• Alt

    Slogan first phrase Slogan second phrase

    Explore

  • Alt

    Slogan first phrase Slogan second phrase

    Explore

  • අපගේ කළමනාකරණය

    Chairman

    මංගල විජේසිංහ මහතා
    සභාපති / ප්‍රධාන විධායක නිලධාරී

    +94-11-2300712

    වැඩිපුර විස්තර

    Director General

    මේ මොහොත වනවිට පුරප්පාඩුව පවතී
    අධ්‍යක්ෂ ජනරාල්

    +94-11-2300675

    වැඩිපුර විස්තර

    EDB හි අංශ/ඒකක සහ ඒවායේ කාර්යයන්

    • කළමනාකරණ මණ්ඩලය

      EDB හි කළමනාකරණ මණ්ඩලය සමන්විත වන්නේ සභාපති සහ තවත් සාමාජිකයින් 16 දෙනෙකුගෙන් ය. ඒම සාමාජිකයන් අමාත්‍යාංශය විසින් පත් කරනු ලබන අතර අපනයන සංවර්ධන අමාත්‍ය මණ්ඩල සභාව (EDCM) හි නියෝජනය වන අමාත්‍යාංශයේ ලේකම්වරුන් හෝ අතිරේක ලේකම්වරුන්, ආයෝජන මණ්ඩලයේ (BOI) සාමාජිකයෙක් සහ කර්මාන්ත, වෙළඳාම, මූල්‍ය හෝ අපනයන සංවර්ධනයට සම්බන්ධ වෙනත් ක්ෂේත්‍රයක පළපුරුද්ද සහ හැකියාව පෙන්නුම් කරන තවත් සාමාජිකයින් හය දෙනෙකු, විෂයභාර අමාත්‍යවරයා විසින් පත් කරනු ලබයි.

      ප්‍රධාන විධායකයා වන සභාපතිවරයාට අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් දෙදෙනෙකුගේ සහ අධ්‍යක්ෂවරයෙකුගේ 10 සහය ලැබේ.

    • මණ්ඩල ලේකම් කාර්යාලය

      මණ්ඩලයේ ක්‍රියාකාරකම් සමස්ත කළමනාකරණය, පාලනය සහ පරිපාලනය.

      +94-11-2303027

      +94-11-2300715

    • වෙළඳපොළ සංවර්ධන අංශය

      Director – Market Developments

      මේ මොහොත වනවිට පුරප්පාඩුව පවතී
      අධ්‍යක්ෂිකා – අලෙවි සංවර්ධන අංශය

      නව වෙළඳපල අවස්ථා, රෙගුලාසි, සහතික කිරීම් සහ ප්‍රමිතීන් පිළිබඳව අපනයනකරුවන් දැනුවත් කිරීම සඳහා වෙළඳපල පර්යේෂණ සහ සමීක්ෂණ පැවැත්වීම, වෙළඳපල විශේෂිත සම්මන්ත්‍රණ, වෙබ්නාර්ස් සහ සංසද සංවිධානය කිරීම. අපනයන වෙළෙඳපොළ සංවර්ධන සහ ප්‍රවර්ධන වැඩසටහන් සැකසීම සහ ක්‍රියාත්මක කිරීම (වෙළඳ ප්‍රදර්ශන, අභ්‍යන්තර/පිටත ගැනුම්කරුවන්ගේ විකුණුම් රැස්වීම් - භෞතික සහ අතථ්‍ය). ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික නිදහස් වෙළඳ ගිවිසුම් සම්බන්ධ කටයුතු සම්බන්ධීකරණය කිරීම, ඒකාබද්ධ ආර්ථික කොමිෂන් සභා, ව්‍යාපාර කවුන්සිල, FTAs, PTAs සහ JCs ආදියෙහි ප්‍රතිලාභ උපරිම කිරීම. විදේශයන්හි අපනයනකරුවන්ගේ අලෙවිකරණ ප්‍රයත්නයන්ට සහාය වීම සඳහා වෙළඳපල ප්‍රවර්ධනය (MPA) සඳහා මූල්‍ය ආධාර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම. අපනයනකරුවන්ගේ ප්‍රජාවට සහාය වීම සඳහා වෙළෙඳ ප්‍රවර්ධන සංවිධාන, විදේශගත වාණිජ නිලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු. උපදේශන සේවා සැපයීම, අපනයනකරුවන්ට වෙළඳපල තොරතුරු සැපයීම සහ අපනයන ආශ්‍රිත දේශීය සහ විදේශීය වෙළඳ විමසීම් හැසිරවීම. ජනාධිපති අපනයන සම්මාන යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, අලෙවිකරණය සහ සන්නාම සංවර්ධනය පිළිබඳ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ ධාරිතාව ගොඩනැගීම සහ ශ්‍රී ලංකා අපනයන අංශයේ සන්නාම වැඩසටහන.

      +94-11-2300720

      +94-11-2305212

      වැඩිපුර විස්තර
    • ප්‍රාදේශීය සංවර්ධන අංශය

      Director -Regional Development

      ඩී.එම්.පී. දිසානායක මහතා
      අධ්‍යක්ෂ - ප්‍රාදේශීය සංවර්ධන

      අපනයන විභව, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් ජාතික හා පළාත් මට්ටමින් අපනයනකරුවන් ලෙස සංවර්ධනය කිරීමට පහසුකම් සැලසීම.

      +94-11-2300701

      +94-11-2303028

      View Profile
    • කාර්මික නිෂ්පාදන අංශය

      Director - Industrial Products

      මනෝජා දිසනායක මහත්මිය
      අධ්‍යක්ෂ - කාර්මික නිෂ්පාදන

      කර්මාන්ත නිෂ්පාදන ක්ෂේත්‍රවල අපනයන කාර්ය සාධනය සංවර්ධනය, ප්‍රවර්ධනය සහ වැඩිදියුණු කිරීම නිෂ්පාදන සංවර්ධනය හා අනුකූලනය, තාක්ෂණය උසස් කිරීම, ගුණාත්මකභාවය සහ පැකේජිං වැඩිදියුණු කිරීම, පුහුණු කිරීම සහ වෙළඳපොළකරණය වැනි ක්‍රමානුකූල සහ ඒකාබද්ධ ප්‍රවේශයන් මඟින් සිදු කරනු ලැබේ. ජාත්‍යන්තර ආයතන සමඟ එක්ව තාක්ෂණික සහාය වැඩසටහන් සැලසුම් කර ක්‍රියාත්මක කරනු ලබන අතර, ක්ෂේත්‍ර විශේෂිත සංවර්ධන වැඩසටහන් සම්පූර්ණයෙන්ම පාලනය සහ සම්බන්ධීකරණය කරනු ලැබේ.

      මෙම අංශයේ නිෂ්පාදන ආවරණය රබර් සහ රබර් ආශ්‍රිත නිෂ්පාදන, ඇඟලුම් සහ රෙදිපිළි, මැණික් සහ ආභරණ, ඛනිජ සහ ඛනිජ ආශ්‍රිත නිෂ්පාදන, සෙරමික්, නාවික සහ නැව් නිෂ්පාදනය, වාහන කොටස් සහ ඉංජිනේරු නිෂ්පාදන, ජීවන රටාව හා හස්තකලා, ඖෂධ සහ අනෙකුත් අගය එකතු කළ කර්මාන්ත සහ නිෂ්පාදන ක්ෂේත්‍ර වැනි විවිධ අපනයන ක්ෂේත්‍ර රැසක් ඇතුළත් වේ.

      +94-11-2300726

      +94-11-2303025

      View Profile

    • අපනයන සේවා අංශය

      Director – Export Services

      ඉඳුමිණි කොඩිකාර මහත්මිය
      අධ්‍යක්ෂ – අපනයන සේවා අංශය

      මෙම අංශය මඟින් ICT/BPO/KPO ඇතුලත් වෘත්තීමය සේවා සපයන සහ විද්‍යුත් භාණ්ඩ නිපදවන සමාගම්වලට අපනයන වෙළඳපල අවස්ථා ලබා ගැනීමට සහාය ලබාදේ. ඒකාබද්ධ සැපයුම්, තත්ව, නිපුණතා සංවර්ධන වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම තුලින් වෙළඳපල අවශ්‍යතාවන්ට අනුකූලව භාණ්ඩ / සේවා නිපදවා ගැනීමට සහාය වීම තුලින් එම ව්‍යවසායකයන්ට තම අපනයන අදායම වැඩිකර ගැනීමටත් රැකියා මාර්ග ජනිත කරලීමටත් අවස්ථාව සලසා දෙනු ලැබේ. ICT/BPO/KPO අපනයනකරුවන් සඳහා වෙළඳපල සංවර්ධන වැඩසටහන්ද, සුළු හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන් සඳහා උපදේශන සේවාවන්ද ක්‍රියාත්මක කරනු ලබයි. එමෙන්ම මෙම ක්ෂේත්‍රයේ නියැලී ව්‍යවසායකයින් සඳහා අධ්‍යාපනික සම්මන්ත්‍රණ, පුහුණු වැඩසටහන් පැවැත්වීමටද කටයුතු කරනු ලැබේ.

      +94-11-2300723

      +94-11-2303862

      Veiw Profile

    • අපනයන කෘෂි අංශය

      Director – Export Agriculture

      ජනක් සංජීව බදුගම මහතා
      අධ්‍යක්ෂක – අපනයන කෘෂි අංශය

      විධිමත් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුලින් කෘෂිකාර්මික, ධීවර සහ මත්ස්‍ය වගා නිෂ්පාදනවල වටිනාකම් දාම වැඩිදියුණු කිරීම, තාක්‍ෂණය ඉහළ නැංවීම, තත්ත්ව වැඩිදියුණු කිරීම, සන්නාමකරණය සහ සන්නාම ප්‍රවර්ධනය, වෙළඳපල බුද්ධිය සැපයීම, වෙළඳපල ප්‍රවර්ධන වැඩසටහන් මගින් අපනයන කාර්ය සාධනය වැඩි දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම Pure Ceylon Cinnamon” සහ “Ceylon Spice” ලාංඡන සහ බලපත්‍ර නිකුත් කිරීම.

      අපනයන කෘෂිකර්ම අංශය ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරන්නේ තේ, කුළුබඩු සහ සාන්ද්‍ර, පොල් සහ පොල් ආශ්‍රිත නිෂ්පාදන, ඔසු සහ ආයුර්වේද නිෂ්පාදන, මුහුදු ආහාර සහ ජලජීවී නිෂ්පාදන, සැකසූ ආහාර, මින්මැදුර, ජලජ පැළෑටි වැනි නැවුම්/සැකසූ සහ අගය එකතු කළ නිෂ්පාදන, මල් වගාව සහ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදන අපනයන ප්‍රවර්ධනය කෙරෙහිය.

      EDB යටතේ පිහිටුවන ලද ජාතික කාබනික පාලන ඒකකය (NOCU)මගින් ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන කාබනික නිෂ්පාදනවල විශ්වසනීයත්වය සහ ප්‍රතිරූපය ආරක්ෂා කිරීම සඳහා කාබනික ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම් (වගා කිරීම, සැකසීම, වෙළඳාම, සහතික කිරීම, රසායනාගාර පරීක්ෂණ, ආනයනය සහ අපනයනය) අධීක්ෂණය කිරීමේ නිරතව සිටී

      +94-11-2300731

      +94-11-2304879

      View Profile

    • මුදල් අංශය

      Director - Finance

      කුසල් දිශාන්ත පෙරේරා මහතා
      අධ්‍යක්ෂක - මුදල් අංශය

      අපනයන සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයේ සහ ප්‍රාදේශීය කාර්යාලවල සංවර්ධන සහ පරිපාලන කටයුතු සඳහා සහාය වීම සඳහා කාර්යක්ෂම මූල්‍ය කළමනාකරණය සහ පාලනය සහතික කිරීම සඳහා මූල්‍ය ක්‍රියාකාරකම් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.

      +94-11-2300734

      +94-11-2300739

      View Profile

    • මානව සම්පත් කළමනාකරණ අංශය

      Director - Human Resources Management

      රිකා ගෆූර් මහත්මිය
      අධ්‍යක්ෂ - මානව සම්පත් කළමනාකරණ අංශය

      මානව සම්පත් කළමනාකරණය සහ පරිපාලන පිලිවෙත් සකස් කිරීම සඳහා වගකිව යුතු වන අතර පුහුණු වැඩසටහන් මගින් මානව සම්පත් හා කුසලතා සංවර්ධනය සහ ආයතනයේ සියලුම පරිපාලන කාර්යයන් ඉටු කිරීමට සහය වීම

      +94-11-2300736

      +94-11-2303329

      View Profile

    • ප්‍රතිපත්ති සහ උපාය මාර්ගික සැලසුම් අංශය

      Director Policy and Strategic Planning

      ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මෙන්ම ක්‍රියාකාරී සැලැස්ම ආයතනික සැලැස්ම සකස් කිරීම සහ අධීක්ෂණය කිරීම, අපනයනකරුවන්ට බලපාන සාර්ව ආර්ථික ගැටලු සම්බන්ධ අධ්‍යයන සිදු කිරීම, එවැනි ගැටළු මඟහරවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම, එහි බලපෑම අධ්‍යයනය කිරීම සඳහා තොරතුරු රැස් කිරීම සම්බන්ධීකරණය කිරීම. අන්තර්ජාතික වෙළඳාමේ සිදුවන වෙනස්කම් විශේෂයෙන් කලාපීය වෙළඳ කණ්ඩායම් සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීති රීති වලට අදාළව, අපනයන කාර්ය සාධනයට අදාළ සියලු සංඛ්‍යාන දත්ත විශ්ලේෂණය කර සකස් කිරීම.

      +94-11-2300729

      +94-11-2302922

      View Profile

    • තොරතුරු තාක්ෂණ අංශය

      Vacant at the moment

      අධ්‍යක්ෂ - තොරතුරු තාක්ෂණය

      ශ්‍රී ලංකාවේ නිෂ්පාදන සහ සේවා ප්‍රදර්ශනය කරන ජාලස්ථ වෙළඳ බිහිදොර මගින් මණ්ඩලයට කාර්යක්ෂම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයීම, විද්‍යුත් - සන්නිවේදන සේවා, විද්‍යුත් ප්‍රවර්ධන සේවා, www.srilankabusiness.com මණ්ඩලීය වෙබ් අඩවිය කිරීම, පරිඝණක දෘඩාංග හා මෘදුකාංග භාවිතය, ප්‍රවිශය සහ සම්පාදනය පිලිබඳ විද්‍යුත් - රාජ්‍ය ප්‍රතිපත්තියට අනුකූලව හිතකර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ප්‍රතිපත්තියක් පවත්වා ගැනීම.

      +94-11-2300679

      +94-11-2305211

    • වෙළඳ පහසුකම් සැලසීම් සහ වෙළඳ තොරතුරු අංශය

      Director - Trade Facilitation & Trade Information

      ආචාර්ය. එස්.යූ. රත්නසේකර
      අධ්‍යක්ෂක - වෙළඳ පහසුකම් සැලසීම් සහ වෙළඳ තොරතුරු අංශය

      වෙළඳ පහසුකම් සැපයීම තුළින් අපනයනකරුවන්ට වෙළඳ කාර්යක්ෂමතාව ළඟා කර ගැනීමට සහාය වීම, අපනයනකරුවන් මුහුණ දෙන අපනයන ආශ්‍රිත ගැටළු විසඳීම (අපනයනකරුවන්. ෆෝරම්), උපදේශන සේවා සැපයීම, අපනයනකරුවන් ලියාපදිංචි කිරීමේ යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම, ජාත්‍යන්තර වෙළඳාම පිළිබඳ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීම සහ පැවැත්වීම, වෙළඳ තොරතුරු සේවා සැපයීම වෙළඳ ආශ්‍රිත දත්ත පදනම් පවත්වා ගනිමින් අපනයන කාර්ය සාධනය වැඩි දියුණු කිරීම, යාවත්කාලීන ව්‍යාපාරික පුස්තකාල පහසුකමක් පවත්වා ගැනීම, ඇසුරුම් සංවර්ධනය හා පුහුණුව, ප්‍රකාශන, සම්මන්ත්‍රණ සම්බන්ධීකරණය කිරීම සහ ප්‍රදර්ශනවලට සහභාගී වීම.

      +94-11-2300724

      +94-11-2300676

      View Profile

    • නීතිමය ඒකකය

      Legal Officer

      දේවි තක්ෂිලා විජයරත්න මහත්මිය
      අධ්‍යක්ෂ - නීති

      නෛතික ආරවුල් විසඳීම, උසාවිවල සහ වෙනත් නීතිමය ආකෘති පත්‍රවල ගොනු කිරීමට නියමිත නීතිමය ලියකියවිලි සකස් කිරීම සහ වාණිජ ගිවිසුම්, කොන්ත්‍රාත්තු සහ බැඳුම්කර කෙටුම්පත් කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ EDB ක්‍රියාකාරකම්වලට අදාළව අපනයනකරුවන්ට නීතිමය ගැටළු පිළිබඳව උපදෙස් දීම.

      +94-11-2300718

      +94-11-2300715

      View Profile

    • ජාතික කාබනික පාලන ඒකකය

      Director NOCU

      අචිනි වීරවර්ධන මිය
      අධ්‍යක්ෂ - ජාතික කාබනික පාලන ඒකකය

      රට තුළ විශ්වසනීය සහ තිරසාර කාබනික කෘෂිකාර්මික වටිනාකම් දාමයක් සහතික කිරීම සඳහා වගා කිරීම, සැකසීම, වෙළඳාම, සහතික කිරීම, රසායනාගාර පරීක්ෂණ, ආනයන හා අපනයන වැනි කාබනික ආශ්‍රිත සියලුම ක්‍රියාකාරකම් නිසි ලෙස පාලනය කිරීම සහ අධීක්ෂණය කිරීම.

      +94-11-2300717

      +94-11-2304879

      View Profile

    • අභ්‍යන්තර විගණනය

      Internal Auditor

      කේ.එච්.ඒ.ජී.ටී. හෙට්ටිආරච්චි මයා
      අභ්‍යන්තර විගණන නිලධාරි


      මණ්ඩලයේ සියලු මූල්‍ය ගනුදෙනු විගණනය කිරීම පිළිබඳවත්, විගණකාධිපති විසින් අනුමත කරන ලද වාර්ෂික විගණන වැඩසටහන් කිරීම පිළිබඳවත් වගකිව යුතු වෙයි.

      +94-11-2300725

      +94-11-2300715

      View Profile

    • අපනයන සංවර්ධන මණ්ඩලයේ පළාත් කාර්යාල

      SLEDB පළාත් කාර්යාලය දකුණු පළාත

      1 වන මහල, අංක 5 ඒ, සී. ආරියතිලක මාවත
      මාතර,
      ශ්‍රී ලංකාව.

      +94-41-2231591

      +94-41-2231687

      SLEDB පළාත් කාර්යාලය මධ්‍යම පළාත

      අංක 675, 3 වන මහල,
      විලියම් ගෝපාලව මාවත,
      මහනුවර,
      ශ්‍රී ලංකාව

      +94-81-2233592

      +94-81-2201147

      SLEDB පළාත් කාර්යාලය වයඹ පළාත

      2 වන මහල, ජී-හය ගොඩනැගිල්ල,
      අංක 42, මිහිඳු මාවත,
      කුරුණෑගල,
      ශ්‍රී ලංකාව.

      +94-37-2221972 +94-37-2224256

      +94-37-2224256

      SLEDB පළාත් කාර්යාලය උතුරු පළාත

      NHDA ගොඩනැගිල්ල,
      වන සංරක්ෂණ කාර්යාල පටුමග, චුන්දිකුලි,
      යාපනය,
      ශ්‍රී ලංකාව.

      +94-21-2215944

      +94-21-2215944