෝගී සමාජ-දේශපාලන රාමුවක් තුළ ස්වදේශික හා උචිත තාක්ෂණය භාවිතා කරන ලද වාස්තුවිද්‍යා, ඉංජිනේරු, ඉදිකිරීම්, වාර්මාර්ග, වරාය හා සෞඛ්‍යාරක්ෂණ සේවාවන් මේ දිවයිනට කීර්තියක් අත්කර දී ඇත. පුරාතණ ශ්‍ර‍ී ලාංකීය සේවා කර්මාන්තකරුවන් විසින් සාර්ථකව භාවිතා කර ඇති සමහර තාක්ෂණයන් අදටත් සම්පූර්ණයෙන් වටහා ගත නොහැකිය. ලොව පළමු මහල් ‍ගොඩනැගිල්ල ලෙස වාර්තාගත වී ඇති (ලෝවා මහා පාය) මෙන්ම ගඩොලින් තැනූ විශාල නිර්මාණ මෙරට තුළ නිර්මාණය විණි. මෙලෙස, ශ්‍රී ලාංකීය ඉදිකිරීම් ඉංජිනේරුවන්ගේ කීර්තිය ලොවේ අනෙක් රටවල් වෙතද පැතිර ගිය අතර ඔවුන් සඳහා වූ ඉල්ලුම කෙසේද 8 වන සියවසේදී කාෂ්මීරයේ රජු වෙනුවෙන් වැවක් ඉදිකිරීමේ කාර්යය සඳහාද ඔවුන්ගේ සේවය යොදවා ගන්නා ලදි.  

වර්තමානය වන විට උසස් අධ්‍යාපන ආයතන ඇතුළුව විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල සහ වෘත්තීය පුහුණු ආයතන විශාල සංඛ්‍යාවක් ශ්‍රී ලංකාව සතුය. එම ආයතන තුළින් 5000 කට අධික පිරිසක් ඉංජිනේරු, වාස්තුවිද්‍යා සහ මැනුම් ආදී විෂය ධාරා‍වන්ගෙන් උපාධි සහ ඩිප්ලෝමා ලැබ පිටව යති.

වෘත්තීයමය පුහුණුව සාමාන්‍යයෙන් රැකියා හරහා ලබා දෙනු ලබන අතර ප්‍රධාන වශයෙන්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ඉං‍ජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම කාර්යාංශය, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, මිණින්දෝරු දෙපාර්තමේන්තුව වැනි  රාජ්‍ය ආයතන මෙහිදී විශේෂ වේ. ස්ථාපිත ආයතන තුළ, වාස්තුවිද්‍යා හා පරිගණක මෘදුකාංග වැනි ක්ෂේත්‍ර සඳහ‍ා ශක්තිමත් සැපයුම් පදනමක් තිබේ.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඉදිකරන ලද බෝවතැන්න ජල විදුලි ව්‍යාපෘතිය මෙන්ම මස්කෙලිය ඔය ජල විදුලි ව්‍යාපෘතිය වැනි මහා පරිමාණ ඉදිකිරීම් කටයුතු වලදී නිපුණ ශ්‍රී ලාංකිකයන් ජාත්‍යන්තර විශේෂඥයින් හා එක්ව කටයුතු කොට තිබේ.

පිරිවැය ඵලදායී තාක්ෂණය, ප්‍රවීණතාව, නිපුණ මිනිස්බලය, සහ ඉදිකිරීම් අමුද්‍රව්‍ය සුලභතාවය යන කරුණු හේතුවෙන් සේවා සම්බන්ධ ගෝලීය වෙළෙඳපොළ තුළ තරඟකා‍රී ලෙස කටයුතු කිරීමට  ශ්‍රී ලංකාවට හැකි වී තිබේ.

ශ්‍රී ලංකාව වෙතින් ලබා ගත හැකි සේවාවන් අතර පහත ඒවා ඇතුළත් වේ.

වෘත්තීයමය සේවා

  • ගණකාධිකාරණ, විගණන සහ පොත් තැබීම් සේවා
  • වාස්තුවිද්‍යාත්මක සේවා
  • ඉංජිනේරු සේවා
  • සෞඛ්‍යාරක්ෂණ හා අතුරු වෛද්‍ය සේවා
  • පරිගණක ආශ්‍රිත සේවා

ව්‍යාපාරික සේවා

  • කළමනාකරණ උපදේශණ, රැකියා සේවා, සේවක පිරිස් සැපයුම් සේවා
  • නිෂ්පාදන හා ඇසුරුම් ආශ්‍රිත සේවා
  • මුද්‍රණ හා ප්‍රකාශන සේවා
  • මැනුම් ඇතුළු ඉදිකිරීම් හා ඉංජිනේරු කටයුතු හා සම්බන්ධ සේවා
  • බලශක්ති උත්පාදන හා බෙදාහැරීම් (විශේෂයෙන්ම සූර්ය බල ශක්තිය)
  • සංචාරක හා ගමන් ආශ්‍රිත සේවා
  • වරාය ඉදිකිරීම් හා සංවර්ධන
  • නැව් සහ යාත්‍රා අළුත්වැඩියාව හා නඩත්තුව මෙන්ම ඇදීම් හා තල්ලු කිරී‍ම් කටයුතු ඇතුළු නාවුක ගමනාගමන සේවා

පරිගණක පදනම් වූ සේවා

ඉහළ සාක්ෂරතාවකින් යුත්, පහසුවෙන් පුහුණු කළ හැකි සහ බුද්ධිමත් ශ්‍රම බලකාය ශ්‍රී ලාංකීය මෘදුකාංග කර්මාන්තයට ආශීර්වාදයකි. දිවයිනේ සෑම තෘතීයික අධ්‍යාපන ආයතනයක් වෙතින්ම පාහේ පරිගණක විද්‍යාව පිළිබඳ නවීනතම විෂය ධාරාවන්  උගත හැකිය.



 

නවතම ජංගම දුරකථන සේවා, දත්ත සන්නිවේදන සේවා, ගුවන්විදුලි පේජර් සහ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවේදී ලබා ගැනීමට හැකිය.

අපනයන අංශයට තොරතුරු තාක්ෂණ කර්මාන්තයෙහි ඇති වැදගත්කම රජ‍ය විසින්  හඳුනාගෙන තිබෙන බැවින් ප්‍රමුඛ ප්‍රවර්ධන කටයුතු සඳහා පරිගණක පදනම් වූ සේවා තෝරා ගෙන තිබේ.

ලෝකයේ ප්‍රමුඛ පරිගණක නිෂ්පාදකයන් ශ්‍රී ලංකාව තුළ හොඳින් නියෝජනය වීමත් නවීනතම පරිගණක තාක්ෂණය තිබීමත් හේතුවෙන් ශ්‍රී ලාංකීය මෘදුකාංග කර්මාන්තයට පහත සඳහන් සේවාවන් සැපයීමට හැකියාව ලැබී තිබේ.

  • උපදේශන
  • පද්ධති සමෝධාන
  • මෘදුකාංග පද්ධති නිර්මාණය (ව්‍යාපාර, සන්නිවේදන, සංවර්ධන මෙවලම්, උපයෝග්‍යතා සඳහා)
  • වැඩසටහන් සම්පාදන
  • මෘදුකාංග නඩත්තු හා සහාය (දුරස්ථ සහාය ඇතුළු)
  • පරිවර්තන/අනුවර්තන
  • ක්ෂුද්‍ර, මධ්‍ය හා මහා පරිගණක සඳහා ක්‍රමලේඛකයින්, පද්ධති විශ්ලේෂකයින්/ඉංජිනේරුවන් ආදී තොරතුරු තාක්ෂණ සේවකයින්ගේ සේවය ලබා දීම  (‍Body Shopping)
  • මෘදුකාංග පිළිබඳ ලේඛන සැකසීම් (මෙහෙයුම්/පරිශීලක අත්පොත් සැකසීම වැනි)
  • දත්ත නිවේශන සේවා
  • පුහුණු

DOS, Windows, Unix, OS/400 හා VMS  වැනි සුපතල පද්ධති සම්බන්ධ මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ  අත්දැකීම් රැස් කර ගැනීමට ශ්‍රී  ලාංකීය මෘදුකාංග කර්මාන්තයට හැකිවී තිබේ

නිපුණතාවක් දක්වන පරිගණක භාෂා අතර 4GL/RDBMS ද වන අතර  C++, J++, Visual Basic සහ Delphi වැනි සුපතල භාෂා හා මෙවලම් ද වේ.

ශ්‍රී ලාංකීය මෘදුකාංග සංවර්ධන ආයතන තුළින් පහත සඳහන් ඒවා ද ඇතුළු පුළුල් පරාසයක මෘදුකාංග යෙදුම් හා සේවාවන් ලබා ගැනීමට හැකිය.

  • අන්තර්ජාල හා අන්තජාල (intranet) සේවා (ආරක්ෂණ ඇතුළු)
  • උපකරණ සැපයීම
  • තත්‍ය කාල දත්ත ප්‍රතිග්‍රහණය සහ පද්ධති පාලනය
  • Intelligent Building Management
  • ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණය
  • කාර්යාල ස්වයංක්‍රීයකරණය
  • පණිවුඩ කළමනාකරණය
  • කොටස් වෙළෙඳාම
  • ස්වයංක්‍රීය චෙක්පත් නිෂ්කාෂණ සහ බැංකුකරණය
  • අන්තර්ජාතික ණයවර කාඩ්පත්
  • වේලා සහ පැමිණීම් සටහන් පද්ධති
  • ජංගම දුරකථන බිල්පත්
  • පාසල් සහ විභාග කළමනාකරණය
  • හෝටල් කළමනාකරණය
  • සායනික තොරතුරු හා රෝගීන් කළමනාකරණය කිරීමේ පද්ධති

 

ශ්‍රී ලාංකීය මෘදුකාංග සංවර්ධන ආයතන Client-server වර්ගයේ සංවර්ධන සඳහා භාවිතා කරනුයේ object oriented තාක්ෂණයක් වන අතරම විශේෂිත ආකාරයේ හා ඉහළ අගයකින් යුත් මෘදුකාංග නිෂ්පාදන කෙරෙහි වැඩි කැමැත්තක් දක්වති.

ශ්‍රී ලාංකීය පරිගණක ආයතන වෙතින් සේවය ලබනා ප්‍රධාන වෙළෙඳපොළවල් වනුයේ ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, සිංගප්පූරුව, නෙදර්ලන්තය, ජර්මනිය, පිලිපීනය සහ එක්සත් අරාබි  එමීර් රාජ්‍යය, ඕස්ට්‍රේලියාව සහ මාලදිවයිනයි.

ශ්‍රී ලාංකීය මෘදුකාංග ආයතන වලින් අවම වශයෙන් තුනෙන් එකක් පමණ අන්තර්ජාතික මට්ටමේ භාණ්ඩ හා සේවා අළෙවියෙහි අත්දැකීම් සහිතය. මේ අපනයන කරුවන් කරුවන් සියල්ලක්ම පාහේ මෘදුකාංග කර්මාන්තය සඳහා‍ වූ ශ්‍රී ලංකා සංගමයට අයත්වෙති. එහි ලියාපදිංචි කාර්යාලය කොළඹ 03, ක්ලිෆර්ඩ් පටුමගේ අංක 09 හි පිහිටා තිබේ. (දුරකථන 011-2573326 ෆැක්ස් 94-001-2574799)