ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
 srilankabusiness.com වෙත සාදරයෙන් පිළිගනිමු
Trade
Information
Economic Research
& Studies
E-promotions Publications
& Newsletters
Trade
Directory
Trade Statistics Trade
Events
Special
Projects
Cyber Trader
Home l About Us l About Sri Lanka l Contact Us l Site Map  
Cyber Trader - The e-business Center@EDB Sri Lanka  Export Development Board
  ශ්‍රී ලාංකික නිෂ්පාදන
   
සුරතල් මසුන්, ජල ජීවී වගාව හා මත්ස්‍ය ආශ්‍රිත නිෂ්පාදන
පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන
ලුහු ඉංජිනේරු නිෂ්පාදන
පැලෑටි, පත්‍ර සහ කපන ලද මල්
පාවහන් සහ සම්භාණ්ඩ
පළතුරු, එළවළු, ධාන්‍ය, කජු සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන
අත්කම් භාණ්ඩ
අත්යන්ත්‍ර රෙදි පිළි
තොරතුරු සන්නිවේදන තාක්ෂණික නිෂ්පාදනය
මැණික්, ස්වර්ණාභරණ සහ දියමන්ති නිපැයුම්
ග්‍රැනයිට් සහ ඛනිජ වැලි ආශ්‍රිත නිෂ්පාදන
ප්ලාස්ටික් නිෂ්පාදන
පෝසිලේන් සහ සෙරමික් නිෂ්පාදන
මුද්‍රණ සේවා
සැකසූ ආහාර, බීම සහ ආහාරයට ගන්නා තෙල් වර්ග
ඇඟළුම් හා ආශ්‍රිත උපාංග
රබර් සහ රබර් නිෂ්පාදන
වෙනත් සේවා
කුළුබඩු, සුගන්ධ තෙල් වර්ග සහ ‍ඖෂධීය ‍පැළැටි
තේ
විනෝද, ක්‍රීඩා හා සෙල්ලම් භාණ්ඩ
දැව ගෘහභාණ්ඩ
   
  විභව්‍ය වෙළඳපලවල්
  වෙළඳ ප්‍රතිපත්තිය
  ශ්‍රී ලංකා වෙළඳ ප්‍රවේශය
  වෙළඳ ගිවිසුම්
   
 
  වෙළඳ තොරතුරු අතර ඔබ සිටිනුයේ > ශ්‍රී ලාංකික නිෂ්පාදන
 
 

විනෝද, ක්‍රීඩා හාසෙල්ලම්
භාණ්ඩ

හැඳින්වීම

ශ්‍රී ලංකාවේ මෘදු හා දැවමය සෙල්ලම් භාණ්ඩ කර්මාන්තය වනාහි සාපේක්ෂව නව අංශයක් වන අතරම  අපනයනය සඳහා මනා විභව්‍යතාවයක් සහිත කර්මාන්තයක් ලෙස හඳුනාගෙන තිබෙන්නකි. මෑත අතීතයේ සිට බොහෝ ශ්‍රී ලාංකීය ව්‍යවසායකයන් අපනයනය සඳහා සෙල්ලම් භාණ්ඩ නිපදවීම සඳහා යොමු වීමට පටන් ගෙන තිබේ. අපගේ පාරම්පරික කලා සහ අත්කම් ශිල්ප තුළින් දායාද වූ ප්‍රශස්ත මට්ටමේ හැකියාව  සමග එක්වූ නවීන යන්ත්‍ර සූත්‍ර භාවිතය සහ (වගා දැව වැනි) අමුද්‍රව්‍ය සුලභතාව හේතුවෙන් ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මෘදු හා දැවමය සෙල්ලම් භාණ්ඩ ලොව පුරා සුප්‍රසිද්ධ වෙළඳසැල් සමහරක් වෙත  සිය ගමන් මග සකසා ගෙන තිබේ. ශ්‍රී ලංකා‍වෙහි නිපදවෙන නෙත් බඳනා නිර්මාණ බොහෝ දරුවන්ගේ හදවත් ප්‍රමුදිත කිරීමට  සමත්ව තිබෙන අතරම ගුණාත්මකභාවය හා ආරක්ෂාව පිළිබඳ ප්‍රමිතීන්ට අනුකූලව අන්තර්ජාතික වෙළඳපො‍ෙළ් ඉහළ යන ඉල්ලුමට සරිලන සැපයුමක් ලබාදීමටද සමත්ව ඇත.

නිපැයුම්

සිනිදු පිළියෙන් නිමවූ සෙල්ලම් භාණ්ඩ, රෙදි බෝනික්කන් සහ සතුන්, ප්‍රහේළිකා,  අධ්‍යාපනික‍ සෙල්ලම් භාණ්ඩ, ඇදගෙන යා හැකි සෙල්ලම් භාණ්ඩ, ස්කිටල් ක්‍රීඩා උපකරණ, ළමා ගෘහ භාණ්ඩ, දැවයෙන් තැනූ බෝට්ටු ආදිය.

ප්‍රධාන වෙළෙඳපොළවල්

ඇමරිකා එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රංශය, ස්විට්සර්ලන්තය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව, නෙදර්ලන්තය

තත්ත්වය

සියළුම නිෂ්පාදනයන් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන අතර සහ ළමයින් සඳහා ආරක්ෂාකාරී වේ. ශ්‍රී ලාංකීය සෙල්ලම් භාණ්ඩ EN 71 සහ ASTM වලට අනුකූල වෙමින් CE ලාංඡනය සඳහා සුදුසුකම් ලබයි. ජෙනරල් සුපරින්ටෙන්ඩන්ස් පුද්ගලික සමාගම වෙතින් හෝ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, සී.අයි.එස්.අයි.ආර්. වැනි සමගම් වෙතින් තත්ත්ව පරීක්ෂාවන් සිදු කර ගත හැකි අතර ඔවුන් වෙනත් තත්ත්ව සහතිකයන් ලබා ගැනීමටද සහාය වේ. නිෂ්පාදකයන් තම කම්හල් හි ද ඔවුන්ගේම වූ තත්ත්ව පාලන කාර්ය මණ්ඩල සේවයේ යොදවා තිබේ.

සැපයුම් තත්ත්වය

දැනට ශ්‍රී ලංකාව තුළ සෙල්ලම් භාණ්ඩ අපනයනයෙහි යෙදුනු නිෂ්පාදනාගාර 80 කට ආසන්න ප්‍රමාණයක් තිබේ. වර්තමානයේ ශ්‍ර‍ී ලංකාවෙන් වාර්ෂිකව අපනයනය කෙරෙනා සෙල්ලම් භාණ්ඩ වල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 42 ක් පමණ වේ.

මෘදු සෙල්ලම් භාණ්ඩ

නවීන යන්ත්‍ර සූත්‍ර හා කාර්මික නිෂ්පාදන තාක්ෂණවේදයන් භාවිතයෙන් මෙම මෘදු සෙල්ලම් භාණ්ඩ නිපදවනු ලැබේ. මෙම ආකර්ෂණීය සෙල්ලම් භාණ්ඩ නිමවනු ලබන කම්හල් නිසි තාක්ෂණයෙන් සපිරි ය. එසේම ඒවා සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට ද අනුකූලය. මෙම සෙල්ලම් භාණ්ඩ නිපැයුම් ක්‍රියාවලිය ඇරඹුම් අවස්ථාවේ සිට අවසන් අදියර දක්වාම දැඩි තත්ත්ව පරීක්ෂාවන්ට බඳුන් කෙරේ. සෙල්ලම් සතුන්ගේ ඇස් සහ නාසා සවිකිරීමේ යන්ත්‍ර මෙන්ම ලෝහ පිරික්සුම් යන්ත්‍ර ද ‍භාවිතා කරන බැවින් මේ සෙල්ලම් භාණ්ඩ තත්ත්වයෙන් උසස් හා ආරක්ෂිත වේ. සිනිදු, අතින් වියන ලද රෙදි හා පිරවුම් ද්‍රව්‍ය මේ නිපැයුම් සඳහා යොදා ගැනේ.

තත්ත්ව ප්‍රමිතීන්

තත්ත්වය මැණීම සඳහ‍ා පහත සඳහන් සහතිකයන් අත්‍යාවශ්‍ය වේ.

  • එච් ඒ සී සී පී HACCP
  • යහපත් නිෂ්පාදන පරිචයන්
  • GMP
  • අයි එස් ඕ 22000
  • අයි එස් ඕ 9000


 

අතිරේකව අවශ්‍ය වන සහතිකයන් පහත දැක්වේ.

  • ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය
  • එස් ඒ 8000
  • බී ආර් සී (එක්සත් රාජධානිය)

අපනයනය සඳහා අවශ්‍ය සහතිකයන්

තේ අපනයන කරන පුද්ගලයකු හට මෙම සහතික ලබා ගැනීම අවශ්‍ය වන අතර මේවායින් බහුතරයක් නිකුත් කරනු ලබන්නේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසිනි. පළමුවෙන්ම ඔහු හෝ ඇය අපනයන කරුවෙකු ලෙස ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ ලියාපදිංචි විය යුතුය. පහත සඳහන් සහතිකය අපනයනයේදී අතිශයින්ම වැදගත් වේ.

  • ප්‍රභවය පිළිබඳ සහතිකය

යුරෝපීය සංගමය, ජපානය, ඇමරිකා එක්සත් ජනපදය ආදී රටවලට අපනයනය කිරීමේදී පහත සඳහන් අතිරේක සහතිකයන් ලබාතිබීම අවශ්‍ය වේ.

  • අයි එස් ඕ 22000
  • යුරෝප් ගැප්
  • එච් ඒ සී සී පී

සම්බන්ධිත ආයතන/ සංගම්

ශ්‍රී ලංකා තේ මණ්ඩලය
ශ්‍රී ලංකා තේ පර්යේෂණ ආයතනය
කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය
තේ පර්යේෂණ මණ්ඩලය
කොළඹ තේ වෙළඳුන්ගේ සංගමය
තේ අපනයනකරුවන්ගේ සංගමය
කොළඹ තැරැව්කරුවන්ගේ සංගමය
පුද්ගලික තේ කම්හල් හිමියන්ගේ සංගමය
ලංකා තේ වගාකරුවන්ගේ සංගමය
ශ්‍රී ලංකා ‍තේ සංගමය

2006 -2008 තේ අපනයන කාර්යසාධනයේ සාරාංශය
(අගය ඇමරිකානු ඩොලර් මිලියන වලිනි)

දැවමය සෙල්ලම් භාණ්ඩ

ශ්‍රී ලංකාවේ දැවමය සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදන කර්මාන්තය වනාහි අපනයන කරුවන් 50 ක් පමණ සහිත වූ ස්ථාපිත කර්මාන්තයකි. බෝරෝන් යොදා පදම් කරන ලද රබර් දැව ප්‍රධාන වශයෙන්ම දැවමය සෙල්ලම් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගැ‍ෙන්. ශ්‍රී ලංකාවේ වගා බිම් වලින් රබර් දැවය ලබාගන්නා අතර එය අන්තර්ජාතික වෙළඳපොළේදී, පරිසර හිතකාමී දැවයක් ලෙස පිළිගැනේ. ශ්‍රී ලාංකීය ශිල්පීන් දායදකොට ගෙන තිබෙන විශිෂ්ට පින්තාරු කලා හා කැටයම් ශිල්ප පිළිබඳ නිසඟ දක්ෂතාවත් සහ වර්ණවත්ව නිමැවූ මෙම නිෂ්පාදන වල අතිශය සුන්දර හා සංකීර්ණ නිමාවත් ශ්‍රී ලාංකීය කෙළි බඩු කර්මාන්තයට වාසි දායක තත්ත්වයක් ඇති කර දී තිබේ.

අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ

දැවමය සෙල්ලම් භාණ්ඩ නිපදවීමට යොදා ගන්නා මූලික අමු ද්‍රව්‍යම ප්‍රයෝජනයට ගෙන අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිපදවනු ලැබේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ගැනුම්කරුවන්ගේ නිර්ණයන්ට අනුව මෙන්ම ශක්තිමත්ව හා ආරක්ෂාකාරී ලෙස මෙම අධ්‍යාපනික සෙල්ලම් භාණ්ඩ නිපදවන බවට තහවුරු කරනු පිණිස නිෂ්පාදන ක්‍රියාවලිය සම්මත විශේෂඥ අධීක්ෂණයට භාජනය කරනු ලැබේ.

අවසන් නිෂ්පාදිතයන් වල ඉහළ ප්‍රමිතිය තහවුරු කරනු වස් නිෂ්පාදන ක්‍රියාවල‍ියේදී ඉතා ඉහළ සැලකිල්ලක් දක්වයි. තවද කුඩා ළමුන් හට විනෝදාස්වාදයයය මෙන්ම ළමුන්ගේ දැනුම වර්ධනය කිරීම සංයෝග කිරීම නිසා මෙම භාණ්ඩයන් ඉතා ඉහළ අධ්‍යාපනික වටිනාකමකින් යුක්තය.

මෙම අධ්‍යාපනික භාණ්ඩ අපනයනයෙන් ශ්‍රී ලංකාව 2009 වසරේදී ඇ.ඩො. මිලියන ........ ක විදේශ විනිමයක් උපයාගෙන ඇත.