ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

මුද්‍රණ සේවා

හැඳින්වීම

ලොවට මුද්‍රණ කර්මාන්තය ක්‍රි. ව. 5 වන සියවසේදී චීන ජාතිකයන් විසින් හඳුන්වා දෙන ලද බව සාමාන්‍ය පිළිගැනීමයි. චීන ජාතිකයින් විසින් ක්‍රි. ව. 868 දී මුද්‍රණය කරන ලද මහායන බෞද්ධ ග්‍රන්ථයක් වූ වජ්‍ර සූත්‍රය ලොව මුද්‍රණද්වාරයෙන් බිහිවූ පළමු ග්‍රන්ථය සේ පැවසේ. එසේම චීන ජාතිකයෝ ක්‍රි. ව. 1050 දී වදන් සංයෝජන පද්ධතියක්ද නිර්මාණය ‍කළෝය.

බටහිර ලෝකයේදී අච්චු අකුරු භාවිතයෙන් මුද්‍රණ කටයුතු හඳුන්වා දීම 1441 වසර දක්වා ඈතට දිවෙයි. එසේම වදන් සංයෝජනය කිරීමේ ශිල්පය නිර්මාණය කරන ලද්දේ ජොහාන් ගුටෙන්බර්ග් නැමති ජර්මානු ජාතිකයා විසිනි. ඒ 1455 වසරේ මයින්ස් හි දී ය. ඔහුගේ මුද්‍රණාලයේ මුද්‍රණය කරන ලද්දේ පේළි 42 කින් යුත් කැතොලිකන් නම් වූ ග්‍රන්ථයයි.

ලේඛන කටයුතු සඳහා තීන්ත සහ කොළ භාවිතා කිරීමේ කලාව ශ්‍රී ලංකා‍වට පෘතුගීසින් විසින් හඳුන්වා‍ දෙන ලද මත් මුද්‍රණ තාක්ෂණය ලංකාවට හඳුන්වා දෙන ලද්දේ 1640 වසරේදී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනයට නතු කරගත් ඕලන්ද ජාතිකයන් විසිනි. 1707 වසරේදී මුද්‍රණය සඳහා ඕලන්ද ජාතිකයන් විසින් දැවමය අච්චු භාවිතා කරන ලදි. ගේබ්‍රියල් ෂාදේ විසින් සිදු කරන ලද මූලික පරීක්ෂණ වලින් අනතුරුව පළමු මුද්‍රණාලය ඕලන්ද ජාතිකයන් විසින් ගාල්ලේ ස්ථාපිත කරන ලදි. ශ්‍රී ලංකාවේ ඕලන්ද මුද්‍රණාලයෙන් ප්‍රකාශයට පත් කරන ලද පළමු ලේඛණය වූයේ 1737 අප්‍රේල් 05 වන දින ප්‍රකාශයට පත් කරන ලද ප්ලැකාට් නම් වූ නිවේදනයයි. ඕලන්ද ජාතිකයෝ 1737 සැප්තැම්බර් 06 වන දින සිංහල භාෂාවෙන් වූ පළමු පොත ප්‍රකාශයට පත් කළෝය. එය පිටු 46 කින් සමන්විත වූ යාඥා පොතකි. ඕලන්ද පාලන සමය තුළදී සියළු පරිපාලන නියෝග මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශයට පත් කරන ලදි.

1976 දී සිදුවූ බ්‍රිතාන්‍ය පාලනාවතරණයත් සමග ඕලන්ද මුද්‍රණාලය බ්‍රිතාන්‍යයන් අත පත් විය. ගාල්ලේ තිබූ ඕලන්ද මුද්‍රණාලය කොටස් කර ගැලවූ බ්‍රිතාන්‍ය ජාතිකයෝ එය යළි කොළඹ ස්ථාපිත ‍කළෝය. මෙසේ කොළඹ දී අභිනවයෙන් ප්‍රතිශ්ෂාඨාපිත කරන ලද මුද්‍රණාලයෙන් නිකුත් කරන ලද පළමු ප්‍රකාශනය වූයේ 1802 මාර්තු 15 වන දිනැතිව නිකුත් කෙරුන රජයේ ගැසට් පත්‍රයයි.  එසේම ප්‍රථම ඉංග්‍රීසි පුවත් පත ලෙස 1832 වසරේදී මෙම මුද්‍රණාලයේදීම ‘’කලම්බු ජර්නල්” යන ප්‍රකාශනය මුද්‍රණය කරන ලද බව වාර්තා වේ.

1812 වසරේ මුල් කාලයේදී මෙ‍රටට පැමිණි මිෂනාරිවරු ද රට තුළ මුද්‍රණාල ස්ථාපිත කළෝය. 1831 වසරේදී වෙස්ලියානු මුද්‍රණාලය විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම සඟරාව වූ ‘’මාසික තෑග්ග’’ ප්‍රකාශයට පත් කරන ලද අතර 1846 වසරේදී ‘’ශාත්‍ර නිධානය” පළ කරන ලදි. ලංකාවේ පළ කරන ලද පළමු ස්වාධීන පුවත් පත වූයේ 1834 දී ස්ථාපිත කරන ලද සිලෝන් ඔබ්සර්වර් පුවත් පතයි. ඉන් අනතුරුව සිලෝන් ඔබ්සර්වර් සහ කොමර්ෂල් ඇඩ්වටයිසර් පළකරන ලදි. 1862 වසරේදී හෙන්රික් පෙරේරා හට හිමිව තිබූ මුදණාලයක ලක්මිණි පහන පුවත් පත පළ කරන ලදි. කෙසේ වෙතත් පළමු ලියාපදිංචි නොකරන ලද සිංහල පුවත්පත ලෙස 1860 වසරේ සැප්තැම්බර් 10 වන දින ගාල්ලේ ලංකාලෝක මුද්‍රණාලයේදී ලංකා ලෝකය පුවත් පත මුද්‍රණය කරන ලදි. 1862 ජූලි මස ලංකෝපකාර මුද්‍රණාලය වශයෙන් ස්ථාපිත කරන ලද්ද ප්‍රථම සිංහල බෞද්ධ මුද්‍රණාලය ලෙස හැඳින්වේ. මෙසේ මෙම මුද්‍රණාලය ස්ථාපිත කිරීම 19 වන සියවසේ දෙවන භාගයේ ඇතිවූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ප්‍රතිඵලයකි. ප්‍රථම බෞද්ධ මුද්‍රණාලය ස්ථාපිත කිරීමේ පුරෝගාමියා වූ පූජ්‍ය බුලත්ගම ධම්මාලංකාර සිරි සුමනතිස්ස මහා නායක හිමිපානන් වහ‍න්සේ හට මෙම මුද්‍රණාලය උදෙසා සියමේ රජුගෙන් මූල්‍ය අනුග්‍රහ ලැබුණි.

අද වන විට මුද්‍රණ කර්මාන්තය ඔෆ් සෙට්, ‍ෆ්ලෙක්ස්, ග්‍රිවාරේ, සිල්ක් ස්ක්‍රීන් යනාදියේ සිට ඩිජිටල් මුද්‍රණ කර්මාන්තය දක්වා විවිධාංගීකරණයට ලක්වී ඇත. තේ, පොල් සහ රබර් යනාදිය මත පදනම් වූ කෘෂිකර්මාන්තය මත පදනම් කාර්මීකරණයේ ආරම්භක අවධියේදී මුද්‍රණ ශිල්පය ලිපි ද්‍රව්‍ය දෛනික අවශතා උදෙසා භාවිත කරන ලද අතර මුද්‍රණය ලිපි ද්‍රව්‍ය වල දෛනික අවශ්‍යතාවය මත භාවිත කරන ලදි. සැබැවින්ම  නවසිය පනස් ගණන් වලදී පුවත්පත් සහ ‍පාඨ ග්‍රන්ථ මුද්‍රණයට මුද්‍රණ ශිල්පය භාවිතා කරන ලදි. එම කාලයේදී ශ්‍රී ලංකාවේ මුද්‍රණ ශිල්පය එම කාලයට ජාත්‍යන්තර මුද්‍රණ වෙළෙඳපොළට සාපේක්ෂව තරමක් ප්‍රාථමික මට්ටමක පැවතියේය. 70 ගණන් වල පටන් නිෂ්පාදන ක්‍රියාවලියට මෙන්ම නිෂ්පාදිතයන්ටද අගය එකතු කිරීම තුළින් ලංකාවේ මුද්‍රණ කර්මාන්තය යටත් විජිත යුගයේ මුද්‍රණ මට්ටමේ සිට වර්තමාන මුද්‍රණ කර්මාන්තය දක්වා ඉහළ ප්‍රබෝධයක් අත් කර ගති.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය ප්‍රධාන වශයෙන්ම පදනම් වන්නේ ප්‍රකාශන පළ කිරීම, ද්‍රව්‍ය සහ ශ්‍රී ලංකාවේ නිපැයුම් වලට අගය එකතු කිරීම සඳහා වන ඇසුරුම්කරණය යන ක්ෂේත්‍ර වලටය. නවසිය පනහ සහ හැට දශකයන්හි වඩා ජනප්‍රියව පැවති මුද්‍රණ කර්මාන්තයේ පොත් මුද්‍රණය කිරීම හා සසඳන කළ දැන් ඕෆ්සෙට් තාක්ෂණයේ සිට වඩා දියුණු ග්‍රිවාරේ සහ ‍‍ෆ්ලෙක්සෝ තාක්ෂණය හරහා වඩා දියුණු මට්ටමකට පැමිණ තිබේ. බෙ‍ාහෝ ජනතාව මුද්‍රණ කර්මාන්තය පරිපූර්ණව පවතින සේ හඟින අතර විශේෂිත අංශයන් කරා කර්මාන්තය විවිධාංගීකරණයට ලක්කිරීම සඳහා අපේක්ෂා කරන්නවුන් හට අනෙක් අය කරනා දේ කරමින්  අසාධාරණ තරඟයක් තුළ මුද්‍රණ කර්මාන්තය විනාශ කිරීමට වඩා කර්මාන්ත‍ය දියුණු කිරීමට විපුල අවස්ථා තිබෙන බව විශ්වාස කරති. ‍

සාරාංශ වශයෙන් ගත් කල කර්මාන්තය විශේෂීකරණයට ලක් කිරීමට අපේක්ෂා කරන එසේම තරඟකාරීත්වය හේතුවෙන් භාණ්ඩයේ ගුණත්වය අඩු කිරීම අපේක්ෂා නොකරන්නන් හට කර්මාන්තය තුළ පැහැදිලි අනාගතයක් තිබේ.

කර්මාන්තයේ සමස්ත දැක්ම

මුද්‍රණ අංශයට සැළකිය යුතු මට්ටමේ අපනයන විභවයන් ඇති ක්ෂේත්‍ර ගණනාවක් තිබේ. වර්තමානයේදී මුද්‍රිත ඇසුරුම්, ටැග්ස් හා ලේබල් යනාදිය ප්‍රධාන ව‍ශයෙන්ම තේ හා ඇඟළුම් අපනයන කරුවන්ට සපයනු ලැබේ. එහෙයින් මෙසේ ඇසුරුම් අපනයනයන් අතුරින් බොහෝමයක් වක්‍ර අපනයන ලෙස පවතී. එසේම මුද්‍රණ ඇසුරුම් ද්‍රව්‍ය ලේබල් හා ටැග්ස් සෘජුවම මුද්‍රණය කරනා මුද්‍රණාල කිහිපයක් ද තිබේ.

වර්තමානයේදී 40000 කට වැඩි පිරිසකට රැකියා අවස්ථා සම්පාදනය කරමින් මුද්‍රණාල 4000 ක් පමණ ක්‍රියාත්මක වෙයි. එසේම ශ්‍රී ලංකා ප්‍රින්ටින් ඉන්ස්ටිටියුට්, ඉන්ග්‍රින් ඉන්ස්ටිටියුට් ඔ‍ෆ් ප්‍රින්ටින් ඇන්ඩ් ග්‍රැෆික් ආට්ස් යනුවෙන් මුද්‍රණ පාසල් දෙකක් ශ්‍රී ලංකාව තුළ ඇති අතර පාසල් අධ්‍යාපනය හමාර කරන්නෝ බොහෝ දෙනෙක් මෙහි පුහුණුව ලබති.

මුද්‍රණ කර්මාන්තයේ උපකාරක සේවාවන් යතුරු ලියනය, ‍මෝස්තර හා පිටු සැකසුම් සේවා යනාදියෙන් ඇරඹී මුද්‍රණය වෙත යොමුවී ඉන්පසු මුද්‍රණය නිම කර පොත් බැඳීමෙන් අවසන් වේ. (පර්ෆෙක්ට් බවුන්ඩ් හෝ කේස් බවුන්ඩ් යනාදී පොත් බැඳුම් ක්‍රම) එසේම අධිවේග ‍පර්ෆෙක්ට් බයින්ඩර්ස්, ත්‍රී නයිෆ් ට්‍රිමර්ස් හා කේස් බයින්ඩින් ශ්‍රී ලංකාවේ දැන් දක්නට ලැබේ. මෙහි ප්‍රතිඵලයක් වශයෙන් ශ්‍රී ලංකාවේ මුද්‍රණ කරුවෝ කවර ආකාරයක පොත් මුද්‍රණ මාදිලියක් සම්බන්ධයෙන් ඒවා බාරගත හැකි මට්ටමක සිටිති. වර්තමානයේදී බහුලව පවත්නා අඩු පිරිවැය ශ්‍රමය හේතුවෙන් ශ්‍රී ලංකාව පුළුල් ලෙස අතින් කරනා කේස්

බයින්ඩින් ක්‍රමය භාවිතා කරති. ශ්‍රී ලංකාවේ මුද්‍රණ කරුවෝ මෙම කර්මාන්තයට විදේශ‍යන්හිද පිළිගැනීමක් ලැබෙන අයුරින් සමස්ත සේවාවම ආවරණය කෙරෙනා සේවාවක් සපයති.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මුද්‍රණ කරුවෝ සී පී සී (CPC) පාලකයන් සහිත හයිඩ්ල්බර්ග් ස්පීඩ්මාස්ටර් යන්ත්‍ර ඇතුළුව වර්ණ මුද්‍රණ යන්ත්‍ර ‍සාර්ථකව භාවිතා කරති. පෙරදිග රටවල් සමග සසඳන කල ශ්‍රී ලංකාවේ කම්කරු ගාස්තු පහත් මට්ටමක පවතී. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මුද්‍රණ සමාගම් යුරෝපියානු ප්‍රමිතීන් මගින් ඉහළින් සලකනු ලබනා ඵලදායිතා මට්ටම් අනුව කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය සාක් කලාපය, මැද පෙරදිය හා ඈත පෙරදිග යන කලාප පුරාම ටී ටැග්ස් හා ලිපි කවර සම්බන්ධයෙන් ප්‍රධාන සැපයුම් කරුවකු ලෙස අඛණ්ඩව විශිෂ්ට ස්ථානයක් රැක ගෙන සිටී.

මුද්‍රණ අපනයනයන් අතර කැපී පෙනෙනා තවත් විශිෂ්ට ක්ෂේත්‍රයක් වනුයේ දිනපොත් යනාදී මුද්‍රිත ලිපි ද්‍රව්‍යයන්ය. ශ්‍රී ලංක‍‍ාවේ ලිපි ද්‍රව්‍ය නිෂ්පාදන කර්මාන්තය අද වන විට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ළඟා වී තිබේ. අභ්‍යස පොත්, දින පොත්, සමරු පොත්, සුබපැතුම් පත්, හස්ත නිෂ්පාදිත කඩදාසි භාණ්ඩ, පෑන්, පැන්සල් සහ සිත්තර උපකරණ යනාදිය වර්තමානයේදී විශාල වශයෙන් යුරෝපීය සංගමයට අපනයනය කෙරේ. වර්තමාන ප්‍රවණතාව හා සමපාත වෙමින් ශ්‍රී ලංකාවේ නිපැයුම්කරුවෝ කඩදාසි වලින් නිෂ්පාදිත නව පරිසර හිතකාමී නිපැයුම් ඇතුළු නිපැයුම් පරාසයක් දක්වා සිය නිෂ්පාදන පුළුල් කර තිබේ.

ශ්‍රී ලංකා මුද්‍රණ කර්මාන්තය තුළ ඇති පහසුකම්

යතුරු ලියනය (ටයිප් සෙටින්)

වෘත්තීය ඩිජිටල් ටයිප් සෙටින් උපකරණ සංඛ්‍යාව 4 සිට 40 දක්වා වර්ධනය වීමත් සමග 1986 වසරේ සිට ශ්‍රී ලංකාවේ ටයිප් සෙටින් කර්මාන්තය ප්‍රබල වර්ධනයක් අත් කර ගෙන තිබේ.

ශ්‍රී ලංකාවේ යතුරු ලියන්නෝ දේශීය ක්‍රියාකාරකම් හිදී දේශීය මුද්‍රණ කර්මාන්තයට උපකාර කරන අතර අපනයන අංශයේදී ගුණත්වය සහ කඩිනම් සේවා ඉතා ඉහළ මට්ටමින් සපයමින් ඊට උපකාර කරති.

තෙවන පරපුරේ සෘජු ප‍්‍රවේශ ටයිප් සෙටර්ස් හඳුන්වා දීමත් සමග පුවත් පත් ආයතන මෙන්ම වෘත්තීයම උපකරණයන් බහුලව ආයෝජනය කර ඇති විසල් පරිමාන වානිජ මුද්‍රණ කරුවන්ට නව වෙළෙඳපොළක් විවෘත විය. පූර්ව දර්ශණ පහසුකම භාවිතයෙන් තිරය මත වදන් සංයෝජනය සහ ලේසර් ප්‍රින්ටරය දක්වා සෝදු පත් කිරීම පිරිවැය අතින් සඵලදායී යතුරු ලියනය සඳහා නව මං විවර ක‍ළේය. මෙම තාක්ෂණවේදයන් ඔවුන් හට ඉහළ මට්ටමේ නිමැවුමක් පවත්වා ගනිමින් ඉහළ මට්ටමේ ප්‍රතිඵල අත්කර දීමට උපකාරී වී තිබේ.

කෙසේ වෙතත් ස්වාධීන යතුරු ලියන්නෝ කිහිප දෙනෙක් ඩෙස්ක්ටොප් ප්‍රකාශන මධ්‍යස්ථාන අරඹා ඇති අතර තම ආයතනයේම යතුරු ලියන්නන්ගේ සේවය ලබාගන්නා බොහෝ මුද්‍රණකරුවෝද එම මාවතම අනුගමනය කරති. ශ්‍රී ලංක‍ාවේ ටයිප්සෙටින් කර්මාන්තය ඩෙස්ක්ටොප් ප්‍රකාශනය පිළිගන්නා අතර තරඟකාරීත්වයේදී  ඉදිරියෙන්ම සිටීම සඳහා බලපානා ප්‍රධාන සාධකය ලෙස නවීනතම තාක්ෂණවේදය භාවිතය සලකති.



 

සිව්වන පරපුරේ උපකරණ හඳුන්වාදීමත් සමගම යතුරුලියන්නෝ තාක්ෂණය සහ උපකරණ පිණිස ආයෝජනය කර තිබේ. ඔවුන් අතරින් බහුතරයක් දැන් මැකින්ටොෂ් සහ අයි බී එම් පුද්ගලික පරිගණක වැනි පුද්ගලික පරිගණක මත පදනම් වූ පෙර අන්ත වෙත යොමු වෙමින් සිටිති. සේවා දායකයන්ට තමන්ගේම තාක්ෂණ මූලාශ්‍රයන් භාවිතයෙන් ඩිස්කට් මගින් සන්නිවේදනය පවත්වා ගත හැකි අතර දැන් ශ්‍රී ලංකාවේ යතුරු ලියන්නෝ තමන්ගේ යතුරු ලියන කටයුතු කවර වූ වදන් සැකසුම් භාෂාවක් හරහා වුව කරගෙන යාමට පහසුකම් ලැබ සිටිති.

ඩෙස්ක්ටොප් ප්‍රකාශනයන්ට යොමු වීමත් සමගම වර්තමාන යතුරු ලියන්නෝ ස්වකීය මෙහෙයුම් පිටු සැකසුම් සේවාවන් පවා පිරිනමනා මට්ටමට පුළුල් කර සිටිති. එසේම ඇල්ඩස් පේජ් මේකර්, ඉමේජ් පෙ‍්‍රාසෙසින් වැනි මෘදුකාංග කට්ටල භාවිතයෙන් දැන් ඔවුනට රූප සටහන් පඨිතය සමග ඒකාබද්ධ කිරීමට හැකියාව ලැබේ.

මෙකී සේවාවන් තාක්ෂණික වශයෙන් විශාල ආයෝජනයක්, පුහුණවක් අවශ්‍ය වන මට්ටමක පැවතියද, ශ්‍රී ලංකාවේ මුද්‍රණකරුවෝ ඩෙස්ක්ටොප් ප්‍රකාශන මධ්‍යස්ථාන ක්ෂේත්‍රයේ දේශීයව මෙන්ම අපනයන වශයෙන් ඇති අවස්ථා පිළිබඳ අවබෝධ කරගෙන සිටිති. කෙසේ වෙතත් මේ වනාහි නියතවම සියළු පාර්ශවයන් වෙත ප්‍රතිලාභ ලැබෙනා අයෝජනයකි.

වර්ණ විභේදනය

ශ්‍රී ලංකාවේ ප්‍රථම පරිලෝකන මධ්‍යස්ථාන 1979 දී ස්ථාපිත කරන ලද අතර එතැන් පටන් වර්ණ විභේදන ක්‍රියාවලිය ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන් දක්වා වර්ධනය වී තිබේ.

සමස්ත දේශීය අවශ්‍යතා සපුරාගන්නා අතරතුර මුද්‍රණ කර්මාන්ත‍යේ අපනයන වෙළෙඳපොළ තුළ වැදගත් පාර්ශවකරුවකු බවට පත්වන අතරම ශ්‍රී ලංකාවේ වර්ණ විභේදන මධ්‍යස්ථාන විදේශයන්හිද පිළිගැනීමක් ඇති කර ගැනීමට කටයුතු කරයි. මේ දක්වා ඔවුහු ස්වීඩනයේ, එක්සත් රාජධානියේ, ඇමරිකා එක්සත් ජනපදයේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ නවසීලන්තයේ වෙළෙඳපොළවල් කරා සාර්ථකව ප්‍රවිශ්ඨ වීමට සමත්ව සිටිති.

ලංකා‍වේ ප්‍රධාන වර්ණ විභේදන මධ්‍යස්ථාන දැන් ඩිජිටල් ලිපි ගොනු භාවිතා කරන අතර ඔවුනට ඉහළම තත්ත්වයේ පරිලෝකනයන් සිදු කිරීමට සහ සෘජු ඩිජිටල් සේයා පට නිකුත් කිරීමට හැකියාව තිබේ. මෙම නවීන පද්ධතීන් හට අතිශය සංකීර්ණ වර්ණ නිවැරදි කිරීම් සහ ප්‍රතිරූ මෙහෙයවීමට හැකියාව තිබේ. එමෙන්ම මෙමගින් විද්‍යුත් සැලසුම්කරණය, අනවශ්‍ය කොටස් ඉවත් කිරීම, පියවර සැකසීම සහ පුනර්භාවිතය සමගින් එතෙක් අනුගමනය කරන ලද සාමාන්‍ය පියවර කිහිපයක් අහෝසි කර තිබේ.

එසේම පැතැලිත සෝදු පත්‍ර බැලීමේ සිට සෘජු ඩිජිටල් සෝදුපත්‍ර බැලීමක් දක්වා සෝදු පත් බැලී‍ෙම් ක්‍රමවේදයන් කිහිපයක් මෙහිදී සැපයේ.

රජයේ සහනශීලී ප්‍රතිපත්ති යටතේ සේයාපට, පුර්ව සංවේදිත තැටි, කොඩැක්, ෆූජි, සකුරා, ඇග්ෆා, පොලික්‍රොම්, ඩියුපොන්ට් වැනි ලොව පිළිගත් සන්නම් නාමයන් යටතේ වන රසායන ද්‍රව්‍යයන් වැනි අමුද්‍රව්‍ය පහසුවෙන් වෙළෙඳපොළෙන් ගත හැකිය. ශ්‍රී ලංකාවේ පරිලෝකන මධ්‍යස්ථානයන්හි සංකීර්ණ යන්ත්‍ර, නිපුන හා අත්දැකීම් බහුල පුද්ගලයන් විසින් මෙහෙ‍යවනු ලබන අතර ඔවුහු නිපැයුමේ සෑම පියවරකදීම ගුණත්වය පිළිබඳ අධීක්ෂණය කරති.

ඕෆ්සෙට් මුද්‍රණය

ශ්‍රී ලංකාවට විවෘත වෙළෙඳපොළ ප්‍රතිපත්ති හඳුන්වා දුන් දින සිට මුද්‍රණ කරුවෝ අති නවීන ඕෆ්සෙට්, ලිතෝ සහ ‍අනෙකුත් මුද්‍රණ යන්ත්‍ර කෙරේ යොමුව සිටිති.

ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් කඩිනම් සංවර්ධනයට ලක් කිරීම සහ මුද්‍රණ සේවා අපනයනය ක්‍රමිකව වර්ධනය වීමත්

සමගම ගුණත්වය මිළ සහ නිසි කලට වේලාවට සේවා ලැබීම පිළිබඳ වන විශ්වාසය මත ලෝ පුරා මුද්‍රණ සේවා ගැනුම්කරුවෝ ලංකාවට ආකර්ශණය වනු ඇත.

ගුණාත්මක භාවය සම්බන්ධයෙන් විශාල ලෙස සංවර්ධනයන් සහිතව ඕෆ්සෙට් ධාරිතාව පුළුල් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෑත කාලීන ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය තාක්ෂණවේදයන්හි අඛණ්ඩව අ‍ායෝජනය කරන අයුරු දක්නට ලැබී තිබේ.  අද වන විට හුදෙක් තනි හා ද්වි වර්ණ මුද්‍රණ යන්ත්‍රයන් පමණක් නොව සිවු වර්ණයන් සහ පංච වර්ණ යන්ත්‍රයන් පරිගණක වර්ණ පාලකයන්ද සහිතව භාවිතා කෙරෙන අයුරු දක්නට ඇත.

පොත් මුද්‍රණය සහ වානිජ මුද්‍රණය ප්‍රධාන අපනයන අංශයන් ලෙස පවතිද්දී 90% ක් පමණ වන ප්‍රමාණයක්ම අපනයනයන් වන්නා වූ තේ ඇසුරුම්, ඇඟළුම් ලේබලයන් සහ ටැග්ස් ඇතුළු ඇසුරුම් ද්‍රව්‍යයන්ගේ ඉහළ ගුණාත්මක භාවයෙන් යුත් ඕෆ්සෙට් මුද්‍රණයන්ට සැළකිය යුතු අපනයන වෙළෙඳපොළක් පවතී.

අපනයන සහ සුභවාදී අනාගත අපනයන වෙළෙඳපොළ අපේක්ෂාවන් වෙත යොමුවීමත් සමග ශ්‍රී ලංකාවේ ප්‍රධාන මුද්‍රණකරුවෝ වඩ වඩාත් සිවු වර්ණ යන්ත්‍ර වල සිට පංච වර්ණ මුද්‍රණ යන්ත්‍ර ස්ථාපිත කිරීම තුළින් ස්වකීය ඕෆ‍්සෙට් මුද්‍රණ ධාරිතාව වර්ධනය කිරීමට අවධානය යොමු කරති.
ඉහළ ගුණාත්මක භාවය, තරඟකාරී මිළ ගණන් සහ නිසි කලට බෙ‍දා හැරීම වැනි පියවරයන් සමග මෙම දශකය තුළ ශ්‍රී ලංකාවේ මුද්‍රණ අපනයනයන් තුළ වඩා ස්ථාවර සහ අඛණ්ඩ වර්ධනයක් දක්නට ලැබිය යුතුය.

මුද්‍රණ නිමාව සහ පොත් බැඳීම

ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය පූර්ණ සේවා කර්මාන්තයක් ලෙස හැඳින්වෙනු ඇත. යතුරු ලේඛණය, නිර්මාණය සහ පිටු සැකසුම් සේවාව සමග ඇරඹෙන මුද්‍රණ කර්මාන්තයේ උපකාරක සේවා මුද්‍රණ ක්‍රියාවලිය තුළ මුද්‍රණය නිමා කිරීම සහ පර්ෆෙක්ට් හෝ කේස් යන එක් පොත් බැඳුම් ක්‍රමයකින් අවසානය කර ළඟ‍ා වේ.

ශ්‍රී ලංකාවේ මුද්‍රණ කර්මාන්තය තුළ මෑත කාලීනව දක්නට ලැබෙන සංවර්ධනයක් වනුයේ යතු‍රු ලේඛණය සහ වර්ණ විභේදනයට සමානව මුද්‍රණ නිමාව සහ පොත් බැඳීමේ සේවා සම්පාදනය උදෙසා වෙළෙඳ මධ්‍යස්ථාන ස්ථාපිත කර තිබීමයි. මෙකී වෙළෙඳ මධ්‍යස්ථාන අල්ට්‍රා වයලට් වාර්ණිෂ්  කිරීම, ලැමිනේටින් කිරීම සහ පොත් බැඳීම සම්බන්ධයෙන් ඔන් ලයින් සහ ඕ‍ෆ් ලයින් සේවා සම්පාදනය කරයි. අධි වේගී පර්ෆෙක්ට් පොත් බැඳුම් යන්ත්‍ර, තල තුනේ කැපුම් යන්ත්‍ර සහ කේස් පොත් බැඳුම් යන්ත්‍ර දැන් ශ්‍රී ලංකාවේ ලබා ගත හැකිය. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් ශ්‍රී ලංකාවේ මුද්‍රණ කරුවෝ කවරාකාරයක වුව පොත්  මුද්‍රණය භාරගැනීමට ඉදිරිපත් විය හැකි තත්ත්වයක සිටිති. වර්තමානයේදී අතින් කෙරෙනා කේස් බයින්ඩින් ශිල්පය සම්බන්ධයෙන් පහළ පිරිවැය ශ්‍රමයක් ලබා ගැනීමට ඇති පහසුකම නිසා මෙම බැඳුම් ක්‍රමය බහුලව භාවිතා කෙරේ.

ඉතා ඉක්මනින් ශ්‍රී ලංකාවට විදේශයන්හි පිළිගැනීමක් ලබා දෙනු ඇති අතිරේක සේවාවන් ද ඇතුළත් සමස්ත සේවා පැකේජයක් ඉදිරිපත් කිරීම කරා ශ්‍රී ලාංකීය මුද්‍රණකරුවෝ ඉදිරියේදී පියනගනු ඇත.

වෙබ් ඔෆ්සෙට් මුද්‍රණය
 
ඕ‍ෆ්සෙට් මුද්‍රණ ක්ෂේත්‍රයේදී පුළුල් කරදාසියේ මෙන්ම ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ මුද්‍රණයන්ට හැකියාව ඇති කඩිනම් වෙබ් ඕෆ්සෙට් ප්‍රින්ටින් පහසුකම් ලබාදීමට ශ්‍රී ලංකාවේ මුද්‍රණකරුවන්ට හැකියාව තිබේ.

හැරිස් සහ ගොස් කොමියුනිටි ප්‍රෙසස් යනාදී වශයෙන් වන මුද්‍රණාල වර්ග දෙකක් දක්නට ලැබේ.

වෙබ් ඕෆ්සෙට් මුද්‍රණකරුවන්ට වර්ණ පිටු 08 ක් සහිතව උපරිම පිටු 48 කින් සමන්විත පුළුල් කරදාසියේ මුද්‍රණයන් ඉදිරිපත් කිරීමට සහ වර්ණ පිටු 16 ක් සහිත ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ ප්‍රකාශණයක් පිටු 96 කින් ඉදිරිපත් කිරීමට හැකිය.

ග්‍රිවාරේ මුද්‍රණය

ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් සිට මේ දක්වා මෙම ග්‍රිවා‍ෙර් මුද්‍රණ ශිල්පය සීඝ්‍ර පියවරෙන් ඉදිරියට ගමන්කර තිබේ. වර්තමානයේදී ග්‍රිවාරේ මුද්‍රණය උපරිම පළල මි.මී. 1000 ක් වන තුරු කරදාසි, බෝඩ් සහ සෙලෝෆේන් මත මුද්‍රණ කටයුතු සඳහා යොදාගනු ලබන අතර උපරිම වර්ණ 6 ක් වන තුරු රෝලෙන් රෝලට මුද්‍රණය කිරීමට ද යොදා ගනු ලැබේ.

මුද්‍රණ ශිල්පයේදී ඉතා ප්‍රයෝජනවත් පහසුකමක් වනුයේ රොටරි කටින් සහ නැමුම් පහසුකම සැපයී තිබීමයි. වර්තමානයේදී ශ්‍රී ලංකාව තුළ ග්‍රිවාරේ මුද්‍රණ ශිල්පය සඟරා මුද්‍රණයට, ඇසුරුම් ද්‍රව්‍ය මුද්‍රණයට (කරදාසි, බෝඩ් සහ සෙලෝෆේන්) සහ එතුම් කරදාසි මුද්‍රණයට යොදා ගනු ලබයි.

ඇසුරුම් ඇලවීම
 
ශ්‍රී ලංකා‍ෙව් මුද්‍රණ කර්මාන්තයෙහි ප්‍රධාන සංරචකයක් වනුයේ ඇසුරුම් ද්‍රව්‍ය මුද්‍රණයයි. ඇසුරුම්කරණයේ නිරතව ඉන්නා බොහෝ මුද්‍රණ ආයතනයන්  standard straight prefolding line folding cartons, crash lock bottom cartons, double wall cartons, 4 corner trays, 6 corner strays  යනාදී සැම එකකම ඇළවීමේ කටයුතු කිරීමේ හැකියාවෙන් යුත් ස්වයංක්‍රීය Folder Gluer යන්ත්‍ර භාවිතා කරති.

ස්ක්‍රීන් මුද්‍රණය

ශ්‍රී ලංකාවේ ස්ක්‍රීන් මුද්‍රණ කර්මාන්තය 1960 ගණන් වල සිට මේ දක්වා බොහෝ දුර ගමන් කර තිබේ. වර්තමානයේදී මෙම තාක්ෂණය කවරාකායේ වුව උපස්ථරයන්හි මුද්‍රණ කටයුතු කිරීම සඳහා පුළුල්ව භාවිතා කෙ‍ෙර්. මීට ජලය සහ වාෂ්පශීලී ද්‍රාවක පදනම් වූ තීන්ත භාවිතා කරමින් කඩදාසි, බෝඩ්, දැව, ප්ලාස්ටික්, වීදුරු, ලෝහ සහ රෙදි පිළි මත මුද්‍රණය ඇතුළත් වේ. මෙයට රබර් මිශ්‍රිත, ප්ලාස්ටිසෝල් සහ පෆ් තීන්ත වර්ග ඇතුළත් වේ.

ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංග‍මයේ වෙබ් අඩවිය
www.lankaprint.org