ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන

ශ්‍රී ලංකාවේ සෙරමික් කර්මාන්තය සියවස් ගණනාවක් ඈතට දිවෙන ඉතිහාසයකට උරුම කම් කියයි.  පෞරාණික ශිල්පීයත්වයේ මාහැඟි විවිධත්වය හා ශිල්පීන්ගේ කුසලතාව පිළිබඳව රටෙහි ඓතිහාසික නටඹුන් සාක්ෂි දරයි. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ සෙරමික් කර්මාන්තය විසින් නිපදවනු ලබනා සෙරමික් නිෂ්පාදන වල සුවිශිෂ්ඨ මෝස්තර සහ මාහැඟි අලංකාරවත් බව මෙම මහාර්ඝ උරුමයෙහි බලපෑම සජීවීව චිත්‍රණය කරයි.

පෝසිලේන් බොදුන් කට්ටල, පෝසිලේන් විසිතුරු භාණ්ඩ සහ ඔප දමන ලද බිත්ති සහ බිම් ගඩොල් ඇතුළුව ඉහළ ගුණත්වයෙන් යුත් සෙරමික් නිෂ්පාදනයන් ලෝක වෙළෙඳ‍පලේ සබුද්ධික ගැනුම් කරුවන් උදෙසා ශ්‍රී ලංකාව විසින් සපයනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ඉතාලිය, ජර්මනිය, එක්සත් රාජධානිය, ප්‍රංශය, කැනඩාව, නෙදර්ලන්තය, ජපානය සහ සිංගප්පූරුව මෙම ගැනුම්කරුවන් අතර වේ.

සොබාදමින්ලත් දායාද

සෙරමික් නිෂ්පාදන කර්මාන්තයේදී භාවිතා කෙරෙනා කෙයොලින්, බෝල මැටි, පෙල්ට්ස්පාර්, සිලිකා, තිරුවානා සහ ඩොලමයිට් වැනි ඛනිජ ද්‍රව්‍යයන්ගෙන් ශ්‍රී ලංකාව පොහොසත්ය. ශ්‍රී ලංකාවේ සෙරමික් කර්මාන්තය ඉතා සාධාරණ පිරිවැයක් යටතේ බහුල ලෙස අමුද්‍රව්‍ය ලබාගැනීමට තරම් වාසනාවන්තය. මෙම අමුද්‍රව්‍යයන්ගේ විශිෂ්ඨ ගුණත්වය සහ පවිත්‍රත්වය නිෂ්පාදන වල අනර්ඝ තත්ත්වය කෙරේ ඉහළ දායකත්වයක් සපයන අතර එම නිෂ්පාදන දැන් ජාත්‍යන්තර කීර්තියක් අත් කර ගෙන තිබේ.

දීප්තිමත් බව, ‍ඩෙකෑල්, දියර රන් හා රිදී සැකසීමේදී භාවිතා කෙරෙනා වර්ණක සහ අනෙක් විවිධ වූ රසායන ද්‍රව්‍යයන්ලෝ පිළිගත් මූලාශ්‍රයන් වෙතින් ලබාගනු ලැබේ.

නිපැයුම් සඳහා බලය

ශ්‍රී ලංකාවේ බොහෝ නිෂ්පාදකයන් නවතම උපකරණ හා යන්ත්‍ර සූත්‍ර වලින් කටයුතු කරති. නවීන නිෂ්පාදන තාක්ෂණවේදයන් සහ තත්ත්ව ආරක්ෂණ ක්‍රමවේදයන්, කාර්යක්ෂම සහ පිරිවැය අතින් ඵලදායි නිෂ්පාදන සඳහා අවස්ථාව ලබාදේ. මෙහිදී තත්ත්ව පාලනය  පිළිබඳ දැඩි ලෙස අවධාරණය කෙරේ. මාර්ගගත තත්ත්ව පාලනය සමගින් අවසන් තත්ත්ව විගණනයක් සිදු කෙරෙන අතර මෙහිදී සෑම නිපැයුම් ඒකකයක්ම සුදුසුකම් ලත් සහ පළපුරුද්ද ඇති පුද්ගලයින් මගින් පරීක්ෂා කරනු ලැබේ.

 

ශ්‍රී ලංකාව අත්විඳිනා අනෙක් සුවිශේෂී ප්‍රතිලාභය වනුයේ තරඟකාරී වැටුප්  මට්ටම් යටතේ ඉහළ නිපුණත්වයෙන් සාක්ෂර‍තාවයෙන් යුත් ශ්‍රම බලකායක් ලබාගැනීමට ඇති හැකියාවයි. බහුලව සිටිනා පුහුණු එමෙන්ම දක්ෂ මෝස්තර කරුවන්, රසායනඥයන්, තාක්ෂණවේදීන් සහ ඉංජිනේරුවන් මගින් ඉහළ ඵලදායිත්වයෙන් යුත් ශ්‍රම බලකායක් සැපයේ.

විසිතුරු භාණ්ඩ
බොදුන් කට්ටල
බිත්ති සහ බිම සඳහා පිඟන් ගඩොල්
උද්‍යාන දව්‍ය
පෝසිලේන් වලින් තනන ලද studio potting සහ අනෙකුත් උපයෝගී භාණ්ඩ
මැටි බඳුන්
අර්ධ වීදුරු බඳුන් හා ඔප නොලූ මැටි භාණ්ඩ

ප්‍රධාන වෙළෙඳපොළවල්

ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය, එක්සත් රාජධානිය, ජපානය, ඕස්ට්‍රේලියාව සහ ස්පාඤ්ඤය

තත්ත්වය

පුහුණු සේවකයින් අතින් සබැඳි (online) තත්ත්ව පාලනය සිදුවේ. ශ්‍රී ලංකා සෙරමික් පර්යේෂණ සහ සංවර්ධන මධ්‍යස්ථානය ද නිෂ්පාදන පරීක්ෂාව සඳහා පහසුකම් සපයයි.

නිෂ්පාදන සඳහා හොඳම වර්ගයේ දේශීය අමුද්‍රව්‍ය ලබාගනු ලබන අතර ඔප දමන ද්‍රව්‍ය, වර්ණක සහ වෙනත් රසායන ද්‍රව්‍යයන් ලොව පුරා පිහිටි වෙනත් ප්‍රභවයන්ගෙන් ලබාගනු ලැබේ.

සැපයුම් තත්ත්වය

ප්‍රමුඛතම පෝසිලේන් භාණ්ඩ නිෂ්පාදකයන්/සපයන්නන් අතරින් කෙනෙකු වන නොරිටාකේ සමාගම සිය නිෂ්පාදනාගාරයක් ශ්‍රී ලංක‍ාවෙහි ස්ථාපිත කර ඇත. සමහර නිපැයුම්කරුවන් ෆිට්ස් ඇන්ඩ් ෆ්ලොයිඩ්  සහ ඩිස්නි වර්ල්ඩ් වැනි ලෝක ප්‍රසිද්ධ සමාගම් වලට තම නිෂ්පාදන සපයයි.

පෝසිලේන් හා සෙරමික් නිෂ්පාදන සඳහා අපනයන කාර්ය සාධනය 2006- 2008
අගය ඇමරිකානු ඩොලර් මිලයන වලිනි.