රබර් සහ රබර් නිෂ්පාදන
ශ්‍රී ලංකාවේ රබර් කර්මාන්තයේ ඉතිහාසය ආරම්භ වන්නේ 1876 තරම් ඈත කාලයකය. ඒ හෙනරත්ගොඩ දී සිදුවූ රබර් පැල රෝපණයත් සමගය. රබර් ශාකයෙන් වෑහෙන කිරි විවිධ රබර් නිෂ්පාදන තැනීම සඳහා භාවිතා වෙද්දී එහි දැවය පදම් කොට ගෘහ භාණ්ඩ හා අනෙක් දැව ආශ්‍රිත නිෂ්පාදන සඳහා යොදා ගැනේ. ප්‍රධාන වශයෙන්ම රබර් වතු පවතින ග්‍රාමීය ප්‍රදේශ වල පුද්ගලයින් විශාල සංඛ්‍යාවක් වෙත රබර් කර්මාන්තය නිසා රැකියා උත්පාදනය වේ. රබර් කිරි කැපීමෙන් පටන්ගෙන අර්ධ නිමි හෝ අර්ධ ලෙස සැකසූ රබර් සහ නිෂ්පාදන (ප්‍රාථමික නිෂ්පාදන) නිමැවීම හා අගය එකතුකළ නිෂ්පාදන සැකසීම හරහා රබර් නිෂ්පාදන වෙළෙඳුන් දක්වා ගත් කල රබර් කර්මාන්තය පුද්ගලයින් 20,000 කට පමණ රැකියා සපයයි. 2002 වසරේදී ශ්‍රී ලංකව තුළ දළ වශයෙන් රබර් මෙට්‍රික් ටොන් 91,000 නිෂ්පාදනය කරන ලද අතර ඉන් මෙට්‍රික් ටොන් 55,000 ක්ම දේශීය වශයෙන් භාවිතයට ගැනුණි. මේ අනුව සමස්ත නිෂ්පාදනයෙන් 60% ක් පමණ භාවිතා කරනු ලබන්නේ දේශීය පරිභෝජන භාණ්ඩ මෙන්ම අපනයන භාණ්ඩ නිෂ්පාදනය කරන දේශීය කර්මාන්තකරුවන් විසිනි. වර්තමානයේ ශ්‍රී ලංකාෙව් රබර් මෙට්‍රික් ටොන් 100,000 වාර්ෂිකව නිෂ්පාදනය කෙරේ. රබර් නිෂ්පාදනයෙන් දළ වශයෙන් 30% ක් පමණ ප්‍රමාණයක් සකස් නොකළ මාදිලියේ රබර් වශයෙන් අපනයනය කර 70% ක් පමණ දේශීය කර්මාන්ත වලට භාවිත කරමින් මෙම ප්‍රවණතාව තවදුරටත් පවතී. වර්ෂ 1995 දී ඇමරිකානු ඩොලර් මිලියන 135 සිට 2004 දී ඇමරිකානු ඩොලර් මිලියන 283 කට අධික අගයකටද, 2005 දී ඇමරිකානු ඩොලර් මිලියන 442 ක් දක්වා ද ශ්‍රී ලාංකීය රබර් කර්මාන්තයේ අපනයන වල වටිනාකම ස්ථාවරව වර්ධනය වී ඇත. මේ අගයෙන් 80% කටම දායක වී ඇත්තේ රබර් නිෂ්පාදන අපනයනයයි. ලෝඩ්ස්ටාර් ආයතනය විසින් මෙහි නිෂ්පාදනය කරන සොලිඩීල් නාමය සහිත කාර්මික ටයර් වැනි ජාත්‍යන්තරව පිළිගත් නිෂ්පාදන පිළිබඳව ශ්‍රී ලංකාවට උදම් ඇනිය හැකිය. ගිල්වා තනන නිෂ්පාදනද ලොව පුරාම අළෙවි කෙරෙන අතර ඔවුන්ගේ ගෘහස්ථ හා කාර්මික අත්වැසුම් විවිධ වෙළෙඳ නාමයන් යටතේ අළෙවි කෙරේ. ලෝඩ්ස්ටාර් ආයතනය ජාත්‍යන්තර වෙළෙඳපළෙන් 20% කට වැඩි ප්‍රමාණයක් අත්කර ගෙන සිටී. රබර් කිරි ආශ්‍රිත නිමැවුම් නිෂ්පාදනය කරන සී/ස ඇන්සෙල් ලංකා ආයතනය හා ලෝක වෙළෙඳපොළ ඉලක්ක කොට ඝන ටයර් නිෂ්පාදනය කරන සී/ස ටෙලෙබෝර්ග් ලංකා ආයතනය වැනි බහුජාතික සමාගම් ද ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවතී.
|
|
නිෂ්පාදන
- ටයර් සහ ටියුබ්
- උණුසුම් ජල බෝතල්
- රථ වාහන අමතර කොටස්
- කාර්මික උපාංග
- අත්වැසුම්, කොන්ඩම්, බැලුම්
- බූට් සපත්තු, සපත්තු අඩි
- බෝතල් මූඩි
- පාපිසි සහ මෙට්ට
සැපයුම් ප්‍රභවය
- ස්වභාවික රබර්
- කෘතිම රබර්
- රසායන ද්‍රව්‍ය, සායම් සහ අච්චු
තාක්ෂණය
ශ්‍රී ලංකාව රබර් තාක්ෂණය භාවිතා කරන ලෝක ප්‍රමුඛ හා ලෝක ප්‍රසිද්ධ නිපැයුම්කරුවකු වේ
තත්ත්ව ප්‍රමිතීන්
- අයි එස් ඕ 9000, 1400
- බී එස්
- ඒ එස් ටී එම්
- ජේ එස්
- සී ඊ
අපනයනය සඳහා අවශ්‍ය සහතිකකිරීම්
- ප්‍රමිතීන් සඳහා අවශ්‍ය වන්නා වූ සහතික කිරීම්
- රබර් නිෂ්පාදන අපනයනය සඳහා අවශ්‍ය වෙනත් විශේෂ බලපත්‍ර හෝ සහතික නොමැත
ආශ්‍රිත ආයතන/ සංගම්
- රබර් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකා සමාජය (SRI)
- රබර් නිපැයුම්කරුවනගේ හා අපනයනකරුවන්ගේ ශ්‍රී ලංකා සංගමය (SLAMERP)
- කොළඹ රබර් වෙළඳුන්ගේ සංගමය (CRTA)
- වැවිලිකරුවන්ගේ සංගමය (PA)
- එස් එම් ඊ රබර් නිපැයුම්කරුවන්ගේ සංගමය
- රබර් පර්යේෂණ ආයතනය
- කර්මාන්ත සංවර්ධන මණ්ඩලය
- රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව
- ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
රබර් නිමි භාණ්ඩ සඳහා අපනයන කාර්ය සාධනයේ සාරාංශය 2006-2008 (වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන වලිනි) |