ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය යනු
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (SLEDB) ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානයේ (ITC) සහ වෙළඳාම සහ තීරුබදු සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (UNCTAD) මගපෙන්වීම යටතේ 1979 දී ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත අංක 40 යටතේ පිහිටුවන ලද අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංවිධානයයි.
ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් යුත් අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩලයේ විධායක ආයතනය ලෙස පිහිටුවන ලද SLEDB යනු ශ්‍රී ලංකාවේ අපනයන සංවර්ධනය සහ ප්‍රවර්ධනය සඳහා වගකිව යුතු රාජ්‍ය ආයතනය ලෙස අපි පහත සඳහන් කාර්ය භාරයන් ඉටු කරමු :;
- ප්‍රතිපත්ති උපදේශනය - අපනයනයට හිතකර පරිසරයක් නිර්මාණය කිරීම උදෙසා අපනයන සංවර්ධන ප්‍රතිපත්ති පිළිබඳව රජයට උපදෙස් ලබා දීම.
- නියාමනය - අපනයන ක්ෂේත්රයේ කාර්ය සාධනය නියාමනය කිරීම.
- ප්‍රවර්ධනය - ශ්‍රී ලංකාවේ අපනයන නිෂ්පාදන සහ සේවා ප්‍රවර්ධනය කිරීමට නිෂ්පාදන, නිර්මාණ, වෙළඳපල සහ වෙනත් සංවර්ධන වැඩසටහන් ක්‍රියාවට නැංවීම.
- පහසුකම් සැලසීම - අපනයන සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය ලෙස අපනයනයට සම්බන්ධ සියළු පාර්ශ්වකරුවන් සමග එක්ව අපනයන සංවර්ධන ක්‍රියාකාරකම් වලට පහසුකම් සැලසීම සහ සම්බන්ධීකරණය කිරීම
- දැනුම ලබාදීම - අපනයන ක්ෂේත්රයට සම්බන්ධ සියළුම විෂයන් පිළිබඳව උපදේශන සේවා සහ තොරතුරු සැපයීම.
අද වන විට SLEDB වෙළඳ ප්‍රවර්ධන සංවිධානයක් ලෙස එහි මුල් වගකීමෙන් ඔබ්බට ගොස් නව වෙළඳපල වෙත ළඟා වීමට සහ වෙළඳපල සහ කර්මාන්ත ප්රවණතා හඳුනා ගැනීමට උපදේශකයෙකු සහ පහසුකම් සපයන්නෙකුගේ භූමිකාව ඉටු කරමින් රටේ කාර්මික, සේවා සහ අපනයන පරිසර පද්ධතියේ බහු ස්ථරයන් කරා ළඟා වී ඇත.
දැනට SLEDB වෙත පහත සඳහන් අමතර වගකීම් පැවරී ඇත;
- ජාතික අපනයන සංවර්ධන සැලසුම් සකස් කිරීම
- නිෂ්පාදන සහ සේවා සැපයීම සහ විවිධාංගීකරණය සඳහා පහසුකම් සැලසීම
- පර්යේෂණ සහ වෙළඳපල සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම
- අපනයනකරුවන් රජයේ ආයතන සමඟ අන්තර් ක්‍රියා කිරීමේදී මුහුණ දෙන ගැටලු විසඳීමට උපකාර කිරීම
- ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ගේ ප්‍රජාව තුළ කුසලතා වර්ධනය කිරීම
- ගෝලීය සහ දේශීය ආයතන අතර ජාත්‍යන්තර සබඳතාව වැඩිදියුණු කිරීම.
SLEDB හි අරමුණ වන්නේ ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට සහ කර්මාන්තවලට ඔවුන්ගේ ව්‍යාපාර ජාත්‍යන්තරව ව්‍යාප්ත කිරීමට සහය ලබා දීම සහ අවස්ථා නිර්මාණය කිරීම, එමඟින් කලාපයේ අපනයන විකුණුම් සහ රැකියා අපේක්ෂාවන් ඉහළ නැංවීමයි. මෙම පරමාර්ථය සපුරාලීම සඳහා, අපි ශ්‍රී ලංකාව පුරා පිහිටා ඇති කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාර සඳහා උපදේශන සේවා සපයන අතර කලාපයේ අපනයනකරුවන් සහ අනාගත අපනයනකරුවන් සඳහා නිර්මාණය කර ඇති අධ්‍යාපනික සම්මන්ත්රණ සහ පුහුණු වැඩසටහන් සඳහා අනුග්‍රහය සහ සම අනුග්‍රහය දක්වන්නෙමු.
ශ්‍රී ලාංකේය වෙළඳපොළ පිළිබඳ අපගේ දැනුම සහ එහි බොහෝ කර්මාන්තවල බෙදාහැරීමේ ලක්ෂණ ශ්‍රී ලාංකේය අපනයනකරුවන්ට සහ සැපයුම්කරුවන්ට ගෝලීය වෙළෙඳපොළ වෙත ඔවුන්ගේ අපනයන ඉහළ නැංවීමට උපකාරී වේ.

දැක්ම
සුවිශේෂී නිෂ්පාදන සහ සේවා සඳහා ප්රමුඛ අපනයන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම.
මෙහෙවර
උපායමාර්ගික මැදිහත්වීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන ගෝලීය වශයෙන් තරඟකාරීත්වයට පත් කිරීම.
උපායමාර්ගික අරමුණු
- ශ්‍රී ලංකා අපනයන නිෂ්පාදන සහ සේවා සඳහා විශිෂ්ට ප්‍රතිරූපයක් ගොඩනැගීම.
- වැඩි දියුණු කළ අගය එකතු කිරීම් සහ සන්නාමකරණය තුළින් නිෂ්පාදන හා සේවා අපනයන වටිනාකම ඉහළ නැංවීම.
- පවතින ප්‍රධාන වෙළඳපොළවල් තහවුරු කර ගනිමින්, අනාගත අපේක්ෂිත සුවිශේෂී වෙළඳපොළවල් වෙත අපනයන වැඩි කිරීම.
- වඩා හොඳ වෙළඳපොළ ප්‍රවේශයක් සමඟ කලාපීය අගය දාම ජාල සමඟ ඒකාබද්ධ වීම.
- අපනයන අංශය සඳහා අගය දාම ක්‍රියාකරුවන්ගේ දායකත්වය වැඩි දියුණු කිරීම.
- රටේ අපනයන භාණ්ඩ එකතුව සහ අපනයනකරුවන්ගේ ප්‍රජාව පුළුල් කිරීම.
- කාර්යක්ෂම, විනිවිද පෙනෙන සහ පිරිවැය ඵලදායී දේශසීමා වෙළඳාම සහතික කිරීම සඳහා වෙළඳ පහසුකම් සැලසීම.
- අපනයනකරුවන් ජාත්‍යන්තර රෙගුලාසි සහ ප්‍රමිතීන්ට අනුකූල වීමට දිරිගැන්වීම සහ පාරිසරික, සමාජීය සහ පාලන මූලධර්මවල (ESG) සාමූහික ප්රතිලාභ ලබා ගැනීම.
- සේවක ඵලදායිතාව සහ කැපවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්, මූලික හරයන් මත පදනම්ව, EDB හි විශිෂ්ට කණ්ඩායමක් ගොඩනැගීම.