ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි

ශ්‍රී ලාංකීය ඖෂධීය ශාක කණ්ඩායම් දෙකකට වර්ග කළ හැකිය.

  • ඉවුම් පිහුම් සඳහා භාවිතා වන ශාක
  • ඖෂධ සඳහා භාවිතා වන ශාක

ශ්‍රී ලාංකීය සමාගම් දහයක් ශාක වැවීමේ, සැකසීමේ සහ ශාක සහ ශාකමය සැකසුම් අපනයනයෙහි නිරත වී සිටිති.

ඉවුම් පිහුම් සඳහා භාවිතා වන ශාක

  • වල් කොලොන්දු (ටැරගොන්) - (ආටෙමීසියා ඩ්‍රැකුන්කියුලස්)
  • සේර (සේජ්) - සැල්වියා ඔෆිෂිනාලිස්
  • මිංචි (ස්පියර්මින්ට්) - මෙන්තා විශේෂයන්
  • බැස්ල් (ඔසිමම් බැසිලිකම්)
  • සූදුරු (අනෙතම් ග්‍රැවියොලෙන්ස්)

ඖෂධීය ශාක

  • පොල්පලා (ඊර්වා ලන්ටා)
  • ගොටුකොල (සෙන‍්ටෙලා ඒෂියාටිකා)
  • කෝමාරිකා (ඇලෝ වේරා)
  • රණවරා (කැසියා ඕරිකුලාටා)
  • රසකිඳ (ටිනොස්පෝරා කෝර්ඩි‍ෆෝරා)

අගය එකතු කළ ශාකමය සැකසුම්
ශාකසාර තේ, පාන, තෙල් සහ වේදනා නාශක අ‍ාලේපන (බාම්) වර්ග

ප්‍රධාන වෙළෙඳපොළවල්
ජර්මනිය, එක්සත් රාජධානිය, ස්විට්සර්ලන්තය, ඉතාලිය, ජපානය, සිංගප්පූරුව,  ම‍ලයාසියාව සහ රුසියාව

සුගන්ධ තෙල් සහ ඔලෙයොරෙසින

හැඳින්වීම

සුගන්ධ තෙල් යනු මල් පොහොට්ටු, කොළ, ඇට, පලතුරු හා මුල් වැනි ශාක ද්‍රව්‍යයන්ගෙන් ලබාගන්නා සුවදවත් තෛලමය ද්‍රවයන් වේ. සුගන්ධ තෙල් යනු බොහෝමයක් කුළුබඩුවල හා ශාකයන්ගේ සුගන්ධවත්ම කොටස් වන බැවින් ඒවා කුළු බඩු වලට වඩා මිළෙන් අධික වේ.
ශාක ද්‍රව්‍යයන් ආසවනය හෝ නිස්සාරණය කිරීමෙන් සුගන්ධ තෙල් ලබාගත හැකිය. සුගන්ධ තෙල් අපනයනය කිරීම සම්බන්ධ ශ්‍රී ලංකාවට දිගු ඉතිහාසයක් තිබේ.

ශ්‍රී ලංකාවෙන් සුගන්ධ තෙල් අපනයනය කිරීම පහත පරිදි වේ.

පහත දැක්වෙනුයේ විවිධ ආසවන ක්‍රම තුනකි.

  • ජල ආසවනය
  • ජල හා හුමාල ආසවනය
  • හුමාල ආසවනය

ප්‍රධාන වෙළෙඳපොළවල්

සුගන්ධ තෙල් අපනයනය - 1998 (අගය ඇමරිකානු ඩොලර් මිලියන වලිනි)

ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ප්‍රංශය, එක්සත් රාජධානිය, නෙදර්ලන්තය, ජර්මනිය, ඉතාලිය, හොංකොං, ස්පාඤ්ඤය, ස්විට්සර්ලන්තය

තත්ත්ව සහ ශ්‍රේණිගත කිරීමේ ප්‍රමිතීන්

ගැනුම් කරුවකු විසින් සුගන්ධ තෙල් වල තත්ත්වය තක්සේරු කරනුයේ නිර්ණායක ගණනාවක් පදනම් කරගෙනය.

  • ගන්ධ හා රස ලක්ෂණ
  • භෞතික ගුණ හා රසායනික සංයුතිය

ප්‍රමිති පිරිවිතරයන්ට ඇතුළත් වන දෑ

පිළිගත හැකි උද්භිද විද්‍යාත්මක ප්‍රභවය සඳහා නිර්වචනය, ඒ ඒ තෙල් වර්ග සඳහා සැකසුම් ක්‍රමවේදය හා පහත සඳහන් ආකාරයේ භෞත රසායණික ගුණයන්

  • සාපේක්ෂ ඝනත්වය
  • එස්ටර අගය
  • හිමාංකය
  • ප්‍රකාශ භ්‍රමණ විශ්ලේෂණය

ලංකා විද්‍යා හා කාර්මික පර්යේෂන ආයතනය විසින් සුගන්ධ තෙල් පිළිබඳ සාමාන්‍ය විශ්ලේෂණයක් ලබා දෙයි.

ඇසුරුම්කරණය

ඇසුරුම් කිරීම සඳහා විවිධාකාර ක්‍රම භාවිතා කෙරේ. වැඩි පරිමාවකින් යුත් සුගන්ධ තෙල් නැව්ගත කිරීම සඳහා සාමාන්‍යයෙන් ලීටර 200 ලෝහ හෝ ටින් ආස්තරනය කරන ලද පීප්ප භාවිතා කෙරේ. මෙම පීප්පයක දළ වශයෙන් තෙල් කි‍ලෝ ග්‍රෑම් 180 ක් පමණ අඩංගු වේ. ප්‍රවාහනයේදී තෙල් වල තත්ත්වය බාල වීම වැලැක්වීම සඳහා මෙම පීප්ප  මුද්‍රාතැබීම සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කළ යුතුය.

වෙළෙඳපොළ කොටස

විවිධ අවසන් පරිභෝජන නිෂ්පාදනයන් සඳහා සුගන්ධ තෙල් භාවිතා කළ හැකිය. තෙල් වර්ග සහ ඒවායේ තත්ත්වය මත කුමන නිෂ්පාදනයක් සඳහා යොදා ගන්නේ ද යන වග තීරණය කෙරේ.

සුගන්ධ තෙල් භාවිතා කරනු ලබන විවිධ කර්මාන්ත සමහරක් පහත දැක්වේ.

  • සුව‍ඳ විලවුන් කර්මාන්තය
  • ඖෂධ නිෂ්පාදන කර්මාන්තය
  • ආහාර කර්මාන්තය
    බේකරි නිෂ්පාදන
    රසකැවිලි
    පාන වර්ග

නිෂ්පාදනය, නිෂ්පාදිත රට සහ දිනය පිළිබඳ කෙටි විස්තරයක් පීප්පයේ ලේබලයෙහි ඇතුළත් විය යුතුය.

තවද, පහත සඳහන් තොරතුරුද ලේබලයෙහි ඇතුළත් කිරීමට නිර්දේශ කෙරේ.

  • නිෂ්පාදකයාගේ/ අපනයනකරුගේ නම හා ලිපිනය
  • ශුද්ධ බර
  • නිර්දේශිත ගබඩා කිරීමේ තත්ත්වයන්



 

කුළු බඩු

හැඳින්වීම
 
ශ්‍රී ලංකාව ඇයගේ ස්වාභාවික කුළු බඩු නිසා ඈත අතීත‍යේ සිටම ප්‍රසිද්ධිය‍ට පත්ව සිටින්නීය.  අපනයනාභිමුඛ වෙළඳාම සම්බන්ධයෙන් ගත් කල ශ්‍රී ලංකා කෘෂි ආර්ථිකයේ කුළු බඩු උසුලන තැන ඉතා වැදගත් එකකි. ලංකාවේ ඉහළ වැදගත්කමක් ගන්නා කුළු බඩු වැවිලි කුරුඳු, ගම්මිරිස්, කරාබුනැටි, සාදික්කා සහ වසාවාසි වලින් සමන්විත වේ. රටෙහි තෙත් සහ අන්තර් කලාපයන්හි කුළුබඩු වගා කරනු ලැබේ.

කුරුඳු තෙල්

අඹරන ලද හෝ මිශ්‍රිත කුළුබඩු අපනයනය කරන අවස්ථාවන්හිදී ඒවා නරක් වීම හෝ වෙනත් ද්‍රව්‍ය මිශ්‍ර වීම පිළිබඳ පරීක්ෂා කිරීම සඳහා විශේෂ පරීක්ෂාවක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාව‍ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන් අනුගමනය කළද අවශ්‍ය සැබෑ තත්ත්ව ප්‍රමිතීන් නීර්ණය කරනු ලබන්නේ ආහාර සහ ඖෂධ පනත, ඒ එස් ටී ඒ පිරිවිතරයන් සහ යුරෝපා සංගමයේ නියාමනයන් හෝ ඊ එස් ඒ ප්‍රමිතීන්ට අනුරූපව ආනයනකරුවන් සහ ප්‍රධාන අවසන් භාවිතාකරන්නන් විසිනි.

මෙහිදී ප්‍රධාන වශයෙන් සලකනු ලබනා තත්ත්ව සාධකයන් වශයෙන් සැලකෙන්නේ බාහිර පෙනුම, රසය, ගන්ධය, වාෂ්පශීලී තෙල් අන්තර්ගතය සහ පිරිසිදු බවයි.

ඇසුරුම්

කුළුබඩු පිරිසිදු, සෞඛ්‍යාරක්ෂිත එසේම අදාළ කුළුබඩු සමග ප්‍රතික්‍රියා නොකරන සෞඛ්‍යාරක්ෂිත ද්‍රව්‍යයන් මගින් ඇසුරුම් කිරීම අවශ්‍ය වන අතර මෙය ආනයන කරුවාගේ පිරිවිතරයන් මතද රඳා පවතී.

කුළු බඩු වර්ග වලින් බහුතරයක් ජලය කාන්දු නොවන සේ දාර සකසන ලද හණ මළු වල අසුරනු ලැබේ. කුරුඳු සාමාන්‍යයෙන් මිටි සේ අසුරනු ලබන අතර අනෙකුත් කුළුබඩු සඳහා යකඩ පීප්ප හෝ ලී පෙට්ටි භාවිතා කෙරේ. කරදමුංගු සඳහා කළු පොලිතීන් භාවිතා කිරීම මගින් වර්ණය ආරක්ෂා කර ගත හැක. සෑම කුළුබඩුවක්ම නැව්ගත කිරීමට පෙර පුස් ඇල්ලීමට ‍බඳුන් නොවනු පිණිස සැලකිල්ලෙන් වේලා ගත යුතුය.

ප්‍රධාන ජාත්‍යන්තර ආහාර සල්පිල්

  • ෆුඩ් ඉන්ග්‍රේඩියන්ට්ස්  යුරෝප්
  • අනූගා
  • සියෝල්
  • අයි එ‍ෆ් ඊ
  • ඇලිමෙන්ටාරියා
  • ෆුඩ් ඉන්ග්‍රේඩියන්ට්ස් ඒෂියා
  • ෆුඩෙක්ස්
  • ෆුඩ් ඇන්ඩ් හොටෙල් ඒෂියා

කාබනික (ජෛව) නිෂ්පාදන

නිෂ්පාදන පරාසයන්

තේ, කුළුබඩු, කජු, ඩෙසිකේටඩ් පොල්, ශාක, සකසන ලද පළතුරු සහ එළවළු

ශ්‍රී ලංකාවේ ආර්ථිකය බොහෝ කාලයක් තිස්සේ පදනම් වූයේ කෘෂිකාර්මික නිෂ්පාදන අපනයනය මතය. මෑත කාලීන වසර වලදී කාබනික නිෂ්පාදන සඳහා වන ජාත්‍යන්තර වෙළඳපළට ප්‍රවිශ්ඨ වීම සඳහා ප්‍රයත්නයක් දරණ ලදි. තේ වතු කාබනික නිෂ්පාදනයන් සඳහා පළමුවෙන්ම පරිවර්තනය කරන ලද්දේ 1980 තරම් මෑත වසරකදීය.

කාබනික නිෂ්පාදන අපනයන කරුවෙක් බවට පත්වීම සඳහා ශ්‍රී ලංකාවට ඇති විභවය පිළිබඳව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය හඳුනාගෙන ඇති අතර ප්‍රෝ-ට්‍රේඩ් හි සහයෝගය සහිතව, ප්‍ර‍ධාන වශයෙන් යුරෝපා සංගමයේ


රටවලට, කාබනික නිෂ්පාදනයන් හි අපනයනය සංවර්ධනයට සහ විවිධාංගිකරණයට ලක්කර තිබේ.

සැපයුම් තත්ත්වය

කාබනික වශයෙන් වවනු ලබනා නිෂ්පාදනයන්හි නිපැයුම් හා අපනයන කටයුතු සඳහා රටවල් 12 ක් මැදිහත් වේ. නව ‍ෙවළඳපොළවල් වලට ඇතුළු වීම සඳහා සැපයුම් පදනම් ඉහළ දැමීමේ අරමුණින් කාබනික කෘෂිකර්මය සඳහා විශාල ඉඩම් ප්‍රමාණයක් සහතික කරනු ලැබ තිබේ.

කාබනික කෘෂිකාර්මික ව්‍යාපාර පිළිබඳ ජාත්‍යන්තර ෆෙඩරේෂනයේ (IFOAM) පිළිගැනීමට ලක්වූ ජාත්‍යන්තර නියෝජිතායතන මගින් මෙම සහතික දීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යනු ලැබේ.

ප්‍රධාන වෙළෙ‍ඳපොළවල්

ජර්මනිය, ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, ජපානය, කැනඩාව සහ ප්‍රංශය

කුළුබඩු සහ සුගන්ධ තෙල් පිළිබඳ අපනයන කාර්යසාධන සාරාංශය 2006-2008
(වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන)