ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

ප්ලාස්ටික් නිෂ්පාදන

ප්ලාස්ටික් කර්මාන්තයේ වර්තමාන තත්ත්වය

නිදහසින් දශකයකට පමණ පසු ආරම්භ කරන ලද ප්ලාස්ටික් නිෂ්පාදන කර්මාන්තය දැන් වසර 45 ක් සපුරා තිබේ. වර්තමානය වන විට දේශීය සහ ජාත්‍යන්තර යන ‍ෙවළෙඳපොළවල් දෙක සඳහාම ප්ලාස්ටික් නිපැයුමේ යෙදෙනා සමාගම් 232 ක් ලංකාවේ තිබේ. කර්මාන්තයේ ආයෝජනය කර ඇති සමස්ත මූල්‍ය ප්‍රමාණය රුපියල් බිලියන 11.5 කි. මෙයින් 50% ක පමණ ප්‍රමාණයක් ලැබෙනුයේ සෘජු විදේශ ආයෝජනයන්ගෙනි. නවීන තාක්ෂණවේදයන් භාවිතයෙන් මෙහිදී පරිභෝජන අවශ්‍යතා සඳහා වන ප්ලාස්ටික් භාණ්ඩ සහ ඉංජිනේරුමය අවශ්‍යතා සඳහා වන ප්ලාස්ටික් භාණ්ඩ නිපදවනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් සැකසුම් තාක්ෂණවේදය

  • Pipe and Profile Extrusion
  • Cast Film Extrusion
  • Blown Film Extrusion
  • Injection Molding
  • Extrusion Blow Molding
  • Rotational Molding
  • Foam Processing
  • EPS Molding
  • Compression Molding

ශ්‍රී ලංකාවේ භාවිතා වන අනෙකුත් උප සැකසුම්

  • Laminating
  • Printing
  • Weaving
  • Thermoforming

අපේ දේශීය සැකසුම් කර්මාන්තයේ වර්තමාන ධාරිතාවය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 120000 ක් පමණ වන අතර වාර්ෂික සාමාන්‍ය වර්ධන අනුපාතය 10% ක් පමණ වේ.

ප්ලාස්ටික් කර්මාන්තය තුළ ආයෝජනය බෙදී යන ආකාරය

රුපියල් මිලියන 10 ට අඩු - සමාගම් 63 ක් (46%)
රුපියල් මිලියන 10 -100 අතර - සමාගම් 58 ක් (42%)
රුපියල් මිලියන 100 ට වැඩි - සමාගම් 15 ක් (11%)

බොහෝ මධ්‍ය පරිමාන හා විශාල පරිමානයේ ප්ලාස්ටික් කර්මාන්ත පහත සඳහන් නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ සංවර්ධනය කරගෙන තිබේ.

  • පොලිතින් බෑග් (දොර අගුළු මත එල්ලන බෑග්, කමිස ඇසුරුම් බෑග්, ආහාර ඇසුරුම් බෑග් යනාදිය)
  • ඇඟළුම්, ආහාර සැකසුම් සහ අභරණ අපනයන වැනි අපනයන කර්මාන්ත සඳහා අවශ්‍ය ඇසුරුම් නිෂ්පාදන

මීට ආශ්‍රිත ප්‍රධාන කර්මාන්තයන් පහත පරිදි වේ.

  • ජල සම්පාදන සහ සනීපාරක්ෂක
  • විදුලි සංදේශ
  • ඉදිකිරීම්
  • ඇසුරුම්
  • රථ වාහන
  • වෛද්‍ය
  • ඉලෙක්ට්‍රොනික් සහ කල්පවත්නා පාරිභෝගික භාණ්ඩ



 

අපනයන සහ ප්‍රධාන වෙළෙඳපොළවල්

අඛණ්ඩවම අපනයනය කෙරෙනු ලබනා ඉහළ වැදගත් කමකින් යුත් ප්ලාස්ටික් නිෂ්පාදනය වනුයේ එච් එස් 39 ප්‍රවර්ගය යටතේ වන පොලිතීන් බෑග්ය. එය 2000 වසරේදී ආසන්න වශයෙන් රුපියල් බිලියන 1.4 අගයක් දැරූ අතර ප්ලාස්ටික් අපනයනයන්ගේ 45% ක කොටසක් ඉසිලීය. ඇඟළුම් කර්මාන්ත ශාලා වෙත සපයන ලද අ‍ෙනකුත් ප්ලාස්ටික් අයිතමයන් හි වටිනාකම රුපියල් මිලියන 675 ක් විය. ආකෘති (ඩමි) සහ අනෙකුත් ප්ලාස්ටික් අයිතමයන් හි වටිනාකම රුපියල් මිලියන 442 ක් විය. මෙම නිෂ්පාදන ප්‍රවර්ගයන් 03 පමණක් සමස්ත ප්ලාස්ටික් අපනයනයෙන් 80% ක කොටසකට වග කියයි.

ඉහත ප්‍රවර්ගයන් 03 හිම නිෂ්පාදනයන් හි ප්‍රධාන මිළදී ගන්නා වන්නේ රුපියල් මිලියන 1172 ක මිළදී ගැනීම් සඳහා වග කියනා ඇමරිකා එක්සත් ජනපදයයි. 2008 වසරේදී අපනයනය කරන ලද සමස්ත ප්ලාස්ටික් නිපැයුම් ප්‍රමාණයෙන් රුපියල් මිලියන 2384 ක් වටිනා නිපැයුම් එක්සත් රාජධානිය විසින් මිළදී ගනිද්දී ඉන්දියාව රුපියල් මිලියන 534 ක ප්‍රමාණයකට දායක වෙමින් දෙවන ස්ථානය ඉසිලීය.

ප්‍රධාන ප්ලාස්ටික් නිපැයුම් කරුවෝ  විසි දෙනා (සැකසුම් ධාරිතාවය අනුව)

  • ප්‍රිපටෙක්ස් ගෲප්
  • මේයිනෙටෙක් ලංකා
  • ඇක්වා පැකේජින් පුද්ගලික සමාගම
  • ආර්පිකෝ සමූහය
  • ෆීනික්ස් සමූහය
  • සෙන්ට්‍රල් ඉන්ඩස්ට්‍රීස්
  • ජින් ජින් ලංකා පුද්ගලික සමාගම
  • බොහිම් ඇන්ඩ් ලෙක්නර් මල්ටි මෝල්ඩ්ස් පුද්ගලික සමාගම
  • දම් රෝ සමූහය
  • නවලෝක පොලිසැක්ස්
  • නිල්කමල් ඊස්වරන්
  • ඇක්සෙ‍සරි නෙට්වර්ක්
  • සාටෝ චෙමීෆා ලංකා
  • ඩී කේ ඩබ්ලිව් ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රීස්
  • මල්ටිලැක්
  • නිපොන් ප්ලාස්ටික්
  • ෆින්පැක් ඉන්ඩස්ට්‍රීස්
  • ඩී එස් අයි
  • සෙන්ට් ඇන්තනීස් සමූහය
  • මහරාජා සමූහය