දැව ගෘහභාණ්ඩ
හැඳින්වීම
ලී බඩු කර්මාන්තය යනු ශ්‍රී ලංකාවේ ලී බඩු කර්මාන්ත ව්‍යුහය තුළට ගැනෙනා ප්‍රධාන උප කර්මාන්තමය අංශයන්ගෙන් එකකි. ශ්‍රී ලංකාවේ ලී බඩු කර්මාන්තය දැව ඉරුම්, ඉදිකිරීම්, දැවමය කෙළි බඩු, විසිතුරු ලෑලි ඇතිරීම (පාකේ), දැවමය පනෙල් නිෂ්පාදන යනාදියෙන් සමන්විත වේ' ශ්‍රී ලංකාවේ ලී බඩු කර්මාන්තය යනු නාගරික මෙන්ම ග්‍රාමීය යන කලාපයන් දෙකෙහිම විශාල සංඛ්‍යාවක් මිනිසුන් සේවා නියුක්තිය සලසා ගන්නා වූ පැරණිතම කර්මාන්තයන් අතුරින් එකකි. රටෙහි 9000 කට වඩා වැඩි ලී බඩු අනෙකුත් දැවමය කර්මාන්ත ආයතනයන් කොළඹ සහ අවට ප්‍රදේශයන්හි විසිරී පවතින බව ඇස්තමේන්තු කර ඇති අතර ක්ෂේත්‍රයේ සේවා නියුක්තිය දළ වශයෙන් 28000 ක් පමණ වෙතයි ගණන් බලා තිබේ. අද වන විට ශ්‍රී ලංකාවේ ලී බඩු කර්මාන්තය හුදෙක් දේශීය වෙළෙඳ පොළ පමණක් නොව විදේශීය වෙළෙඳපොළ අවශ්‍යතා සඳහා ද නිෂ්පාදන සැපයිය හැකි මට්ටමකට ළඟා වී සිටී'
සැපයුම් පදනම
ශ්‍රී ලංකාවේ ලී බඩු කර්මාන්තය ඉතා විශාල වශයෙන් රබර් දැව මත රඳා පවතී. ලී බඩු කර්මාන්තෙය් ඉතා ඉහළ වැදගත් කමකින් යුත් අමුද්‍රව්‍ය මූලාශ්‍රයක් බවට පදම් කළ රබර් දැව පත්ව තිබේ. තවද FSC සහතිකය ලත් දැව භාවිතා කරමින් නිපදවෙන ලී බඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළින් ඉහළ ඉල්ලුමක් පවතී. ඒ අනුව අදාළ සහතිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු දැනටමත් කෙරෙමින් පවතී. එසේම දේශීය සමාගම් වලට ගැනුම් කරුවන්ගේ අවශ්‍යතා අනුව භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා දැව ආනයනය කළ හැකිය. ශ්‍රී ලංකාව ලී බඩු නිෂ්පාදන කර්මාන්තය උදෙසා තේක්ක, මහෝගනි වැනි අනෙක් දැව විශේෂයන්ද භාවිතා කරයි. මෙම දැව අවශ්‍යතා බොහෝ කොට සපිරෙන්නේ ගෙවතු වලින් සහ මනාව කළමනාකරණය කරන ලද වනාන්තර වෙතිනි.
|
|
නිපැයුම් පරාසය
ශ්‍රී ලංකාවේ ලී බඩු නිෂ්පාදන කර්මාන්තයට දැවමය ගෘහ භාණ්ඩ ඇතුළත් වේ. (නිදන කාමර, විසිත්ත කාමර, මුළුතැන්ගෙයි ලී බඩු, උද්‍යාන ලී බඩු) එසේම ඊට කාර්යාල ලී බඩු (පරිගණක මේස, කාර්යාල මේස යනාදිය) වානිජ සහ ආයතනික ලී බඩු (හෝටල්, පාසල්, රෝහල් යනාදිය සඳහා ලී බඩු) ද ඇතුළත් වේ. ගලවා වෙන් කළ හැකි මාදිලියේ ලී බඩු/ ඔබ්බවා සවි කරන මාදිලියේ ගෘහ භාණ්ඩ ගැනුම් කරුගේ පිරිවිතරයන්ට අනුව සකසා අපනයනය කරනු ලැබේ. ශ්‍රී ලංකාව වෙළෙඳපොළේ මිළ අධික නිෂ්පාදන සඳහා වන වෙළෙඳපළ කොටස තුළ මෙවන් භාණ්ඩ නිෂ්පාදනය සඳහා කැපීපෙනෙන තරඟකරුවෙකි.
ගුණාත්මක භාවය
ශ්‍රී ලංකාවේ ලී බඩු නිෂ්පාදනයන් සෑහෙන දුරකට ජාත්‍යන්තර තත්ත්ව ප්‍රමිතීන්ට ළඟා වීමට සමත්ව සිටී. එසේම FSC අවශ්‍යතා ලබාගැනීමට කටයුතු ද කෙරෙමින් පවතී.
ප්‍රධාන වෙළෙඳපොළවල්
එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, මාලදිවයින, සෞදි අරාබිය, ප්‍රංශය සහ ජර්මනිය
ලී බඩු නිෂ්පාදන සඳහා අපනයන කාර්ය සාධන සාරාංශය
2006-2008 (වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන වලිනි) |