ජාතික අපනයන සංවර්ධන සැලැස්ම මෙන්ම EDB හි ක්‍රියාකාරී සැලැස්ම සහ ආයතනික සැලැස්ම සකස් කිරීම සහ අධීක්ෂණය කිරීම, අපනයනකරුවන්ට බලපාන සාර්ව ආර්ථික ගැටලු සම්බන්ධ අධ්‍යයන සිදු කිරීම, එවැනි ගැටළු මඟහරවා ගැනීම සඳහා ප්‍රතිපත්තිමය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම, බලපෑම අධ්‍යයනය කිරීම සඳහා තොරතුරු රැස් කිරීම සම්බන්ධීකරණය කිරීම. විශේෂයෙන් කලාපීය වෙළඳ කණ්ඩායම් සහ ලෝක වෙළඳ සංවිධානයේ (WTO) නීති රීති වලට අදාළව ජාත්‍යන්තර වෙළඳාමේ සිදුවන වෙනස්කම්, අපනයන කාර්ය සාධනයට අදාළ සියලු සංඛ්‍යාන දත්ත විශ්ලේෂණය කිරීම සහ සකස් කිරීම.