ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

තේ

හැඳින්වීම

ලෝකයේ හොඳම තේ ලෙස අවිවාදයෙන් පිළිගනු ලබන ශ්‍රී ලංකාවේ ලංකා තේ වලට ඊටම අනන්‍ය වූ ආවේනික ගතිලක්ෂණ හා කීර්තියක් ඇත. තේ ලෝකයේ වඩාත්ම ප්‍රිය කරන පානය වන්නේ සමස්ත ගෝලීය පාන වෙළෙඳපොළේ 22% ක කොටසකට හිමිකම් කියමිනි. ලෝක වෙළෙඳපොළෙහි කළු තේ හා හරිත තේ වශයෙන් ප්‍රධාන තේ වර්ග දෙකක් තිබේ. නිෂ්පාදන තාක්ෂණය පදනම් කර ගනිමින් කළු තේ තවදුරටත් සීටීසී හා සම්ප්‍රදායික වශයෙන් ප්‍රවර්ගයන් දෙකකට වෙන් කෙරේ. තේ යනු පෝෂණීය හා ඖෂධීය ගුණයන් කැටි කොට ගත් ලාභදායී, ප්‍රසන්න හා ප්‍රබෝධමත් කරවන සුලු පානයකි.

නිෂ්පාදනයන්

  • තොග තේ
  • ඇසුරුම් කළ තේ
  • තේ මළු
  • හරිත තේ
  • ක්ෂණික තේ
  • වෙනත් තේ වර්ග
    • රිදී දළු තේ
    • රන් දළු තේ

සැපයුම් මූලාශ්‍රය

තාක්ෂණය

හරිත තේ දළු සැකසීමේදී අනුගමනය කළ යුතු පියවරයන් ගණනාවක්ම තිබේ. මේ සෑම පියවරකදීම ඔවුන් අති නවීන තාක්ෂණය භාවිතා කරති.

සැකසුම් පියවරයන් පහත පරිදි වේ.

  • තේ දළු තව් මැරීම සඳහා සිසිල් හා ආර්ද්‍රතාවය සහිත තත්ත්වයක් යටතේ මේසයක් මත ඇතිරීම
  • තව් මැරීම හා පිළිස්සීම
  • උණුසුම් වායු සහිත කුටියක් හරහා ඉතා සෙමින් තේ දළු ගමන් කරවීම
  • වර්ගකිරීම හා නැව්ගත කිරීම



 

තත්ත්ව ප්‍රමිතීන්

තත්ත්වය මැණීම සඳහ‍ා පහත සඳහන් සහතිකයන් අත්‍යාවශ්‍ය වේ.

  • එච් ඒ සී සී පී HACCP
  • යහපත් නිෂ්පාදන පරිචයන්
  • GMP
  • අයි එස් ඕ 22000
  • අයි එස් ඕ 9000

අතිරේකව අවශ්‍ය වන සහතිකයන් පහත දැක්වේ.

  • ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය
  • එස් ඒ 8000
  • බී ආර් සී (එක්සත් රාජධානිය)

අපනයනය සඳහා අවශ්‍ය සහතිකයන්

තේ අපනයන කරන පුද්ගලයකු හට මෙම සහතික ලබා ගැනීම අවශ්‍ය වන අතර මේවායින් බහුතරයක් නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි. පළමුවෙන්ම ඔහු හෝ ඇය අපනයන කරුවෙකු ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි විය යුතුය. පහත සඳහන් සහතිකය අපනයනයේදී අතිශයින්ම වැදගත් වේ.

  • ප්‍රභවය පිළිබඳ සහතිකය

 

යුරෝපීය සංගමය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවලට අපනයනය කිරීමේදී පහත සඳහන් අතිරේක සහතිකයන් ලබාතිබීම අවශ්‍ය වේ.

  • අයි එස් ඕ 22000
  • යුරෝප් ගැප්
  • එච් ඒ සී සී පී

 

සම්බන්ධිත ආයතන/ සංගම්

ශ්‍රී ලංකා තේ මණ්ඩලය
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
තේ පර්යේෂණ මණ්ඩලය
කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය
තේ අපනයනකරුවන්ගේ සංගමය
කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය
පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමය
ලංකා තේ වගාකරුවන්ගේ සංගමය
ශ්‍රී ලංකා ‍තේ සංගමය

2006 -2008 තේ අපනයන කාර්යසාධනයේ සාරාංශය
(අගය ඇමරිකානු ඩොලර් මිලියන වලිනි