• Alt

    Slogan first phrase Slogan second phrase

    Explore

  • Alt

    Slogan first phrase Slogan second phrase

    Explore

  • අධ්‍යක්ෂ - ප්‍රාදේශීය සංවර්ධන පැතිකඩ

    Director -Regional Development

    ඩී.එම්.පී. දිසානායක මහතා
    අධ්‍යක්ෂ - ප්‍රාදේශීය සංවර්ධන

    +94-11-2300701

    +94-11-2303028

    සුදුසුකම්

    • ආර්ථික විද්‍යා ශාස්ත්‍රපති – කැලණිය විශ්වවිද්‍යාලය
    • සමාජ සංඛ්‍යාලේඛන පිළිබඳ ප්‍රථම උපාධිය (විශේෂ) – ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

    ජාත්‍යන්තර පුහුණුව සහ වෘත්තීය සංවර්ධනය

    • අපනයන උපාය මාර්ග, වෙළඳපල සමීක්ෂණය සහ වෙළඳපල විවිධාංගීකරණය පිළිබඳ පුහුණු වැඩසටහන – ඩොන්ග් යුඊ විශ්ව විද්‍යාලය, බූසාන්, කොරියානු ජනරජය
    • ශ්‍රී ලංකාව සඳහා කුළුබඩු වගා කිරීම සහ සැකසුම් තාක්ෂණය පිළිබඳ පුහුණු පාඨමාලාව – චීන නිවර්තන කෘෂි විද්‍යා ඇකඩමිය (CATAS), හයිනාන් පළාත, චීනය
    • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා නවෝත්පාදන උපාය මාර්ග – ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය පිළිබඳ ජාතික ආයතනය, හයිද්‍රාබාද්, ඉන්දියාව
    • සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ හැඳින්වීම – ජාත්‍යන්තර වෙළඳ මධ්‍යස්ථානය (ITC)

    අත්දැකීම්

    • 01 අප්‍රේල් 2026 – අද දක්වා – අධ්‍යක්ෂ – ප්‍රාදේශීය සංවර්ධන අංශය
    • 01 සැප්තැම්බර් 2024 – 30 මාර්තු 2026 – වැඩබලන අධ්‍යක්ෂ – ප්‍රාදේශීය සංවර්ධන අංශය
    • 01 ජූලි 2017 – 31 අගෝස්තු 2024 – නියොජ්‍ය අධ්‍යක්ෂ – ප්‍රාදේශීය සංවර්ධන අංශය
    • 01 මාර්තු 2016 – 01 ජූලි 2017 – සහකාර අධ්‍යක්ෂ – ප්‍රාදේශීය සංවර්ධන අංශය
    • 01 අගෝස්තු 2008 – 29 පෙබරවාරි2016 – සහකාර අධ්‍යක්ෂ / ප්‍රාදේශිය ප්‍රධානී – හම්බන්තොට විශේෂ ශාඛා කාර්යාලය
    • 01 ජූලි 2007 – 30 ජූලි 2008 – සහකාර අධ්‍යක්ෂ – TradeNetSL, අපනයන සංවර්ධන මණ්ඩලය (EDB)

    රාජකාරී ක්ෂේත්‍රය

    අධ්‍යක්ෂ - ප්‍රාදේශීය සංවර්ධන, උපාය මාර්ගික සැලසුම්කරණය සහ සංවර්ධන මුලපිරීම් ක්‍රියාත්මක කිරීම තුළින් ජාතික අපනයන ඉපැයීම් සඳහා කලාපීය දායකත්වය ඉහළ නැංවීමේ වගකීම දරයි.

    ප්‍රාධාන වගකීම්:

    • අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) වැඩසටහන්/ක්‍රියාකාරකම් ප්‍රාදේශීය මට්ටමින් ක්‍රියාත්මක කිරීම
    • සැපයුම් දාම සංවර්ධනය, ධාරිතා ගොඩනැගීම, තත්ත්ව වැඩිදියුණු කිරීම සහ වෙළඳපල සංවර්ධනය සහ වෙළඳපල නිරාවරණය සඳහා වැඩසටහන් සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම.
    • පුහුණුව, දැනුවත් කිරීම සහ උපදේශන සේවා හරහා අපනයන-අභිමුඛ ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම
    • ප්‍රාදේශීය අපනයනකරුවන්ගේ ගැටළු විසඳීමට, ඔවුන්ගේ යෝජනා රැස් කිරීමට සහ රජයේ පහසුකම් සැලසීමේ ක්‍රියාමාර්ග සන්නිවේදනය කිරීමට ජාලකරණ සංසද පැවැත්වීම
    • ජාතික අපනයන සංවර්ධන සැලැස්මට (NEDP) සමගාමීව කලාපීය අපනයන සංවර්ධනය සඳහා ප්‍රතිපත්ති, උපාය මාර්ග සහ ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම
    • ප්‍රාදේශීය කාර්යාල හරහා ක්‍රියාත්මක වන වැඩසටහන් අධීක්ෂණය සහ මාර්ගෝපදේශනය
    • රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන් සහ දේශීය සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමඟ සහයෝගීතාවයෙන් පහසුකම් සැලසෙන සංවර්ධන ක්‍රියාකාරකම් මගින් කලාපීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ සහ කුඩා හා මධ්‍ය පරිමාණ අපනයනකරුවන්ගේ ධාරිතාව ඉහළ නැංවීම.
    • අපනයන වෙලඳපොලවල්, ගැනුම්කරුවන්, වෙළඳ තොරතුරු සහ ව්‍යාපාරික අවස්ථා වෙත ප්‍රවේශ වීමට කලාපීය අපනයනකරුවන්ට පහසුකම් සැලසීම